රජ තොප හෙලුවෙනි

 ||||| ටික්කාගේ කොලම



මහා මස් වැද්දා යලිත් නීතිය අතට ගෙන තමන්ගේ බත් බැලයන් කිහිප දෙනෙකු දමා විශ්ව විද්‍යාල සිසුන්ට පාඩමක් ඉගැන්වීමට යන්ත දැරීය. මේ මස් වැද්දා යනු කිසිවෙකු නොවේ. විමල් වීරවංශ සහ සමාන ලෙස රටේ ගරුත්වය ජාත්‍යන්තරව කෙළසූ මැරවින් සිල්වා නමැති ඔලු දෙකේ සත්වයාය. ඔහු කරන සියලු තක තීරු කම්, කියන අසමජ්ජාති කතා සහ නීතිය අල්ලට ගෙන රටේ සාමාන්‍ය මිනිසුන්ගෙන් පලි ගන්නා ආකාරය ගැන රජුට හැර අනෙක් සියලු දෙනාටම විලි ලැජ්ජාවක් මෙන්ම වෛරයක් ඇත. මෙවැනි මී හරකුන් සුදුසු වන්නේ දේශපාලනයට නොවේ. එනම් කිසිම මිනිස් වාසයකට නොසුදුසු දුපතක වල මී හරක් හරක් රංචුවක ගොපල්ලකු ලෙසය. ලංකාව තවමත් ඒ තත්වයට පත් වී නොමැති අතර එම තත්වයට පත් වී ඇතියි අදාල සිල්වා සිතන්නේනම් ජනාධිපති රාජපක්ෂ කළ යුත්තේ ඔහු ඇතුළු ඔහුගේ නඩය සුදුසු දුපතකට පිටුවහල් කිරීමය. මෙවැනි මීහරකුන් මිනිස් වාසය සඳහා සුදු නොවන බව අපි දැඩි අවදාරණයෙන් කියන්නෙමු.

මෙහි ඇති ශෝචනීය තත්වය කුමක්ද? එනම් අදාල සිල්වාගේ මානව හිංසන තිරිසන් මෙහෙයුමට පෙර දින ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ රටේ විශ්ව විද්‍යාලවල කළමනාකාරිත්වය සිසුන්ගේ විනය සැදීම සඳහා සාකච්චා කිරීමයි. රටේ විනය පිරිහී ඇත්තේ කොහේද යන වග යලි යළිත් අවධාරණය කළ යුතු නොවේ. රටේ විනය හදන්න යන ජනාධිපති දැකීමේදී මතක් වන්නේ එක්තරා ප්‍රවාද කතාවකි.

එය වූ කලි, එක්තරා ගුරුවරයෙකුට තම සිසුන්ට අඹුඩය ගැන පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ, එම පාසලේ සිසුන් අඹුඩය ගැන කිසිවක් නොදැන සිටි හෙයිනි. අදාල පාඩම එක පන්තියකට පමණක් සීමා නොකොට මුළු පාසලටම පැවැත්විය යුතු බව පසුව එම පාසලේ විදුහල්පතිගේ අතුලු අනෙක් කාර්ය මණ්ඩලයේ අදහස විය. පාඩම හොඳ හැටි ඉගැන්වීමට නම් තමන් අඹුඩයක් ඇඳ එය පාඩම අතරවාරයේදී සිසුන්ට පෙන්විය යුතු බවට අදාල ගුරුවරයා ඉටා ගත්තේය. දිනය උද විය. අදාල පාඩමට ඇහුන්කන්දීම සඳහා ලහි ලහියේ පාසැලේ සිසුන්ද එය කියාදීම සඳහා සිය ගුරුතුමාද තම තමන්ගේ වරයා එනතෙක් බලා සිටියහ. පාඩම පටන් ගැනුනි. තෙජවන්තයෙකු සහ අඹුඩ විශාරදයෙකු ලෙස පාඩම ගෙන ගිය අදාල ගුරුවරයාට අවස්ථාව උදා වූයේ තමන්ගේ අඹුඩය ළමයින්ට පෙන් වීමටය. ඔහු එය වීරයෙකු සේ කළේය. අහෝ!!! පෙන්වා ගතවූයේ මොහොතකි. එනම් කලබලය නිසා තමන්ට අඹුඩය ඇඳීමට නොහැකි වූ බව ඔහුට අවබෝධ වූයේ සියල්ල සිදුවීමෙන් පසුය. රටේ විනය හැදීමට වෙර දරන ජනාධිපති තුමාද රඟපාමින් සිටින්නේ අදාල අඹුඩ ගුරු තෙමේගේ භූමිකාව නොවේද? ඔහු අඹුඩය කියා යමක් පෙන්වයි, නමුත් එය අඹුඩය නොව ඔහුගේම හෙළුව බව ඔහු හැර අනෙක් සියල්ල දනිති.

දේශපාලනය නාමයෙන් මෙරට සිදුවන පට්ටපල් බොරුව විශ්ව විද්‍යාල සිසුන්ට වඩාත් හොඳින් අවබෝධ වේ. එවැනි බොරු කාරයින්ට තමන්ගේ විනය හැදීමට නොහැකි බව ඔවුහු හොඳින්ම දනිති. එසේම විනය යනු නිවටයින් ලෙස යටත් වී පව්කාරයින්ගේ සපත්තු ලෙවකෑම නොවන බව ඔවුහු දනිති. එසේනම්, ගරු රජතුමනි; පළමුව ඔබ හෙළුවෙන් බව සිතට ගෙන ඔබ වටේ සිටින, ඔබගේ ගැතතන්ගේ විනය හදා රටේ විනය හැදිය හැක්කේ නම් ඔබ තවත් අඹුඩ ගුරුවරයෙකු නොවනු ඇත. මන්ද ලංකාවේ පහුගිය ඉතිහාසය පුරාම බිහි වූයේ යට කී වර්ගයේ අඹුඩගුරුවරුය.
Tell a Friend