ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම තුළ මතභේද පුල්වේ



නික් බීම්ස් විසිනි


ඔක්තෝබර් 08 වන දින වොෂින්ටන්හිදී පවත්වන්නට යෙදුන ජාමූඅ අර්ධ වාර්ෂික රැස්වීම, ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර නැඟී එන මූල්‍ය හා වෙලඳ ගැටුම් මධ්‍යයේ, ගෝලීය ආර්ථීකය මන්දගාමී වීමේ බලපෑම පිලිබඳ බය බිරාන්තිය මඟින් අධිකාරවත් විය. ඒ දෙකින් එකක් සඳහාවත් විසඳුමක ප්‍රගතියක් අත්කර ගැනීමට එය අපොහොසත් විය. සැබවින්ම රැ ස්වීම හෙලිදරව් කලේ, ප්‍රධාන බලවතුන් අතර මතභේද,විශේෂයෙන්ම එක්සත් ජනපදය හා චීනය අතර, පුල්
වෙමින් තිඛෙන බවයි.

ඔක්තෝබර් 11 දින ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සටහන් කල පරිදි, —වොෂින්ටනය හා බීජිනය අතර එදිරිවාදිකම් අගල් තුල කෙරෙන යුද්ධයකට සමාන කිසිවක් ලෙසින් පැතිර යමින් තිබේ.˜ රැස්වීමට මඳකට පෙර ජාමූඅ විධායක අධ්‍යක්ෂ ඩොමිනික් ස්ට්‍රාවුස් ඛාන්, ප්‍රධාන කාර්මික රටවල පහත් වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස නරක අතට හැරෙන ගෝලීය විරැකියාව හා දේශපාලන අස්ථාවරත්වය යුද්ධයට පවා තුඩුදිය හැකි යයි අනතුරු ඇඟවීය.

—මෙම අර්බුදය අවධියේ ගෝලීය ආර්ථීකයට මිලියන 30 පමන රැකියා අහිමිවී තිබේ. එලඹෙන දශකයන්හිදී එය මුදුනෙහි මිලියන 450 දෙනා ශ්‍රම වෙලඳපොලට පිවිසීමට නියමිත අතර, අප සැබවින්ම අත්දකින්ට යන්නේ අහිමිවූ පරම්පරාවක් පිලිබඳ අවදානමටයි.˜
—ඔබට රැකියාව අහිමිවූ කල ඔබගේ ශරීර සෞඛ්‍ය නරක අතට හැරෙනු ඇත. ඔබට රැකියාව නැතිවූ කල ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය නරක තැනකට වැටෙනු ඇත. ඔබට රැකියාව නැතිවූ කල ඔබගේ සමාජ ස්ථාවරත්වය නරක අතට ද
ප්‍රජාතන්ත්‍රවාදයට හා සාමයට පවා තර්ජනයක් බවට ද පත්වනු ඇත.˜ කෙලින්ම නියෝජිතයන්ට කථාකරමින් ස්ට්‍රාවුස් ඛාන් මෙසේ පැවසීය. ඒවා එක් රොක් වන්නේ,—ඉතා අවිනිශ්චිත අනාගතයක් හමුවේ අවශ්‍යම මොහොතක ය. වර්ධනය ආපසු පැමිනෙමින් තිඛෙන නමුත්, අප සිය දෙනා දන්නා පරිදි එය බිෙඳන සු හා විෂමාකාරය.˜ ඉතිහාසය පෙන්නුම් කර ඇත්තේ
මූල්‍යය අවියක් ලෙස යොදාගැනීම සාර්ථක නොවන බවත් —ව්‍යසනයකට˜ පවා තුඩුදිය හැකි බවත් ය.

කෙසේ වෙතත්, ස්ට්‍රාවුස් ඛාන්ගේ මෙම දෙඩවිලිවලට, සියල්ලටත් වඩා දැවෙන ප්‍රශ්නය වන මුදලේ අගය පිලිබඳ ප්‍රශ්නය ද ඇතු එකදු මූලික ප්‍රතිපත්ති ප්‍රශ්නයක් ගැන හෝ ප්‍රමුඛ බලවතුන් එකඟත්වයකට ගෙන ඒමට සමත් වූයේ නැත.
නිර්යාත වැඩි කර ගැනීමේ ව්‍යාපාරයකදී එක්සත් ජනපදය, චීන රෙන්මින්බි හෙවත් යුවාන් මුදල යලි අගය කල යුතු බවට හා චීනය තම දේශීය ආර්ථීකය ප්‍රානවත් කිරීම සඳහා තවත් බොහෝ දේ කල යුතු බවට බලකර සිටියි. තම පාර්ශවයෙන් චීන බලධාරීන් අවධානය කලේ, තමන් සිය මුදලේ අගය ඉහල නැංවීමට එකඟවන නමුත් එය කල යුත්තේ
අනුක්‍රමයෙන් මිස —කම්පන ප්‍රතිකර්මයක්˜ තුලින් නොවන බවයි.

ජාමූඅ අවසාන ප්‍රතිපත්ති සම්පාදක කමිටු ප්‍රකාශයෙන්, —අතිරික්තයක් සහිත හා හිඟයක් සහිත රටවල වගකීම් හඳුනා ගනිමින් ගෝලීය වර්ධනයේ වඩා තුලනාත්මක රටාවක් දෙසට කටයුතු කරනු ඇති බවට˜ ප්‍රතිඥා දුන්නේය, —විනාශකාරී විය හැකි දැවැන්ත හා කැලඹිලිකාරී ප්‍රාග්ධන සංචලනයන්ගේ අභියෝගයට විසඳුම් දෙන˜ බවට ද එය දිව්රුවේය.
එහෙත් රැස්වීමෙන් පසුව ස්ට්‍රාවුස් ඛාන් පිලිගත් පරිදි භාෂාව —පලදායී˜ නොවූ අතර කරුනු කාරනා වෙනස් කිරීමට සමත් නොවනු ඇත.

සෑම ප්‍රමුඛ බලවතෙක්ම මූලික අවධානය තමන්ගේම අවශ්‍යතාවන් මත යොදනතාක් දුරට මහ බැංකු කරුවන් හා මුදල් ඇමතිවරු විසින් රැස්වීමට ඉදිරිපත්කල ප්‍රකාශයන්ගෙන් පෙන්නුම් කලේ පොදු ප්‍රවිෂ්ටයක් සඳහා පවතින අවස්ථා විරල බවයි.
එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර් විසින් කල ප්‍රකාශයෙන් ඇනතුරු ඇඟවූයේ ලෝක ආර්ථීකයට ඇති ප්‍රබලම අවදානම විශාලතම ආර්ථීකයන් —වර්ධනය අඩු ලංසුවෙන්˜ අත්කරගැනීම බවයි. එහෙත් නමින් සඳහන් නොකර ප්‍රකාශය ඉන්පසුව යොමුවූයේ, චීනය විවේචනය කිරීමටය.

—ප්‍රතිප්‍රාප්තිය තිරසාර වීමට නම්, ගෝලීය වර්ධනයේ රටාවෙහි වෙනසක් ඇතිවිය යුතුය. බොහෝ රටවල් කාලයක් තිස්සේ සිය ආර්ථීකයන් දිශානුගතකොට ඇත්තේ, අපගේ දේවල් මිලට ගන්නවාට වඩා ඔවුන්ගේ භාන්ඩ හා සේවා
බොහොමයක් එක්සත් ජනපදය ආනයනය කරනු ඇතැයි යන ගනන් බැලීම මත, රට තුල පාරිභෝජනය කරනවාට වඩා අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම දෙසටය.˜

ඩොලර් ටි්‍රලියන 2.5 ක් තරම් වන විදේශ මූල්‍ය සංචිත තබාගෙන ඇති චීනය පිලිබඳව තවදුරටත් කල විවේචනයේදී ගේත්නර් කියා සිටියේ, දැවැන්ත අතිරික්තයන් සහිත රටවල් තම තමන්ගේ දේශීය ඉල්ම ඉහල නැංවීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතු බවයි. —තමන්ගේ මුදල පහත් අගයකින් තබාගෙන ඇති රටවල් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම වැදගත් වේ.˜ —සංචිත ගොඩගසාගැනීමේ පුරුද්ද හා විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිලිබඳ සිය සන්නිරීක්ෂන ශක්තිමත් කල යුතු˜ යයි ඔහු ජාමූඅට කියා සිටියේය.

චීනයේ මහ බැංකු අධිපති ෂෝ ෂියාචුආන්, ප්‍රධාන ගෝලීය ගැටව වූයේ ධනවත් රටවල අසම්මත උත්තේජක පියවර, ඉහල නය හා පහත් පොලී අනුපාතික බව ජාමූඅ රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමග චීන බලධාරීන් ද තමන්ගේම විවේචන ඉදිරිපත් කිරීමට පටන් ගත්තේය.

ෂෝගේ ප්‍රකාශය තුල මෙසේ ප්‍රකාශ විය. —ප්‍රධාන සංචිත මුදල් හිමිකරුවන් විසින් අතිශයින්ම පහත් පොලී අනුපාතික හා අසම්මත මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යෑම, නැඟීඑන රටවල මූල්‍ය ප්‍රතිපත්ති සකස්කර ගැනීමේදී දැඩි අභියෝගයක් වී ඇත.˜ එක්සත් ජනපදය කෙලින්ම නම්කර නැතත්, මහ බැංකුකරුවාගේ දෝෂාරෝපනය එල්ල වූයේ
කොතැනකට ද යන්න ගැන සැකයක් නැත.

—ගෝලීය ආර්ථීක වර්ධනයට වඩාත්ම හානිකර˜ දියුනු රටවල ප්‍රතිපත්ති අධීක්ෂනය කරන ලෙස ෂෝවු ජාමූඅන් ඉල්ලා සිටියේය. විනිමය අනුපාතික මත අවධානය යොමු කිරීමෙන් සඵල ලෙසම දියුනු රටවල් —අරමුදලේ නිරීක්ෂනයෙන් බැහැර
වන්නේය.˜ —වර්තමානයේ වඩාත්ම මූලික ගැට වන්නේ, දියුනු රටවල් සිය මූල්‍ය පද්ධතිය පිලිසකර කර ගැනීමේදී
හා සංශෝධනය කර ගැනීමේදී පෙන්වා තිඛෙන මන්දගාමී ප්‍රගතිය මෙන්ම සිය මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායිතාවය සඳහා මුක්කුව දෙන ප්‍රතිපත්ති මත දිගටම විශ්වාසය තැබීමත්˜ බව ඔහු කියා සිටියේය.

—දියුනු රටවල වත්මන් හා එලඹෙන වසරේ කල් පිරෙන නය හා මූල්‍ය හිඟයන්ගේ දැවැන්ත පරිමාව සැලකිල්ලට ගන්නා කල, රාජ්‍ය නය අවදානම නෑම අවස්ථාවක ඉහල නැඟ ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි පද්ධතිගත බලපෑම් ජනනය කල හැකි˜ බව ඔහු පැවසීය. ඒ ආකාරයටම අනෙකුත් නායකයින් ද තමන්ගේ ජාතියේ ආසක්තයන් පෙරටුකොට ගත්තේය.
ජපන් මුදල් ඇමති යොෂිහිකෝ නෝඩා, යෙන් මුදලේ අගය පහත හෙලීම සඳහා විදේශ විනිමය වෙලඳපොලවල් තුලට ජපාන මහ බැංකුව කල මැදිහත්වීම පිලිබඳව එල්ලවූ විවේචන වලට පිලිතුරු වශයෙන් කියා සිටියේ, එහි අරමුන නිර්යාත
වෙලඳපොලවල් තුල වාසි බලාපොරොත්තුවෙන් යෙන් මුදලේ අගය පහතට ගෙනඑAම නොව, වෙලඳපොල ස්ථායිකරනය බවයි.

යුරෝ කලාපයේ මුදල් ඇමතිවරුන්ගේ සභාපති ජීන් ක්ලවුඩේ ජුන්කර්, පැරනි බලවතුන් මූල්‍ය ලෝකයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටි අතීත අවධිය කරා ආපසු යාමට වැඩි කැමැත්තක් දක්වනු ඇත. —ජී 20 ආකෘතිය තුල මූල්‍ය එකඟත්වයක් ඇතිකරගත හැක්කේ නෑවට වැඩි මිනිසුන් හා නෑවට වඩා ආසක්තයන් සැලකිල්ලට ගැනීමෙන් පමනි. zහොඳම
සංසඳය අමතරව චීනය ද ඇතුලත් ජී 7 වනු ඇත.˜ එනම් එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, කැනඩාව, ප්‍රන්සය,
ජර්මනිය, ඉතාලිය, හා ජපානයයි. සමහරු ලොල්වූ මනසකින් යුතුව කටයුතු කරයි. පසුගිය මාසයේ ජාත්‍යන්තර —මූල්‍ය යුද්ධයක්˜ ගැන අනතුරු ඇඟවූ බ්‍රසීලයේ මුදල් ඇමති ගයිඩෝ මැන්ටිගා පැවසුවේ සංග්‍රාමයක් මඟහැරගත හැකි බවට
තමන් ශ=භවාදී වන බවයි. —මා සිතන්නේ ජී 20 රැස්වීමේදී අපට, ප්ලාසා සම්මුතිය වැනි කිසියම් එකඟත්වයකට පැමිනිය හැකි බවයි.˜ ඔහු ඉන් අදහස් කලේ එක්සත් ජනපද ඩොලරයේ අගය පහතට තල් කිරීම පිනිස ප්‍රමුඛ රටවල් පහක් 1985 දී ඇති කර ගත් එකඟත්වයයි.

රට තුල මාධ්‍ය චක්‍රය වෙත හැර වෙනත් පුල් මාතෘකා පිලිබඳව සැලකිලිමත් වීමට අසමත් බව පෙනී
ගිය ස්ටේ්‍රලියානු භාන්ඩාගාර ලේකම් වේන් ස්වාන්,

තම සීමාව ද ඉක්මවා යමින් අවධාරනය කලේ, පසුගිය සතියේ තවත් රැකියා 95,000 ක් අහෝසිවී ගිය එක්සත් ජනපදයට වඩා ස්ටේ්‍රලියාවේ සේවා නියුක්ති තත්වය කෙතරම් නම් හොඳ ද යනුවෙනි.
දැන් අවධානය යොමුවනු ඇත්තේ ලබන මාසයේ දකුනු කොරියානු අගනුවර වන සියෝල්හිදී පැවැත්වීමට නියමිත ජී 20 රැස්වීම වෙතය. එහෙත් ජාමූඅ රැස්වීම පැවැත්වුනු ආකාරය දෙස බැලුවිට පැහැදිලි වන්නේ ඒ වන විට මතභේද තවදුරටත් තියුනු වියහැකි බවයි. Tell a Friend