නවකයින්ට කුඩමිමාගේ සැලකිලි! සෑබැ බන්ධනාගාර - 2 කොටස


ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ පරණ සිරකරුවන්ට නිළධාරින් පක්ෂපාතිත්වයක් දක්වන බවයි. පරණ සිරකරුවන් අලුතෙන් සිරකරුවෙක් ආවහම ඔහුට පහර දෙනවා. ඒ බව නිළධාරින්ට පැවසුවාම ඔවුන් බනින්නේ අලුත් සිරකරුවන්ටය.

හර්ෂි සි. පෙරේරා

කරුණාරත්නට වයස අවුරුදු 32කි. අවිවාහකයි. රැකියාව කුරුදු තැලිම කරගත් මොහු ගාල්ල කරන්දෙණියේ පදිංචිකරුවෙකි. අගෝස්තු 28 දින මොහුව බන්ධනාගාර ගත කරන ලදි.

මොහුව මුලින් එචි වාටිටුවටද පසුව ඒ එමි බි එකටද දමන ලදි. මෙම වාටිටු දෙකෙම තදබදය තිබිණි. සනිපාරක්ෂක පහසුමිකමිද හොද තත්වයේ තිබුණේ නැත. මෙම වාටිටු දෙකෙම රැදවියන් රෑට ගංජි බීමේ යෙදෙති.

බන්ධනාගාරයට යන්නට පෙර මෙහුව කරන්දෙණිය පොලිසියේ නිළධාරින් විසින් අමානුෂික ලෙස වධහිංසාවට පාත්‍ර කරන ලදි. ඔහු බන්ධනාගාරයේ දි තමාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය බව පැවසුවද ලබා දි තිබුණේ නැත. පසුව ස්වෙචිඡා සංවිධානයක් මැදිහත් වි ඒ බව සිරකරු සුබසාධක සංවිධානයට දැන්විමෙන් අනතුරුව මොහුව අධිකරණ වෛද්‍යය නළධාරි වෙත යොමු කරන ලදි.

අඳුනන නළධාරින් සිටින අවස්ථා වලදි සැලකිම හොදයි. එහෙම නැත්තමි කෑම පොලිමේ ඉන්න විට පෝලිම පැන්නා කියා ගහනවා. ඉට අමතරව අසභ්‍යය වචනයෙන් බනින බව මොහු කියනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ පරණ සිරකරුවන්ට නිළධාරින් පක්ෂපාතිත්වයක් දක්වන බවයි. පරණ සිරකරුවන් අලුතෙන් සිරකරුවෙක් ආවහම ඔහුට පහර දෙනවා. ඒ බව නිළධාරින්ට පැවසුවාම ඔවුන් බනින්නේ අලුත් සිරකරුවන්ටය.

නිළධාරින් රිමාන්ඩි එකේ ඉන්න රැදවියන් ගෙන් වැඩ ගන්නවා. කරුණාරත්න දින අටක් බන්ධනාගාරයේ සිට ඇත. ඔහු පිටවුයේ කසාන රෝගියකු ලෙසටයි. මිට පෙර මොහුට කසාන රෝගයක් තිබි නැත.

Tell a Friend