ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය රැුකගන්න රටෙහි වෙනසක් සිදුකළ යුතුයි - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය කියයි.

(January 25, Colombo, Sri Lanka Guardian) රටට අලූත් වෙනසක් අවශ්‍යව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මීට සුලූ මොහොතකට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියා. අද උදෑසන විජයග‍්‍රාහි ජනාධිපතිධුර අපේක්‍ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, හොරගොල්ල පිහිටි බණ්ඩාරනායක සමාධියට පුෂ්ප උපහාර දැක්වීමෙන් පසු හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේදි විශේෂ සාකාච්ඡුාවක් පවත්වනු ලැබුවා. සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රචන්ඩත්වය වපුරමින්, පවුල් පාලනයක් ගෙනයන වත්මන් ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකලාපය නතර කර රට ප‍්‍රජාත්නත‍්‍රවාදී මාවතකට ගැනීම සඳහා රටේ ජනතාව අලූත් තීන්දුවක් ගතයුතු බවයි.

ඉතිහාසයේ සිට විනයක් සහිතව කි‍්‍රයා කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද විනාශයට රැුගෙන යමින් තිබෙන බව ප‍්‍රකාශ කළ එතුමිය එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ශි‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටද ආරාධනා කර සිටියා. ¥ෂණය, භිෂණය වපුරමින් මුුලූ රාජ්‍යතන්ත‍්‍රයම විනාශ කරමින් රට ගෙනයන මෙම මාර්ගයෙන් ඉවතට ගෙන අලූත් රටක් ගොඩනැගීම උදෙසා එක්වන ලෙසට සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන්ම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉල්ලා සිටියා.
-Sri Lanka Guardian