(January 26, Colombo, Sri Lanka Guardian) රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය වු ඡන්ද අයිතිය කොල්ලකෑමට රජය දරණ උත්සාහය පරාජයට පත්කිරීම සඳහා සැවොම එක්විය යුතු බව විපකෂ නායක, එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද (25)පස්වරුවේ ජනාධිපතිධුර අපේකෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රජයක් හැටියට මේ ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හකුලා දැමීමට දරනා උත්සාහයට රටේ ජනයා හෙට දිනයේ ඉතා නිවැරදි පිළිතුරක් ලබාදෙනු ඇති බව තමා තරයේ විශ්වාස කරන බවයි. -Sri Lanka Guardian
Home Unlabelled ජනතාවගේ පරමාධිපත්‍ය බලය කිසිවෙකුටත් උදුරාගත නොහැකිය - රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය කිසිවෙකුටත් උදුරාගත නොහැකිය - රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
By Sri Lanka Guardian • January 26, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment