පුද්ගලීකරණය හා දූෂණ මර්දනය ගැන හොං කොං අත්දැකීම්

නිතිඥ බැසිල් ප්‍රනාන්දු

(December 18, Hong Kong, Sri Lanka Guardian) ලංකාවේ බෝහෝදෙනා අතර ඉතාමත්ම දැඩි විරෝධයට භාජනය වූ දෙයක් බවට පුද්ගලීකකරණය පත්වී ඇති බව ඉතා පැහැදිලිය. එයට හේතුව වූයේ රජය සතුවූ ව්‍යාපාර මගින් වැඩි හො`දවූ සේවයක් සිදුවූ නිසාම නොවේ. පුද්ගලිකකරණයත් සමගම මීට පෙර පැවති තත්ත්වයන් පවා නැතිවී ගොස් කලට වේලාවට හා නිසි ආකාරයට කිසියම්ම හෝ සේවයක් ලබැගැනිමේ හැකියාවන් නැතිවීයාම නිසා මිනිස්සු පුද්ගලිකකරණය කෙරෙහි ඉතා දැඩි විරෝධත්වයක් ඇතිකරගෙන සිටිති. එහෙත් අද වෙනත් ස්ථාන උදාහරණයක් වශයෙන් හොං කොං නගරය ගෙන බලන කල අපට පෙනීයන්නේ රටේ පවතින සෑම ව්‍යාපාරයක් මෙන්ම පුද්ගලික ව්‍යාපාර බවය. එහෙත් ගමනාගමනය නිසි ආකාරයට නිසි වේලාවට හා නිසිපහසුකම් වලට අනුව සිදුවේ. නොයෙක් ආකාරයේ වෙනත් පුද්ගලික සේවාවන් වලින් මිනිසුන් බලාපොරොත්තුවන සේවය ඔවුන්ට ලැබේ. එසේ වීමට හේතුව ලෙස පවතින සාධක මොනවාද?


එහි ප්‍රධානම සාධකය නම් ඉතා සාර්ථකව දූෂණ මැඩලීමේ හැකියාවක් රට තුල වර්ධන කරගැනීමට 1974 න් පසු කාලයේදී හොං කොං ජනතාව සමත්වීමය. එසේ දූෂණය නැති කිරිම පුද්ගලික සංස්ථාවන් කෙරෙහි බලපාන්නේ කෙසේද? උදාහරණයක් වශයෙන් යම් සංස්ථාවකට අදාල සේවයක් රජයෙන් ලබාගැනීමේදී ටෙන්ඩර් ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් එම සංස්ථාව ලබාගැනීම ස`දහා අවශ්‍ය ලිඛිත අවසරය හා අදාල හැකියාව ලබාගැනීම කරන ක්‍රියාමාර්ගය දූෂණයෙන් තොරව කිරීමේ ක්‍රියාමාර්ගයක් හොං කොං නගරය තුල ඉතා දැඩිව වර්ධනය කරගෙන ඇත. පාරේ යම් ප්‍රදේශයක බසයක් ධාවනය කරනවා යැයි සිතමු. එසේ කිරිම ස`දහා අවශ්‍ය අවසරය එම පුද්ගලික ආයතනය මගින් රජයෙන් ලබාගත යුතුය. එය කෙරෙන කිසියම් නිතිමය පිළිවෙලක් ඇත. ඒ පිළිවෙලට අනුව ඔවුන් ඉල්ලීම් කලහොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට එය ලැඛෙයි. එසේ නොකල හොත් එය ඔවුන්ට ලැඛෙන්නේ නැත. තවත් අයෙකුට වැඩි බලපෑමක මාර්ගයෙන් හෝ මුදල් ගෙවා ගැනීමේ මාර්ගයෙන්, මෙම නිතිමය ක්‍රියාමාර්ගය කෙරෙහි බලපෑම් දැමීමට ඇති ඉඩකඩ වසා ඇත.

මේ නිසා රටේ යම් අංශයකට පුද්ගලිකරණයක් තිබේ නම් ඒ සමගම ඒ පුද්ගලිකකරණයට අදාල වන්නාවු රෙගුලාසි පැනවීමක් සිදුවේ. නිති පැනවීමක් සිදුවේ. යම් අයෙකුට යම් බස් ධාවනය කිරීමට, යම් ප්‍රදේශයටක ඉඩදෙන කල, එම බස් ධාවනය කල යුතු වේලාවල්, එම බස් තබාගත යුතු පිළිවෙල එහි තබාගත යුතු පිරිසිදුකම ආදිය, එය තුල ආරක‍ෂාව ස`දහා ගත යුතු පියවරට අදාල වාහනයේ සුදුසුකම් පවත්වාගෙන යෑම, ධාවනය ස`දහා පවත්වත්වන්්නා වු සුදුසුකම් පවත්වාගෙන යෑමට ඇති දේ පිළිබ`දව රෙගුලාසි, වාහනය එළවන පුද්ගලයාගේ සුදුසුකම්, ඔහුට තිබිය යුතු රියදුරු පුහුණුකම් මෙන්ම, ශීලාචාරකම, ආදිය පිළිබ`දව තිබිය යුතු ඔහුගේ වාර්තාව, අපරාධවලින් තොර බව, බීමත්කම් පිළිබ`ද කිසියම්ම වාර්තාවලින් තොර බව ආදිය ඇත. එමෙන්ම එවැනි අයෙකුගේ පැවැත්මේ කිසියම් වරදක් සිදුවුව හොත් ඒ ස`දහා ගතයුතු විනය ක්‍රියාමාර්ගය, මේ සියල්ලද එම සංස්ථාව මත පැවරේ.

යම් සංස්ථාවකට යම් ආයතනයක් ගෙනයෑමට දෙන අවසරයත් සමගම එසේ කරන ආකාරය පිළිබ`දව වගකීම් විශාල ප්‍රමාණයක්ද එම පුද්ගලික ආයතනය මත පවරා, එම වගකීම් ක්‍රියාකරන බව හො`දින්ම වගබලාගැනීමේ හැකියාව රජය විසින් වර්ධනය කරගෙන ඇත.

දුම්රිය මු`එමනින්ම මෙන් පාලනය වන්නේ පුද්ගලිකවය. එහෙත් ඉතාමත්ම කාර්යක‍ෂම සේවයක් පවතින නිසා ඕනෑම අයෙකුට ඉතා සු`එකාලයක් ඇතුලත, තමන්ගේ ගෙදර සිට තමන් රැකියාව කරන ස්ථානයට හෝ පාසැලට හෝ යෑමට හැකියාව ඇත. දරුවන්ගේ ආරක‍ෂාව පිළිබ`දව, පාසැල්වලට යන එන දරුවන්ගේ ආරක‍ෂාව පිළිබ`දව, ගමනා ගමනයේදී ඉතා විශාල ආරක‍ෂා පියවරයන් ස`දහා නිති ඇති අතර ඒවා ක්‍රියා කිරිමට පුද්ගලික ආයතන දැඩිව බැ`දී ඇත. නොයෙක් මානසික හෝ ශාරිරික ආබාධ නිසා දුක්වි`දින්නන්ට පිළිබ`දව සහන සැලසීම පිළිබ`දව සහන සැලසීම පිළිබ`දව විශේෂ නිති හා රෙගුලාසි ඇති අතර, නිති රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ හැකියාව හා ඒවා ක්‍රියාත්මක කිරිමට නිසි ලෙස කිරීම, රජය මගින් කෙරේ.

රජය ඉතා කාර්යක‍ෂම වූ පොලිස් සේවාවක් වර්ධනය කරගෙන ඇත. පොලිස් සේවාවේ කාර්යය ජනාතාව තලා පෙලීම නොව රටේ පවතින නිතිය නිසිලෙස ක්‍රියාත්මක වනවාද යන්න අධීක‍ෂණයේ නිතරම යෙදීම මගින් මෙම පුද්ගලික සේවාවන් ඉතා නීතියට ඇති ආකරයට අනුව කෙරීගෙන යෑම සිදුවීම වගබලාගන්නේ පොලිසිය මගිනි. එම නිසා නීත්‍යානුකූල වූ හා නිතියට යටත්වූත් විනයට ගරුක වූත් පොලිසියක් සාධාගැනීමේ කොපමණ දැඩි සාධක ඇත්ද යන්න පෙනීයයි.

මෙම පුද්ගලිකකරණය හා බද්ධව පවතින්නේ සිය`එම සේවාවන් ඉතා පහසුවෙන් පවත්වා ගෙන යෑමට හැකියාවය. රජයේ සේවකයාගෙන් කෙරෙන වැඩ නිතියෙන් පාලනය වන නිසා සිදුවන යුතුකම් මගින් පුද්ගලික අංශය පාලනය වනු ලබයි. උදාහරණයක් වශයෙන් මැතිවරණ සමයක් තුල මැතිවරණයක් ගැන ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මහා විශාල ප්‍රචාරයන්ගෙන් හා විවිධ හිරිහැර වලට මහජනයා පත්කරණු නොලබයි. දේශපාලන පක‍ෂට අදාල අය ඔවුන්ගේ ප්‍රචාරයන් කිරිම පිළිබ`දව දැඩි නිති රීති ඇත. එම නිතිවලට යටත්ව මහජනතාවට හිරිහැර නොකර තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරිමට ඔවුන්ට හැකියාව ඇති අතර, ඊට ඉඩකඩ ද විශාල වශයෙන් ඇත. නමුත් එය කෙරෙන්නේ මහජනතාවගේ ජීවිතයට, එදිනෙදා කෙරීගෙන යන දේවලට අවහිරයක් හා බාධාවක් නෙවීම නිසාය. එම නිසා දැඩි පුද්ගලිකකරණයත් සමග සිද්ධවන දැඩි වශයෙන් ප්‍රචාරයනට භාජනය කිරීම සීමාකිරීම සිදුවන්නේද නිතිය මගිනි.

නිතිය ක්‍රියාමත්මක වන්නේ දූෂණ මර්ධනය තුලින් පමණමය. දූෂණ මර්ධනය පිළිබ`දව දක‍ෂ ක්‍රියාමාර්ගයක් වර්ධනය කරගැනීම තුලින් පුද්ගලීකකරණ නිතියට යටපත් කරගත හැකි අතර, නිතියට යටපත්කලාට පසු රජයේ මෙන්ම පුද්ගලික අංශයෙන්ද ජනතාවට සිදුවිය යුතු සේවාවන් සිදුකෙරේ. මෙම ක්‍රියාමාර්ගය ඉටුකර නොගෙන මේවා හුදෙක් දේශපාලඥයන්ට පැවරීම නිසා සිදුවන්නේ සදාකාලිකවම ජීවිතය හිරිහැරයක් බවට පත්කරන තත්වයකට ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවීමයි.
-Sri Lanka Guardian