(November 07, Colombo, Sri Lanka Guardian) ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ රජයට හිතවත් වෘත්තීය සමිති කීපයක නියෝජිතයින් සමඟ සෙත්සිරිපාය අමාත්‍යාංශ කාර්යාලයේදී අද දහවල් 1.30 ට පමණ පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙහිදී සාකච්ඡාවට සම්බන්ධ වී ඇති වෘත්තීය සමිති නියෝජිතයින් රජයට සම්බන්ධ වෘත්තීය සමිති පමණක් මෙම සාකච්ඡාවට කැඳවීම ගැන විරෝධය පල කර ඇති අතර මෙවැනි කි්‍රයාමාර්ග මගින් තව තවත් සේවක නොසන්සුන්තාව වැඩිවන බව පෙන්වා දී ඇත.
මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ බැසිල් රාජපකෂ මහතාගේ උපදෙස් අනුව මෙම සාකච්ඡාව කැඳවූ බවයි. මෙහිදී ලබන 11 වන දිනට යොදාගෙන ඇති තෙල් විදුලි වරාය හා ජලය ඒකාබද්ධව අකුරට වැඩකිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගය ගැන ඇමතිවරයා තම හිතවත් වෘත්තීය සමිති නායකයින්ගේ අවධානය යොමු කර ඇති අතර කෙසේ හෝ එම කි්‍රයාමාර්ගය නතර කරන ලෙස උපදෙස් දී ඇත. මෙහිදී යළිත් එම නියෝජිතයින් දැනට එය කළ නොහැකි බවත් වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව බහුතර සේවකයින්ගේ ස්ථාවරය බවත් ප්‍රකාශ කොට ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයෙකු අප හා පැවසුවේ සැබෑ කුමන්ත්‍රණය ඇත්තේ වෘත්තීය සමිති තුල නොව ආණ්ඩුව තුල බව මෙමගින් පැහැදිලි වන බවයි. -Sri Lanka Guardian
Home Unlabelled ඒකාබද්ධ වැටුප් සටන නැවැත්වීමේ බැසිල්ගේ කුමන්ත්‍රණය මහින්ද අමරවීර හෙළිකරයි
ඒකාබද්ධ වැටුප් සටන නැවැත්වීමේ බැසිල්ගේ කුමන්ත්‍රණය මහින්ද අමරවීර හෙළිකරයි
By Sri Lanka Guardian • November 07, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment