"වැටුප් වැඩිකරන ජනපති ප්‍රකාශයට කිසිදු පදනමක් නෑ"

(November 07, Colombo, Sri Lanka Guardian) රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැටුප් රු.5000/}කින් වැඩිකර ගැනීම, වතු සේවක දිනක වැටුප රු.500/} දක්වා වැඩිකිරීම යන ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් රටපුරා වැඩබිම් තුළ ආරම්භ කර ඇති උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් ඊයේ (05) දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපටදී පවත්වනු ලැබීය. වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකර ගැනීමේ අරගලය අරඹා රට පුරා වෘත්තීය කි්‍රයාමාර්ග උත්සන්න වීමත් සමඟ ලබන ජනවාරියේ වැටුප් වැඩිකරන බව ජනාධිපතිවරයාගේ රැවටිලිකාර ප්‍රකාශයට උද්ඝෝෂණයට සහභාගී වූ රාජ්‍ය සේවකයෝ දැඩි විරෝධය දැක්වූහ.

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි අදහස් දක්වමින්, වැඩකරන ජනතාවගේ වැටුප් අරගලය ආරම්භවීමත් සමඟ එය වෙනත් දිශාවකට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. ජනාධිපතිවරයා පසුගියදා ශී්‍රලනිප සමුළුවකදී කරන ලද ප්‍රකාශය එවැන්නක්. ලබන ජනවාරියේ වැටුප් වැඩිකරන බව සඳහන් ප්‍රකාශයට කිසිදු පදනමක් නෑ. 2010 වසරට අවවැයකුත් නෑ. තිඛෙන්නේ අතුරු සම්මත ගිණුමක්. එහිත් වැටුප් වැඩිවීම ගැන සඳහනක් නෑ. ජනවාරියේ වැටුප් වැඩිකරනු ලබන බව කියන ප්‍රකාශයට පාර්ලිමේන්තු අනුමැතියකුත් නෑ. මෙවැනි පදනම් විරහිත ප්‍රකාශවලින් වැඩකරන ජනතාව රවට්ටන්න උත්සාහ කරනවනම් මේ ආණ්ඩුව ගෙදර යැවීම හැර වෙනත් විකල්පයක් නැතැයි මෙහිදී සඳහන් කළේය.
-Sri Lanka Guardian