ලැඛෙන ඩොලර් ගොඩකට කෑදර සිතින් ආණ්ඩුව සම්මත කළ මෙම ඊනියා පනතට අද අප ආයතනය තුළ බලවත් විරෝධයක් ගොණු වෙමින් තිබේ. මෙම විනාශයෙන් අප ආයතනය ගලවා ගත හැකිය. එය කළ හැක්කේ බියගුල්ලන්ට නොව ඒ සියළු අනතුරුවලදී අපත් සමග අරගල බිමට පැමිණි මේ මහා සමුළුවේ අසුන්ගෙන සිටින අභිමානවත් සටන්කාමී ලංවිම සේවක සොයුර සොයුරිය ඔබටය.
(November 02, Colombo, Sri Lanka Guardian) ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශේෂ මහ සමුළුවක් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංගපීටයේදී අද උදේ පැවැත්විණි.
2009 ජනවාරී සිට ලබාදිය යුතු වැටුප් වර්ධක ලබාගැනීම සඳහා වූ ඉදිරි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග සම්මත කර ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් නියෝජනය කරන සියළුම වෘත්තීය සමිති සන්ධාන ගතවී මෙම සමුළුව කැඳවා තිබුණි. එහිදී විශේෂ සමුළු යෝජනාවක් ගෙන එමින් විදුලි සේවකයින් සඳහා 2009 ජනවාරී සිට ලබාදිය යුතු වැටුප් වැඩිවීම හිඟ මුදල් සමග වහාම ගෙවන ලෙසත් එසේ නොමැති නම් වැටුප් වැඩිවීමක් ලබාදෙන තෙක් 2009 ජනවාරී සිට හිඟ මුදල් සමග මාසිකව රුපියල් 5000/}ක් ලබාදෙන ලෙසත් ආණ්ඩුවට බලකර සිටි අතර එය ඉටු නොවන්නේ නම් නොවැ. 11 සිට ඛනිජ තෙල්, වරාය සහ ජල සම්පාදන සේවකයින් සමඟ එක්වී අකුරට වැඩකිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට යෝජනා කර සිටි අතර සමුළුවට සහභාගී වූ සියළුම සේවකයින් එම යෝජනාව දකුණත ඔසවා සම්මත කළහ. මෙම සමුළුවට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට අමතරව වරාය අධිකාරිය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය නියෝජනය කරමින් එහි වෘත්තීය සමිති නායකයෝ රැසක්ද සහභාගි වී සිටියහ. මෙහිදී සම්මත කර ගත් සමුළු යෝජනා පහත පලවේ.
විශේෂ සමුළු යෝජනාව
විදුලිබල, ජල සම්පාදන, වරාය සහ ඛනිජ තෙල් යනු රට තුළ තිඛෙන ප්‍රබලම සේවාවන් සපයන ආයතන හතරකි. මෙම ආයතන හතරේ සේවකයින්ට තම වැටුප් වැඩිවීම ලැඛෙණුයේ වසර තුනකට වරකි. එහෙත් පාලකයින් මෙවර මෙම ආයතන හතරේ සේවකයින්ට ලබාදිය යුතු 2009 වසරේ ජනවාරී මාසයේ සිට හිමි වැටුප් වැඩිවීම ලබානොදීමට ගත් තීරණය හා ඊට අදාලව කරනු ලබන ප්‍රකාශයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින මෙම මහා සමුළුව ඉතාමත් යුක්ති සහගත සාධාරණ මෙම ඉල්ලීම ඉටුකිරීමට නොපමාව කටයුතු කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටිමු. ආණ්ඩුව විවිධ කුමන්ත්‍රණ ගැන කියමින් වැඩකරන ජනතාවට ඒකරාශී වීමේ අයිතිය අහිමි කිරීමේ අසාර්ථක උත්සාහයක නියැළෙමින් සිටී. ඒ සියළු උත්සාහයන් පරාජය කරමින් මුළු රටටම විදුලිය සපයන, ජලය සපයන, ඛනිජ තෙල් සපයන හා අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයන ආයතන හතරෙහිම ප්‍රබල පළල්ම වෘත්තීය සමිති එකතුව මේ වනවිට නිර්මාණය කර ගැනීමට සමත් වීමම අප ලැබූ ප්‍රබලම ජයග්‍රහණයකි.
එය ලාංකීය වැඩකරන ජනතාවට මහත් ආස්වාදයක් ගෙන දෙන්නකි. දැවැන්ත ශක්තියකි. ඒ වගේම එම ආයතන හතරේ වෘත්තීය සමිති එකතුව මගින් මේ වනවිටත් තීරණය කර ඇති 2009 ජනවාරී සිට සේවකයි්නට හිමිවිය යුතු වැටුප් වැඩිවීම කප්පාදුවකින් තොරව හිඟ මුදල් සමග වහාම ලබාදිය යුතු යන ඉල්ලීමටත් වැටුප් වැඩිවීම ප්‍රමාද කරන්නේ නම් වැටුප් වැඩිකරන තෙක් අවමය රු. 5000/}ක දීමනාවක් 2009 ජනවාරී මස සිට වහාම හිඟ මුදල් සමඟ ගෙවීමට කටයුතු කළ යුතු යැයි යන ඉල්ලීමටත් සිය අනුමැතිය පලකරන්නීය. ඒ වගේම විවිධ කාරණා කියමින් මෙම ඉල්ලීම්වලට කන් නොදී අත්තනෝමතිකව තවදුරටත් සේවකයින් පීඩාවට පත්කරමින් ආණ්ඩුව තම වගකීමෙන් මගහැරීමට කටයුතු කරන්නේ නම් 2009. නොවැ. 11 වන දින සිට මෙම ආයතන හතරේම වෘත්තීය සමිති ඒකාබද්ධව කි‍්‍රයාත්මක කිරීමට දැනටමත් සුදානම් කර ඇති අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයට පූර්ණ කි‍්‍රයාකාරී සහභාගිත්වය ලබාදිය යුතු බවට මෙම මහා සමුළුව යෝජනා කර සිටී.
01. ලංකා විදුලි පුද්ගලික සමාගම යනු ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් 51%ක් ඇති රාජ්‍ය සමාගමකි. ආණ්ඩුව ලංවිම සතු මෙම කොටස්වලින් ප්‍රමාණයක් පළමුව මහා භාණ්ඩාගාරයට පැවරීමටත් පසුව පෞද්ගලික බලපත්‍රලාභී සමාගම් වෙත විකිණීමටත් හොර රහසේම කටයුතු කරමින් සිටී. මෙය ලංවිමේ පැවැත්මට බරපතල තත්වයක් ඇතිකරන බැවින් මෙම තීරණය වහාම හකුලා ගන්නා ලෙස මෙම මහා සමුළුව ආණ්ඩුවට බලකර සිටී.
02. ලංවීම සේවකයින්ට වසර අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනාව දශකයකට ආසන්න කාලයක් පුරා වැඩිකර ගෙවීමට මෙතෙක් කටයුතු කර නැත. එසේ තිබියදී 2008 වසරේ ප්‍රසාද දීමනාවෙන් රු. 5000/} මුදලක් කප්පාදු කිරීමට පාලකයින් දැරූ උත්සාහය පරාජය කිරීමට ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයට හැකිවිය. මේ තත්වය දැඩි සැලකිල්ලට ගනු ලබන අප එළඹෙන දෙසැම්බර් මස ප්‍රසාද දීමනාව ලබාදෙන විට ඒ සමග වෙනු ලබන රු.5000/} මුදල රුපියල් 15000/} දක්වා වහාම වැඩිකරන ලෙස යොජනා කර සිටී.
03. 1969 නොවැම්බර් මස 01 වන දින ස්ථාපිත කරන ලද ලංකා විදුලි බල මණ්ඩලය අද එනම් 2009 නොවැ. 01 දිනට සිය 40 වන සංවත්සරය සමරනු ලබයි. 1969 පෙර විදුලි දෙපාර්තමේන්තුව ලෙසත් 1969 පසු මණ්ඩලයක් ලෙසත් මෙම අනගිබවනීය අයතනය මෙරට ජනතාවට, රටට කල සේවය ඉමහත්ය. එම සේවය රටට ලබාදීම සඳහා තම දහදිය, ලේ සහ ජීවිත කැප කළ සියළුම දෙනා අතිමහත් ගෞරවයෙන් යුතුව මෙම 40 වන සංවත්සරය යෙදෙන අද අප මහත් භක්තියෙන් යුතුව සිහිපත් කළ යුතුය.
සංවත්සරය සැමරිය යුත්තේ නියමිත සංවත්සර දිනට මිස වෙනත් දිනක නොව එහෙත් එය නියමිත දිනට සමරනවා වෙනුවට තම නොහැකියාව මොනවට පෙන්නුම් කරන පාලකයින් කරනු ලබන්නේ එය තමන්ට ලේසි හා පහසු දිනක සැමරීමය. අද පාලකයින්ගේ සංවත්සර දිනය හිස් විහිළුවක් බවට පත්වී ඇත. පසුගිය කාල වකවානුව පුරාම අප ආයතනයට අනතුරක් පැමිණි සෑම මොහොතකම තම වගකීම, යුතුකම පැහැර හැරිය පාලකයින් එම විනාශයට නියමයෙන් හෝ අනියමින් දායක වූ පාලකයින්ට එය බහුතරයත් සේවකයින්ගේ දායකත්වයෙන් නියමිත දිනට සැමරීමට නොහැකි වීම දෛවයේ සරදමකි. එහෙත් ඔබත් අපත් හදවතේ ගැඹුරුම තැනින් දැඩි භක්ති ආදරයෙන් නියමිත දිනට සමරන්නේ ඒ මහා සමුළුවයි. එනම් මේ මහ සමුළුවේදී ගනු ලබන තීන්දු තීරණ අපේ ආයතනයේ පැවැත්මට හිතකර ලෙස ගනු ලබන තීරණයි.
ඒ අනුව මේ මොහොත යනු මෙම ආයතනයේ සේවය කරන වත්මන් පරපුරට තම කර මත පැටවී ඇති වගකීම යුතුකම කෙබඳු විය යුතුද යන්න සිතා බැලීමට බලකරමින් සිටී. පැරණි පරපුරේ සිට නව පරපුර දක්වා අප සියළු දෙනාගේ දහදියෙන් ලෙයින් පරී ඉතිරි ගිය අප සතු දැවැන්ත ජලාශ පද්ධතිය, රැහැන්පද්ධතිය, බලාගාර ඇතුළු භෞතික හා මානව සම්පත මෙම අභිමානවත් ආයතනය සමඟ විකුණා දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.
මෙම උත්සාහයේ ආසන්නතම අනතුර ලෙස මර්ධනයක් දියත් කරමින් පසුගිය මාර්තු 03 වන දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශී‍්‍ර ලංකා විදුලිබල පනත හැඳින්විය හැක. මෙම ඊනියා පනත අද ලංවිම විනාශය කරා ඇදගෙන යමින් තිබේ. මෙම පනතට අනියමින් හෝ නියමයෙන් සහාය දැක්වූ සියල්ලෝද මෙම අනතුර ඉදිරියේ අද විකෂිප්ත වී සිටී. ජාත්‍යන්තර ණය දෙන මූල්‍ය ආයතනවල ඉල්ලීමට අනුව ණය ලෙස
ලැඛෙන ඩොලර් ගොඩකට කෑදර සිතින් ආණ්ඩුව සම්මත කළ මෙම ඊනියා පනතට අද අප ආයතනය තුළ බලවත් විරෝධයක් ගොණු වෙමින් තිබේ. මෙම විනාශයෙන් අප ආයතනය ගලවා ගත හැකිය. එය කළ හැක්කේ බියගුල්ලන්ට නොව ඒ සියළු අනතුරුවලදී අපත් සමග අරගල බිමට පැමිණි මේ මහා සමුළුවේ අසුන්ගෙන සිටින අභිමානවත් සටන්කාමී ලංවිම සේවක සොයුර සොයුරිය ඔබටය.
එබැවින් 2009 මාර්තු 03 වන දින ආණ්ඩුව සම්මත කරනලද ශී‍්‍ර ලංකා විදුලිබල පනත වහාම අවලංගු කළ යුතු යැයි මේ මහා සමුළුව රජයට බලකර සිටී. -Sri Lanka Guardian
Home Unlabelled වරාය, ඛනිජ තෙල් සහ ජලය සමග එක්වී නොවැම්බර් 11 සිට අකුරට වැඩ
වරාය, ඛනිජ තෙල් සහ ජලය සමග එක්වී නොවැම්බර් 11 සිට අකුරට වැඩ
By Sri Lanka Guardian • November 02, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment