(October 09, Colombo, Sri Lanka Guardian) අවුරුදු 30 ක් මේ රටේ පැවැති ඛෙදුම්වාදී යුද්ධය නිසා ඇත්ත සමාජ ආර්ථීක ප්‍රශ්න ජාතික දේශපාලනයේ ප්‍රධාන මාතෘකා බවට පත්නොවූ බවත් එහෙත් යුද්ධය නිමා වීමත් සමග ජාතික දේශපාලන වේදිකාවේ එම ප්‍රශ්න සාකච්ඡාවීමට පටන්ගෙන ඇති මොහොතක ආණ්ඩුවට ඒවාට උත්තර නැති නිසා නැති බිල්ලෙකු මවා පාන්න උත්සාහ කරන බව පා.ම. ලාල්කාන්ත ආණ්ඩුවට චෝදනා කරයි.
ලාල්කාන්ත මේ බව පැවසුවේ අද පැවැති සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ 13 වෙනි වාර්ෂික මහ සමුළුවට සහභාගි වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත ආණ්ඩුව පවසන ජාත්‍යන්තර යුධ අධිකරණ කුමන්ත්‍රණය බොරුවක් බවත් එමගින් මේ රටේ වැඩකරන ජනතාවගේ ඇත්ත ප්‍රශ්න තවදුරටත් යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් පැවසීය. ඉල්ලීම් 08ක් මුල්කරගෙන දැවැන්ත වෘත්තීය සමිති කි්‍රයාමාර්ගයකට ඉදිරියේදී සියළුම වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන බවත් ඒ සඳහා වැඩකරන ජනතාව පෙළගැස්වීම වෘත්තීය සමිතිවල වගකීම බවත් වැඩිදුරටත් පැවසීය. -Sri Lanka Guardian
Home Unlabelled සමාජ ආර්ථීක ප්‍රශ්න යටකරන්න ආණ්ඩුව අලූත් බිල්ලෙක් සොයනවා ලාල්කාන්ත
සමාජ ආර්ථීක ප්‍රශ්න යටකරන්න ආණ්ඩුව අලූත් බිල්ලෙක් සොයනවා ලාල්කාන්ත
By Sri Lanka Guardian • October 09, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment