නුවන් චින්තක
(October 22, Colombo, Sri Lanka Guardian) හිටිහැටියෙම ඔන්න මම පියාඹන්න පටන් ගත්ත. කොච්චර උඩින් පියාඹනවද කිව්වොත් බිම බලන්නත් බයයි. මම සමනලයෙක් වත් වෙලාද? අනේ මන්දා.. සමනළයෙක් කොහොමද මෙච්චර උඩකට පියඹන්නේ..එහෙනම්.. මම උකුස්සෙක් වත් වෙලාද? අනේ මන්දා.. එහෙනම් කෝ මගේ දිග හොටය, විසාල පියාපත් යුවළ, කෝ ලොකු පොඩි සැමට රැකවරණය.. අනේ මන්දා.. මම හිතන් උන්නෙ උකුස්සෙක් කියන්න දන්න එකම හිංගල වාක්කිය ඒක කියල.. කොහෙද ඉතින් පොඩිකාලේ ඉඳන් ඇහුනේ ඕකමනේ... ඒත් මට ඔය මුකුත් මේ වෙලාවේ නැහැනේ...පියාපත් පිහිටලවත් නැහැ.. මගේ අත් දෙක කුරුසයකට තියල ඇන ගහල වගෙයි.මට හරිම වේදනයි.. අල්ල මැදින් ඇණ ගහල ලී කණු දෙකක.. හරියටම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ වැගෙයි.
පැහැදිලිවම මොන වරදක් කරාටද? ඒත් මම මෙච්චර උඩකට ගිහින් තියෙන්නෙ කාගෙ හරි වරදින්ද? නැතිනම් මං කරල තියෙන පෙර පිනකටද? අනේ මන්දා.. මේ අහස් තලයම ඝණ අඳුරක් වසා ගෙනය. මම ඔහේ පා වෙනව කුරුසයක් පිටේ බැඳගෙන දෙයියනේ ... එක අතකට මේ කුරුසය බිම දිගේ ඇදගෙන යනවට වඩා නම් මෙය සැපකි. මට තිබ්බ ලොකු හීනයක් උඩින් යන්න. මෙච්චර තාක්සණේ දියුණු යුගයක මට ඇති එකම දුක මම මේ උඩින් යන ගමන පෘථිවිය මත ප්‍රධාන පාලක මැදිරියක් ඔස්සේ සකළ ලෝක වාසින්ටම දැන ගන්න අවස්තාවක් දෙන්න නොලැබීමයි. මොනව කරන්නද? මේ ගමන මම වත් කලින් දැනගෙන සිටි ගමනක් නොවෙයි නේ...
කොහොම වුනත් මගේ අත් දෙකට ඇන ගහල තියෙන එක ගැන නම් මට කිසිම මනාපයක් නැත.කොටින්ම මට පිට කසා ගැනීමටවත් බැරිය. පිට කැසීමට කෙනෙකු සිටියා නම් කොයි තරම් අගනේද? මගේ සියළු වේදනා දුරලන්නට ඇත්තේ මේ සීත වැහිබර සුලඟ විතරයි. පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොලොවත් මුවූ සේක. පොලොව වනාහි පාළුව හිස්ව තිබුණා, ගැඹුර පිට අන්ධකාරය විය. මැවීව ගැන ශුද්ධ වූ බයිබලයේ ලියැවිච්ච දේ හරියටම හරි බව සියැසින් දැක්කෙමි. මේ මා වසන මහ පොලොවම දැයි මට උඩින් යන මේ වෙලාවෙ හිතා ගන්න බැහැ. මහ පොලොව පාළු වෙලා නේනන්ම්. මට මහා අමනුෂ්‍ය බියක් දැනෙන්නට වුණි. මේ මිහිතලයට බට පළමු මිනිසා දකින්න මම වැර වීරිය ගෙන පොලොවට බඹ දස දහස් ගනනක් උඩි පියාඹමි. දෙවියන් වහන්සේ තව මොකද්දෝ මවන්න සැරසෙයි.දෙයියනේ මම මහා ඝණ අඳුර විනි විද ගෙන දැඩි සුලං මධ්‍යයේ ඉදිරියටම ඇදෙමින් සිටිමි.වේදනා බර මගේ කුරුසගත කයද රැගෙන ඇදෙමින්...මෙන්න ඔහු එළිය මැව්වා.... කදිමයි! එළිය යහපත් බව දෙවියන් වහන්සේ පැවසූ බව මගේ සාක්කුවේ තිබ්බ අදිතාක්සනික ජංගම දුරකතනයට එස්එම්එස් පුවත් පණිවුඩය ලැබුණි.
දෙයියනේ... දෙවියන් වහන්සේ ඔබ කොහිද? ජීව මානව මා ඉදිරියේ පෙණී ඉන්න දෙයියනේ... මට ඔබට ස්තුති කරන්න අවශ්‍යයි. මා මේ මොහොතේ මගේ සාහෝදරයන්ට කතා කොට කිව්වෙමි, දෙවියන් වහන්සේ එළිය මැවූ බවත් මෙතෙක් අප ඉඳ ඇත්තේ අඳුර තුල බවත් එළිය යනු අඳුරේ විරුද්ධ පදය බවත්ය . දෙවියන්ට ස්තුති වේවා! -Sri Lanka Guardian
Home Unlabelled මැවීමක් ගැන සිහින දැකීම!
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment