(October 26, Colombo, Sri Lanka Guardian) යල්පැනගිය සේවා ව්‍යවස්ථාව තුළ මතුවන දුර්වල මානව සම්පත් කළමනාකරණයත් තක්සේරු ශ්‍රේණියේ සේවක සංඛ්‍යාව වැඩිනොකිරීමත්, උපාධිධාරී බදු නිලධාරීන්ගේ සේවාස්ථ ගැටලූ මෙතෙක් නොවිසඳීමත්, 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතින් තක්සේරුකරුවන්ගේ බලතල කප්පාදු කිරීමත් ඇතුළු දේශීය ආදායම් සේවකයින්ගේ මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමටත් විරෝධය පා දේශීය ආදායම් වෘත්තීය සමිති අද සිට විරෝධතා සතියක් ආරම්භකරන බව වාර්තා වේ.
මෙම සතිය තුළ කළුපටි බැදීම, කෑම පැයේ උද්ඝෝෂණ, දැනුවත් කිරීම් ආදිය මගින් විරෝධතාව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය දේශීය ආදායම් වෘත්තීය සමිති එකතුව විසින් කි‍්‍රයාත්මක කරන අතර දේශීය ආදායම් සේවා සංගමය, දේශීය ආදායම් විධායක නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගමය යන සංගම් මෙම එකතුවට ඇතුලත් බව දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලෙAකම් අජිත් පුෂ්ප කුමාර කියා සිටියේය. -Sri Lanka Guardian
Home Unlabelled දේශීය ආදායම් විරෝධතා සතිය අද ඇරඹේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment