ජනපතිට එරෙහිව යාපනයේදී විරෝධතා


ඊයේ (15) දිනයේදී තෛපොංගල් දින රාජ්‍ය උත්සවය සැමරීමට ජනපති රනිල් වික්‍රමසිංහ යාපනයට ගිය අතර ඔහුට එරෙහිව විරෝධය දක්වමින් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් මෙම උත්සවය වර්ජනය කෙරුණි. එමෙන්ම, ජනපතිගේ යාපන‍යේ සංචාරයට විරෝධය දක්වමින් දමිළ විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදහන්වූවන්ගේ මව්වරුන් විසින් දැවැන්ත විරෝධතාවක් ද දියත් කළ අතර ආයුධ සන්නද්ධ හමුදා ප්‍රහාරයක් මොවුන්ට එරෙහිව එල්ල කෙරුණි. ඇතිවූ ‍විරෝධතාවත් සමග ජනාධිපතිවරයා පිටව ගොස් ඇත.

යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ විරෝධතාව තෛපොංගල් උත්සවය පැවති ස්ථානය දෙසට ගමන් කරමින් සිටියදී හමුදාව මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හා වෙනත් මාර්ගවලින් ප්‍රහාර එල්ල කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති (නල්ලි ඇතීනම්) ප්‍රධාන හින්දු ස්වාමිවරයා ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. මෙම නල්ලි ඇතීනම් ස්වාමිවරයා දෙමළ ප්‍රදේශවල දැවැන්ත මිලිටරි පිරිස් 1983 ට පෙර මට්ටමට අඩු කිරීමට නායකත්වය දුන් තැනැත්තා මෙන්ම ශ්‍රී ලංකා‍වේ දිග්ගැස්සුනු දෙමළ ගැටුමට ජාත්‍යන්තර වශයෙන් ප්‍රායෝගික දේශපාලන විසඳුමක් සමඟින් ජාත්‍යන්තරව පවත්වනු ලබන හා අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයක් පැවැත්වීමට නායකත්වය දුන් තැනැත්තා ද වේ.

EIN Presswire ඇසුරිනි.