ඇත්තටම ෆේල් කවුද?

මෙම සිදුවීමේදී ජනාධිපති රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය නිවැරදිය. හරීන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා නිර්දය ලෙස විවේචනය කරමින් සිටින්නේ රටට ඇති ආදරයකට නොව තමන්ගේ අසමත්කම වසා ගැනීමටය.

කතුවැකිය 

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා විවේචනය කිරීම ගැන විවිධ පාර්ශවයන් විවිධ කතා ඉදිරිපත් කරමින් සිටිති. ඇතැම් දේශපාලන බුද්ධිමතුන් යැයි කියාගන්නා අයවලුන් හරීන්ගේ ක්‍රියාව වීරකමක් ලෙස දකිති. එසේම ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඊට ලබාදුන් ප්‍රතිචාරය විවේචනය කරති. 

නමුත් අපි මෙම මන්ත්‍රීවරයාගේ කතාව දකින්නේ, බූරුවෙකු තමන් අශ්වයෙකු යැයි සිතාගෙන කරනු ලැබූ මෝඩ රඟපෑමක් ලෙසය. බූරුවාගේ තොල් අශ්වයෙකුගේ කටට නොගැලපෙන බව මේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නම් කෙතරම් සුන්දර වනු ඇත්ද අපේ ප්‍රජාතන්ත්‍රවාදය? 

නමුත් අපි මෙම මන්ත්‍රීවරයාගේ කතාව දකින්නේ, බූරුවෙකු තමන් අශ්වයෙකු යැයි සිතාගෙන කරනු ලැබූ මෝඩ රඟපෑමක් ලෙසය. බූරුවාගේ තොල් අශ්වයෙකුගේ කටට නොගැලපෙන බව මේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නම් කෙතරම් සුන්දර වනු ඇත්ද අපේ ප්‍රජාතන්ත්‍රවාදය?  නිවැරදිව ජනතාව ඒකරාශී කරගත හැකි විකල්පයක් නැති නිවට විවේචන වලට දේශපාලනික අනාගතයක් නැත.  අශ්ව වෙස් ගෙන සිටින එවැනි බූරුවන් රාශියක් මෙරට දේශපාලන ප්‍රජාව තුළ සිටිති. මොවුහු කිසිවකුට, දේශපාලන දැක්මක් නැත. ඇත්තේ තම ශරීර දේශපාලනය වෙළඳාම් කොට ජනතාව මුලා කිරීමේ හැකියාව පමණි. මොවුහු දවසේ වැඩි කාලයක් ගංජා බී විඳින මතින් තම මනදොල පිනවා ගැනීම සඳහා පුරුදු වූ සිටින පශ්චාත්-මනුෂ්‍යය (පොස්ට්-හියුමන්) ප්‍රජාවේ කොටසකි. 

මෙම සිදුවීමේදී ජනාධිපති රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය නිවැරදිය. හරීන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා නිර්දය ලෙස විවේචනය කරමින් සිටින්නේ රටට ඇති ආදරයකට නොව තමන්ගේ අසමත්කම වසා ගැනීමටය.  මෙම කණ්ඩායම මේ ආකාරයෙන්ම, ඔවුහු සමග දේශපාලනික වශයෙන් දීගයක් කෑමට ගොස් හොට බිම ඇනගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විවේචනය කළේය.  එහිදී ජනාධිපති සිරිසේන මහතා කළ වරද වූයේ, එවැනි අයවලුන්ට නිසි ප්‍රතිචාර නොදැක්වීමය.  ඒ නිසා ඔවුහුට එරෙහි විවේචන ඔහු කළ හොඳ කටයුතු ඉතාම නීරස් ලෙස යටපත් කරනු ලැබීය. 

විනයක් නැති මිනිහෙකුට රටක් තබා ගෙදරක්වත් නඩත්තු කළ නොහැකිය. විනයක් ඇති කරගැනීම සඳහා වැදගත් වන මූලික මෙවලම වන්නේ තමන් කතා කරන බාසාවේ විනය ප්‍රගුණ කිරීමය. නමුත්, ලංකාවේ දේශපාලනයේ නිරතවී සිටින බොහෝ තරුණ මන්ත්‍රීවරුන් සොයන්නේ හිස් ප්‍රසිද්ධිය පමණි. මොවුන්ට රාජ්‍යයක් දියුණු කිරීම උදෙසා අවශ්‍යය දැනුම හෝ ඒ සඳහා වුමණාව නොමැත. එසේම, මොවුහු බොහෝ දෙනෙකු බුද්ධිමය වශයෙන් දූෂිත පිරිසකි.  ඉර බැස ගිය පසු ගංජා සුරුට්ටුවක් බීමෙන් ලැබෙන වින්දනය මගින් රාජ්‍යයන් තබා අරුවක්කාරු ප්‍රදේශයේ කුණුගොඩවත් පරිපාලනය කළ නොහැකිය. එය ඔවුහු ක්‍රියාවෙන්ම ජනතාව ඉදිරියේ ඔප්පු කරනු ලැබූහ. ඇත්ත නම්, ඔවුහු අසමත් හිස් මිනිසුන්ය. 

හිටිහැටියේම තම මැතිවරණ කොට්ඨාශය තුළ වෙසෙන ඡන්ද දායකන් මුලාවේ හෙළීම සඳහා කුරුසය සහ දෙවියන් වහන්සේ මතක් වී ඇත.  තමන්ගේ කරේ දමාගෙන සිටින කුරුසය සහ දෙවියන් කෙරෙහි තමන්ගේ විශ්වාශය ගැන කටමැද දෙඩීමෙන් වැඩක් නැත. සත්‍යය නම්, ශුද්ධ වූ බයිබලයේම සඳහන් කර ඇති පදිරි, තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද දකින්නේ කුහකයින්ය.    

ත්‍රස්වාදීන් විසින් පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් බෝම්බ ගැසීමට නියමිත බව තම පියා අනතුරු අඟවන විට වෙන මිනිහෙක්නම් කළ යුතුව තිබුනේ තම  දේශපාලන ප්‍රතිවාදීන්ට මඩගැසීම සඳහා භාවිතා කරන සමාජමාධ්‍යය මෙවලම් භාවිතා කොට ජනතාව දැනුවත් කිරීමය. ඒ වෙනුවට ලොම් හැලුණු සුනඛයෙකු නැට්ට අදෝ  ප්‍රදේශයේ ගසා හැංගී සිටින්නා සේ හැංගී සිටියේය. පියාගේ උපදෙස අකුරටම පිළිපදිමින් තම ජීවිතය බේරා ගෙන නිරායුධ පුරවැසියන්ගේ ජීවිත බිල්ගන්නා ආකාරය දෙස බලා සිටියේය. මහත්තයෝ, සැබෑ ශාපය එයයි.  

ජේසු සමිදාණන් දේශනා කළ පරිදි පළමු ගල ගැසීමට හැක්කේ ශුද්ධ වන්තෙකුයෙකුටය. නමුත් එවැනි ශුද්ධවන්තයින් මෙරට දේශපාලනයේ හෝ පාර්ලිමේන්තුවේ නැත. ඉන්නේ යම් කිසි නායකයෙකු තම උපරිම වීරියෙන් යම්කිසි අර්ථවත් කටයුත්තක් රටේ යහපත වෙනුවෙන් සිදු කරන විට ඊට අකුල් හෙළන කුහකයින් පිරිසකි. ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම සඳහා ගමන් කිරීමට හැකි දේශපාලන මගක් නැතුව අතරමං වී සිටින මෙවැනි කුහකයින් පළමුව ගල් ගසා ගත යුත්තේ තම ආත්ම වලටය.