නිරෝධායන මධ්‍යස්ථාන සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ



‘කොවිඩ් -19’ වෛරසය පැතිරී ඇති විදේශ රාජ්‍යයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අද (10) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ.