කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පළමු රෝගියා දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනයට ලක්කර තිබෙන බවත් මෙම රෝගියාගේ පුත්‍රයාට ද රෝගය වැළඳී ඇතැයි කටකතාවක් පැතිර යන අතර එය මුළුමනින්ම අසත්‍යයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අදාළ තැනැත්තාගේ පුත්‍රයා අධ්‍යාපනය ලබන අතර කිසිලෙසකින්වත් පාසල වසා නැති බවට විදුහල් පරිපාලනය පවසයි. එමෙන්ම, සිය දරුවන් අද දිනයේදී වහාම පාසලෙන් ඉවත් කරගන්නා ලෙසට මාපියන්ට දැනුම් දී නැති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.
Post a Comment