කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය වැඩපිළිවෙළ හා වත්මන්ත ත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (6) සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී අදහස් දැක්වූ ඇය පැවසුවේ,
“ජාතික ක්‍රියාකාරි කමිටුව හරහා ගුවන් තොටුපලවල් පමණක් නොව වරායත් සම්බන්ධ කර ගනිමින් නැව්වලින් පැමිණෙන අයත් අප පරික්ෂාවට ලක් කරනවා. ඒ සඳහා ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට පත්‍රිකාවක් ලබා දෙන අතර ඒම තොරතුරු පරිගණක ගත කර මෘදුකාංගයක් මගින් ඔවුන් යන එන ස්ථානවල තොරතුරු පරික්ෂා කෙරෙනවා. එතරම් සූක්ෂම සහ දැඩි ක්‍රියා මාර්ග අප යොදාගෙන තිබෙනවා. මෙසේ දැන් පවතින තත්ත්වයෙන් කොරෝන වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීමට කටයුතු කිරීම හා චීනය සමග ඇති මිත්‍රත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීම ගැන ගරු ජනාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් චීන තානාපතිතුමාගේ විශේෂ ගෞරවයත් ප්‍රශංසාවත් පුද කළා”
මෙහිදී කෙරෝනා වෛරස් පැතිරීමේ වර්තමාන තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ දැනට එක් රෝගියෙකු පමණක් හමු වී ඇති බවත් සැකකටයුතු රෝගීන් 16 දෙනෙකු ප්‍රදේශ කිහිපයක රෝහල්වල පරික්ෂාවට භාජනය කර ඇති බවත්ය.
Post a Comment