නව ජාතික බුද්ධි පනතක්

බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමට නීතිපතිවරයාට යොමුකිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන්ට රාජකාරී වගකීම් පැවරීම, ඔවුන්ට මුක්තිය ලබාදීම, බුද්ධි අංශ වෙත නෛතික අවකාශ නිර්මාණ කිරීම ආදී අරමුණු ඇතිව මෙම පනත කෙටුම්පත් කිරීමට නියමිතය.



මේ අනුව නිශ්චිත බලතල අනුව බුද්ධි අංශ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර බුද්ධි අංශ නියාමනයටත් කිරීමට නියමිතය.