ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සති දෙකක කාලයක් ඇතුළතදී ලංකාවේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් දියත් කළ සොයාබැලීම්, ප්‍රශ්න කිරීම් හා බිය ගැන්වීම් ගැන මාධ්‍යවේදීන් බියට පත්වී තිබෙන බව Reporters Without Borders (RSF) අද (3) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
2018 දෙසැම්බර් 12 දින නිකුත් කරන ලද අවලංගු වූ වරෙන්තුවක් භාවිත කරමින් නිව්ස් හබ්. ඩොට්. එල්.කේ වෙබ් අඩවි කාර්යාලයේ සිදුකළ සෝදිසි කිරීම, ‘තින්නපුවල්‘ දමිළ පුවත්පතේ සංස්කාරක ශක්තිවේලෛයි ප්‍රකාශ් පසුගිය නොවැම්බර් 25 වැනිදා වව්නියාව පොලීසිය මගින් ප්‍රශ්න කිරීම, ලීඩර්. ඩොට්. එල්කේ සංජය ධනුෂ්ක මාධ්‍යවේදියා හා වොයිස්ටියුබ් වෙබ් අඩවියේ තුෂාර විතාරණ සී.අයි.ඩී ය මගින් ප්‍රශ්න කිරීම ආදිය මෙහිලා උදාහරණ සේ දක්වයි.
RSF හි ආසියා පැසිෆික් කලාප ප්‍රධානී ඩැනියෙල් බස්ඩර්ඩ් පවසන්නේ, ප්‍රවෘත්ති සපයන ස්වාධීන ආයතන සම්බන්ධයෙන් කරන ලද මෙම වැටලීම් නිසා ගෝඨාභය රාජපක්ෂගේ පාලනයක් තුළ මාධ්‍ය නිදහසට කෙලෙස ගරු කරනු ඇත්දැයි යන්න ගැන පූර්ව ඉඟි ලබාදෙන බවයි.
‘මාධ්‍යවේදීන් බිය ගැන්වීම් වලට යටත් නොවී ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩදෙන ලෙස පොලීසියට පැහැදිලි නියෝග නිකුත් කරන ලෙස අපි නව රජයෙන් ඉල්ලා සිටිමු‘ යන්න ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.
Post a Comment