RTI ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ


තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම් පනත  ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය හා තොරතුරු  දැනගැනීමේ පනතට අදාළ ඉල්ලීම් මාර්ගගත ක්‍රමයට (Online) ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය එළිදැක්වීම අද (11) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීරගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

මීට සමගාමීව ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සකස් කරන ලද රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි එළි දැක්වීමද අද දින සිදුවිය.

මෙම අවස්ථාව සඳහා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ සබරගමු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පියතිස්ස රණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රුවන් සත්කුමාර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයවිලාල් ප්‍රනාන්දු, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක චමින්ද්‍රි සපරමාදු, නීතීඥ ජගත් ලියනආරච්චි ඇතුළු පිරිස සහභාගී විය.