මෙවර 'ආලකමන්දාව' තුළින් ඈෂ්ලි රත්නවිභූෂණ


ජාතික රූපවාහිනියෙන් අද (1) දින රාත්‍රී 10.30 ට විකාශය කිරීමට නියමිත 'ආලකමන්දාව'  රූපවාහිනී වැඩසටහනින් කතාබහට ලක්වන්නේ ප්‍රකට සිනමා විචාරකයකු සහ ජාත්‍යන්තර සිනමාව පිළිබඳව විද්වතෙකු වන, ආසියානු සිනමා කේන්ද්‍රයේ (Asian Film Center) සභාපති සහ ආසියා පැසිෆික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ කේන්ද්‍ර ජාලයේ (NETPAC) සම-සභාපති සහ ජූරි සම්බන්ධීකාරක වන ඈෂ්ලි රත්නවිභූෂණ පිළිබඳවය. අන්තර්ජාතික සිනමා උළෙලයන් රාශියකම ජූරි සභාපති, ජූරි සාමාජික ලෙසින් කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලාංකීය චිත්‍රපට අන්තර්ජාතික උළෙලයන්ට හඳුන්වාදීමෙහිලා පුරෝගාමියෙකු වුවෙකි.



'සිනෙසිත්' ශාස්ත්‍රීය සිනමා සඟරාවේ හා රජයේ චිත්‍රපට අංශය පිළිබඳ වූ 'ප්‍රතිබැහැදැක්ම' ග්‍රන්ථයේ සංස්කාරක ලෙසද, ඉංග්‍රීසි භාෂිත කෘතීන් වූ LIP - Lester James Peries, Life and Work (2004)/ An Incomplete Sentence - The Cinema of Dharmasena Pathiraja (2009)/ Malani Up Above හි සම සංස්කාරකද, Profiling Sri Lankan Cinema (2000)/ Early Sri Lankan Cinema and its Association with the South Indian Film Industry හි සම කර්තෘද විය.



අන්තර්ජාතික සිනමා විචාරක සම්මේලනයේ (FIPRESCI) සාමාජිකත්වය දරන ඔහු, 1999 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පවත්වන ලද පළමු සාර්ක් සිනමා උළෙලේ වැඩසටහන් සම්පාදකවරයා (Festival Programmer) විය. අන්තර්ජාතික සිනමා උළෙලයන් කිහිපයකම උපදේශකයෙකු ලෙසින් කටයුතු කරන ඔහු, කොළඹ අන්තර්ජාතික සිනමා උළලේ (2015 දී) ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදකවරයා ලෙසින් කටයුතු කරන ලදී.