චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවය බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්රයේදී උණුසුම් ලෙස පැවැත්විණ. සාංවත්සරික උත්සවය සමගින් උද්යෝගවත් හමුදා උත්තාමාචාරයක් එහීදී පැවැත්විණ. එය චීන හමුදාව ප්රතිසංස්කරණයෙන් පසු පැවති ප්රථම හමුදා උත්තමාචාරයයි. මෙවර හමුදා උත්තාමාචාරයට එක්වූ භට පිරිස 15 දහසක් පමණ වූහ. මෑත වසර කිහිපයක් තුළ පැවැති විශාලත ම හමුදා උත්තාමාචාරය ලෙසට එය හැඳින්වේ. ලක්ෂයක සිවිල් වැසියන් ගෙන් සමන්විත ජන පෙළපාලියකින්ද එය සමන්විත විය.
ගෙවී ගිය වසර 70 තුළ, චීන ආර්ථික හා සමාජ සංවර්ධනය විශ්ව අවධානයට ලක් ව තිබේ. දුප්පත් මෙන්ම දුර්වල රටක සිට ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථික ඒකකය දක්වාත් වෙළඳ භාණ්ඩ ගනුදෙනු විශාලත ම රට දක්වාත්, වැඩි ම විදේශ සංචිත හිමි රට දක්වාත්, විදේශයන්හී ආයෝජන සිදු කරන දෙවැනි විශාලතම රට දක්වාත් චීනය පත් වී තිබේ.
චීන ජාතියේ ස්වාධීනත්වය, ජනතාවගේ විමුක්තිය, රටේ සමෘද්ධිය සහ ජනතාවගේ සුභ සෙත වෙනුවෙන් අමරණීය දායකත්වය දැක්වූ විප්ලවවාදී මුතුන් මිත්තන් හා දිවි පිදූවන් ගැඹුරු ලෙස සිහිපත් කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීනයේ සංවර්ධනය පිළිබඳව සැලකිලිමත් වන සහ සහයෝගය දක්වන විවිධ රටවල මිතුරන්ට ෂී ජින් පිං මහතා එහිදී සිය හෘදයාංගම ස්තුතිය පළ කළේය.
කිසිදු බලවේගයකට චීනයේ ඉදිරි ද ගමනට බාධා එල්ල කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ වර්තමානයේ සමාජවාදී චීනය නැගෙනහිර ලෝකයේ ස්ථීර ලෙස නැඟී සිටින බවයි. කිසිදු බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කළ නොහැකි බවත් කිසිදු බලවේගයකට චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා එල්ල කළ නොහැකි බවත් හෙතෙම ප්රකාශ කළේය.
Post a Comment