අගමැති හා කනිමෝෂි කරුණානිධි අතර හමුවක්


ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කනිමෝෂි කරුණානිධි ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පසුගියදා (13) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දියානු දූත පිරිස දෙරට අතර පවතින සබඳතාව තවදුරටත් වර්ධනය කරගත යුතු බව පෙන්වා දුන්හ.

පලාලි කලාපීය ගුවන්තොටුපල හා ඉන්දියාවේ නගර 04ක් අතර නොදුරු අනාගතයේදී ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවාව හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් ද සහභාගි විය.