නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දේ


පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (5) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන්හ.


ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබීය.


ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම් දීම සිදුවිය.