මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, මාලදිවයින් අමාත්‍යවරු සහ දූත පිරිස වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා (15) අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ට හිතකර සාමකාමී හා ආරක්ෂිත රටක් බව ලෝකයට ම පෙන්වා දීම මේ සංචාරයේ අරමුණ බව මාලදිවයින් නියෝජිතයෝ පැවසූහ.
දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් මේ සංචාරයට එක්වීම පිළිබඳව අගමැති වික්‍රමසිංහ මාලදිවයින් නියෝජිත පිරිස වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට ජෝන් අමරතුංග, රවී කරුණානායක, අජිත් මාන්නප්පෙරුම, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාඩ් බදුර්දීන්, මුජිබුර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන සහ අගමැති ලේකම් සමන් ඒකකනායක ඇතුළු පිරිස සහභාගී වූහ.
Post a Comment