ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ, බෝම්බ පුපුරුවන අන්තවාදය පෝෂණය වුණේ මුස්ලිම් සමාජයේ බවත් මෙම අන්තවාදය වළක්වා ගැනීමට නොහැකිවීමේ වගකීම ඔවුන් භාරගත යුතු බවත්ය.
එළඹෙන 16 වැනිදා ප.ව. 4.00ට අන්තවාදයට හා ජාතිවාදයට එරෙහි සියලු බලවේග එකතු කර ගනිමින් විහාරමහාදේවී උද්‍යානය අසල දැවැන්ත සත්‍යග්‍රහයක් පවත්වන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
එළඹෙන 16 වැනිදා ප.ව. 4.00ට අන්තවාදයට හා ජාතිවාදයට එරෙහි සියලු බලවේග එකතු කර ගනිමින් විහාරමහාදේවී උද්‍යානය අසල දැවැන්ත සත්‍යග්‍රහයක් පවත්වන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
සියලුදෙනාට අවශ්‍ය වුණේ ජන ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමයි
21 වැනිදා අවාසනාවන්ත ප්‍රහාරයෙන් පසුව සති තුනක් ගතවී තිබියදී තවමත් එයින් අපේ රටට මිදෙන්න බැරිවෙලා තිබෙනවා. එදින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රට ඉතා අනතුරුදායක තත්වයකට පත්වුණා. ජනතාව තුළ විශාල බියක්, සැකයක් නොසන්සුන්තාවයක් ඇතිවෙලා තිබෙනවා. දැන් සිදුකළ යුතුව තිබෙන්නේ, බිය සැක දුරු කරලා නැවතත් සාමාන්‍ය තත්වයට රට ගෙන ඒම සහ ඉස්ලාම් අන්තවාදීන් මුළුමනින්ම පරාජය කිරීමයි. අපේ රටේ ආරක්‍ෂක අංශ එම ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් මැඩ පැවැත්වීම සඳහා මැදිහත් වුණා. අන්තවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව තිබූ විවිධ අවි අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ යාන්ත්‍රණය අඩපණ කළා. ඒ වගේම පොදු ජනතාව කලබල නොවී ආරක්‍ෂක අංශවලට සහයෝගය ලබාදුන්නා. පසුගිය සති තුනක කාලය ගතවුණේ මෙහෙමයි. සියලුම දෙනාට අවශ්‍ය වී තිබුණේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමයි.
එසේ තිබියදී පසුගිය දවස් දෙක-තුනක කාලය තුළ නැවතත් රට තුළ නොසන්සුන්තාවයක් ඇතිකොට තිබෙනවා. කුරුණෑගල, හලාවත සහ ගම්පහදී ජාතිවාදී ගැටුම් කිහිපයක් වාර්තා වුණා. 21දා සිදුවුණු ඉතාමත් හානිකර අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එම වේදනාව එසේම තිබියදී එය සමහන් කිරීමට බාධා කරමින් නැවත වටයකින් අවස්ථාවාදී අන්තවාදී පිරිසක් ගැටුම් නිර්මාණය කරමින් සිටිනවා. පහුගිය කාලයේ සිංහල මෙන්ම මුස්ලිම් නායකයොත් ජාතිවාදය පෝෂණය කළා. ඊළඟ බලයට එන්න බලාගෙන ඉන්න කණ්ඩායම්, ජනාධිපති හීන දකින පුද්ගලයින් එම ජාතිවාදයට උදව් කළා. දැන් හෙළිදරව් වෙලා තිබෙන කරුණුවලට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන කාලයේ අන්තවාදීන්ට සහ ජාතිවාදීන්ට එකම ගිණුමෙන් මුදල් ලබාදීලා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ ජනතාව තුළ බියක් හදලා එම භීතිය පාවිච්චි කරලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. ඔවුන්ගේ වුවමනාවන් ඉටුකරන ජාතිවාදී, අන්තවාදී සුළු කණ්ඩායමක් ගැටුම් හදන්න කටයුතු කරනවා. මේ ගැටුම් නිසා නැවත වතාවක් මර්දනය කරන්න හදන අන්තවාදයට හිස ඔසවන්න ඉඩක් හදනවා. ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා සාධාරණීකරණය කරගන්න අවස්ථාවක් හදලා දෙනවා.
මෙම ජාතිවාදී ගැටුම ජනතාවට හිතකර නැහැ
මෙම ජාතිවාදී ගැටුම ජනතාවට හිතකර දෙයක් නොවෙයි. මුළුමහත් සමාජයටම බරපතළ හානි ගෙන දෙන්නක්. ආරක්‍ෂක අංශ තවමත් මෙහෙයුම් කරමින් තිබෙන්නේ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමටයි. එවැනි අවස්ථාවක රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිකිරීම තුළින් සිදුවන්නේ ආරක්‍ෂක අංශවල අවධානය එම ජාතිවාදී ගැටුම් වෙතට යොමුවීමයි. ඒමගින් උමතු ඉස්ලාම් අන්තාවාදී කණ්ඩායම් පිළිබඳව අවධානය ආරක්‍ෂක අංශවලින් ගිලිහෙනවා. එම නිසා තැන තැන ඇතිවන මේ ජාතිවාදී ප්‍රහාර අවසන් වාසිය ගෙන දෙන්නේ අන්තවාදීන් සහරාන්ලාටයි. අපේ රටට මෙවැනි තත්වයක් උදාවීමට හේතු වුණේ ජාතික සමගිය නැතිවීමයි. ජාතිවාදී රෝගයෙන් පෙළීමයි. 21වැනිදා ප්‍රහාරයේදී අපේ රටට අහිමි වුණේ ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක්. නමුත් 83 දෙමළ ජනතාවට එරෙහිව ඇති කළ කෝලාහලයෙන් විශාල ලෙස ජීවිත, දේපළ විනාශ කළා. ඒ මොහොතේ කඩ ගිනි තියපු අය සතුටක් වින්දා වෙන්න පුළුවන්. නමුත් දෙමළ අන්තවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කිරීමට 83 කළු ජූලිය හේතුවක් වුණා. එම ත්‍රස්තවාදීන්ට ජාත්‍යන්තරව සහාය ලබාගන්න කළු ජූලියේ සිදුවීම් උදව් වුණා. එම ත්‍රස්තවාදයෙන් අපේ රටේ ජනතාව විශාල ඛේදවාචකයකට මුහුණ දුන්නා. පොදු ජනතාව ජීවිත දහස් ගණනින් වන්දි ගෙව්වා. එවැනි ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කරලා වසර 10ක් ගතවන විට නැවතත් අවස්ථාවාදී කණ්ඩායම් ජාතිවාදී ගැටුම් ඇතිකිරීම අපේ රටට නැවත විශාල ගැටුමකට ඇදගෙන යාමක්.
21 වැනිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ
21 වැනිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ
21වැනිදා ප්‍රහාරයට සියලු මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ. එයට සම්බන්ධ අන්තවාදීන් ඉන්නේ සුළු පිරිසක්. ඒ වගේම ඔවුන්ට උදව් කළ දේශපාලඥයින් ඇතුළු අනෙකුත් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැතිව සියලු මුස්ලිම් ජනතාව කෙරෙහි ද්වේෂ සහගතව බැලීමෙන් ඔවුන් අන්තවාදයට තල්ලු කළ යුතු නැහැ. මුස්ලිම් සමාජයේ තවත් සහරාන්ලා හදන්න ඕනෑද? මරාගෙන මැරෙන බෝම්බකරුවන් හදන්න ඕනැද? පොදු ජනතාව කළ යුත්තේ තමන්ගේ උපරිම සහාය දක්වමින් රට තුළ ජාතික සමගිය ගොඩනැගීමයි. මෙවැනි ජාතිවාදී ගැටුම් වළක්වන්න ජනතාව මැදිහත් විය යුතුයි.
නැවතත් අපේ රටට ජිනීවා මානව හිමිකම් කොමිසමේ විවිධ බලපෑම් ඕනෑද ?
මේ වනවිට අපේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් තිබෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා. අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා නම් ඔවුන්ට අපේ රටට මැදිහත් වෙන්න අවස්ථාවක් ඕනෑ. ජාතිවාදී ගැටුම්වලින් ජීවිතවලට හානි වුණොත්, දේපළ විනාශ වුණොත් අධිරාජ්‍යවාදයට එය වාසියක් වෙනවා අපේ රටට මැදිහත් වෙන්න. ඒ අනතුර කැඳවාගන්න ඕනැද? නැවතත් අපේ රටට ජිනීවා මානව හිමිකම් කොමිසමේ විවිධ බලපෑම් ඕනැද? දේශප්‍රේමය, ජාති ආලය, ගාගත් ඇත්තටම දේශප්‍රේමයක් හෝ ජාති ආලයක් නැති කොල්ලකරුවන් ගිනි තියන්නන් පිරිසක්, කපන, කොටන එක විනෝදයක් කර ගත් සුළු කණ්ඩායමක් නිසා අපේ රටට අපකීර්තියක් ඇතිකරගත යුතුද? පසුගියදා සිදුවූ සිදුවීම සමනය කරලා ජනතාව තුළ සමගිය ගොඩනගනවා වෙනුවට නැවතත් අපේ රටේ ජනතාව තුළ සැකය, අවිශ්වාසය, භීතිය හදන ක්‍රියාමාර්ග ගන්නේ ඇයි? පහුගිය කාලයේ අපේ රටේ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් සිදුකළේ ජනතාව තුළ සමගිය ඇතිකරනවා වෙනුවට සැකය, අවිශ්වාසය හදන ක්‍රියාමාර්ගයි. ආණ්ඩුව ගත්ත බාග තීරණ නිසා ජනතාව තුළ එම සැකය වර්ධනය කළා. ආණ්ඩුව වගකීමෙන් කටයුතු නොකළ නිසා රට තුළ කටකතාවලට ඉඩ හැදුවා. එයට ආණ්ඩුව වගකිව යුතුයි.
ආණ්ඩුව මේ වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ
ආණ්ඩුව මේ වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ
ආණ්ඩුව මේ වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. කළ යුතුව තිබෙන්නේ තරාතිරම නොබලා ජාති ආගම් කුල භේද නොසලකා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා ඇතැම් කණ්ඩායම් නීතිය අතට ගන්න උත්සාහ කරනවා. වැරදිකරුවන්ට දඬුවම් දීම ආණ්ඩුවේ දේශපාලන බලය රැක ගැනීමේ තැනට ලඝු කළ යුතු නැහැ. ඒ වගේම ආණ්ඩුව ජනතාවට ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මොකද ඇතැම් කණ්ඩායම් මානසික රෝගීන්. ඔවුන් බොරු ප්‍රවෘත්ති හදනවා. ඒ වගේම ඇතැම් ජාතිවාදීන් ජනතාව කුපිත කරන්න ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඇතැම් දේශපාලඥයන් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඇතැම් මාධ්‍ය තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් විවිධ ප්‍රවෘත්ති පළ කරනවා. සමාජ මාධ්‍ය ජාලා තහනම් කරලා පමණක් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වළක්වන්න බැහැ. ආණ්ඩුව කළ යුත්තේ නිවැරදි සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීමයි. ආණ්ඩුව තමන්ගේ වගකීම නිවැරදි ලෙස ඉටු නොකළ නිසා තමයි සති තුනක් ගතවීමෙන් පසුවත් තත්වය සාමාන්‍ය වෙන්න තිබියෙදී නැවත ගැටුම් නිර්මාණය වෙන්නේ. ඒ වගේම මෙම ජාතිවාදී ගැටුම් අවශ්‍ය පිරිසක් ඉන්නවා. තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න, රට අරාජිකයි කියලා පෙන්වන්න, ඊළඟ තමන්ගේ බලය තහවුරු කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙම ගැටුම් අවශ්‍යයි.
ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් පිළිබඳව දැන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා
ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් පිළිබඳව දැන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා
ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් පිළිබඳව දැන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා. ජනතාවක් ලෙස අපිට ඉතාමත් වැදගත් වෙන්නේ මහජන ආරක්‍ෂාවයි. මොකද, ළමුන්ට පාසැල් යන්න, ජනතාවට කෝච්චියේ, බස් එකේ වැඩට යන්න මහජන ආරක්‍ෂාව ඉතාම වැදගත්. තවමත් රට තුළ මහජන ආරක්‍ෂාව තහවුරු වෙලා නැති නිසා ළමුන් පාසැල් යන්නේ නැහැ. ජනතාව කෝච්චියේ, බස් එකේ යන්නේ නැහැ. ඒ නිසා රටේ ජාතික ආරක්‍ෂාව වගේම මහජන ආරක්‍ෂාවත් තහවුරු කළ යුතුයි. රට තුළ ජාතික සමගිය ගොඩනගන්නේ නැතිව ජාතික ආරක්‍ෂාව හෝ මහජන ආරක්‍ෂාව තහවුරු කරන්න බැහැ. ගැටුම් තිබෙන රටක මහජන ආරක්‍ෂාවක් නැහැ. ජනතාව තුළ සමගියක් නැත්නම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරන්න අයුධ එකතු කරනවා නම් මහජන ආරක්‍ෂාවක් නැහැ. එම ජාතිවාදී ගැටුම් ඇතිකරන කුඩා කණ්ඩායම්වලට දේශපාලනික කණ්ඩායම්වලට එය තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ.
අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ භීතියෙන්
අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ භීතියෙන්
අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ භීතියෙන්. භීතිය, අනාරක්‍ෂිත බව හා සැකය ඉවත් කරලා ජනතාවට සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුම ජනතාව අතරත් සියලුම ආගම් අතරත් සමගිය හදන්න පුළුවන් වෙන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ජාතික සමගිය විශ්වාස කරන පක්‍ෂයක්. එනිසා ජාතික සමගිය විනාශ වෙන්න ඉඩ හදන්න එපා. නැවතත් අපේ රටට කළු පැල්ලම් එපා. අපකීර්තිය එපා. ජාතිවාදී ලේ වැගිරීම් එපා. ජනතා විමුක්ති පෙරමුණේ අපි සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා තමන්ගේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ සාමාජිකයින්ට අපේ ස්ථාවරය පැහැදිලි කරලා තිබෙනවා. පහුගිය කාලයේ අපේ සාමාජිකයින් හමුවෙලා අපි මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. ඒ වගේ හැම නායකයෙක්ටම තමන්ගේ සාමාජිකයාට තම ස්ථාවරය කියන්න පුළුවන් නම් මෙම බොහෝ ගැටුම් වළක්වාගන්න පුළුවන්. නමුත් අපේ රටේ ඇතැම් නායකයින් මතුපිටින් ජාතික සමගිය ගැන කතා කරමින් යටින් ජාතිවාදය අවුස්සනවා. 21වැනිදා ගලා ගිය ලේ කඳුළු වෙනුවට නැවතත් වෙන වර්ගයක ලේ කඳුළු ඕන නැහැ. සියලු ලේ වැගිරීම් නතර කළ යුතුයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජාතිවාදී උගුල්වලට අහුවෙන්න එපා කියල. ජාතිවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා. එහි ප්‍රතිඵලය ඉතාම භයානකයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඉල්ලනවා, කුමන ආගමක් ඇදහුවත් කුමන භාෂාවක් කථා කළත් ජාතිවාදය පෝෂණය කරන ක්‍රියාමාර්ග ගන්න එපා කියලා. ජාතිවාදී ගැටුම් හරහා නැවතත් රට තුළ ගැටුම්වලට සරු පසක් හදන්න එපා. රට තුළ නැවතත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හදන්න දායක වෙන්න එපා. මෙම ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
ලබන 16 වැනිදා අන්තවාදය, ජාතිවාදයට එරෙහිව සියලු බලවේග එකතු කරනවා
ලබන 16 වැනිදා ප.ව.4.00ට අන්තවාදයට එරෙහි, ජාතිවාදයට එරෙහි සියලු බලවේග එකතු කර ගනිමින් විහාරමහාදේවී උද්‍යානය අසල දැවැන්ත සත්‍යග්‍රහයක් කරන්න අපි තීරණය කොට තිබෙනවා. ඒ වගේම සමාජය සමඟ මේ සම්බන්ධයෙන් දැවැන්ත සංවාදයක් ආරම්භ කරනවා. රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා. ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් තහවුරු කළ හැක්කේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණක් බව ජනතාවට ඒත්තු ගැනීමට අපි කටයුතු කරනවා. මේ වනවිට ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටිලා. ජනතාවගේ බදු බර වැඩිවෙලා. විශාල ජීවන අරගලයක් තිබෙනවා, ජනතාවට ජීවත් වීමේ ප්‍රශ්නය විසඳා ගන්නවා වෙනුවට දැන් ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා. තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ අරගලය මගහැරිලා. ළමුන්ට පාසැල් යන්න, වැඩ කරන ජනතාවට තමන්ගේ රැකියාවට යන්න, එදිනෙදා කටයුතු කරගන්න, චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්න අවස්ථාව නැතිවෙලා. එනිසා මෙම අන්තවාදී ජාතිවාදී ක්‍රියාමාර්ග පරාජයට පත්කිරීම වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙන්න කියලා අපි ඉල්ලනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ,
ඉස්ලාම් ආගමික උමතුවෙන් සිටි කණ්ඩායම මීට වගකිව යුතුයි
ඉස්ලාම් ආගමික උමතුවෙන් සිටි කණ්ඩායම මීට වගකිව යුතුයි
''මේ වෙලාවේ විවිධ අය ජනප්‍රිය වෙන්න විවිධ දේවල් කරමින් තිබෙනවා. කාට හෝ එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගේනවා නම් ඊට සහාය දෙනවාද නැද්ද කියලා අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්නේ විශ්වාසභංගයට ඇතුළත් කර තිබෙන කරුණුවලට අනුවයි.
රාජපක්ෂ ආණ්ඩුව මෙයට වගකිව යුතුයි
රාජපක්ෂ ආණ්ඩුව මෙයට වගකිව යුතුයි
මෙම ප්‍රහාරයට පාර්ශ්වයන් කිහිපයක් වගකිව යුතුයි. පළමු වැරදිකරු වන්නේ ඉස්ලාම් ආගමික උමතුවෙන් සිටි කණ්ඩායමයි. දෙවැන්නා මීට අවුරුදු 10-12කට කලින් සිට මෙම ඉස්ලාම් අන්තවාදය නිර්මාණය වීමට අවස්ථාව ලබාදුන් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත්. ඒ වගේම පහුගිය ආණ්ඩුව සමයේ ගෝඨාභය රාජපක්‍ෂ අන්තවාදීන්ට පඩි ගෙව්වා. ඔවුන් තමන්ගේ දේශපාලන උදව්කරුවන් ලෙස යොදා ගත්තා. ඒ වගේම මේ ආණ්ඩුව මුස්ලිම් ඡන්ද ගැන හිතලා, අන්තවාදය පෝෂණය වෙන්න ඉඩ දුන්නා. ඒ වගේම මෙම නිශ්චිත මොහොතේදී වර්තමාන ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි අංශ තොරතුරු නොසලකා හැරියා. අප්‍රේල් 04වැනිදා වන විටත් ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියෙදී කිසිවක් කළේ නැහැ. ආණ්ඩුවේ භේද නිසා සියල්ල අත්හැරලා තිබුණා. කෙසේ නමුත් සේනාධිනායකයා ලෙස, ආරක්‍ෂක ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා වගකීම බාරගත යුතුයි. මේක අනියම් මිනී මැරුමක්. එම අහිමිවූ ජීවිත පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුයි. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය පෝෂණය වෙද්දී ඇස් පියාගෙන හිටපු ආණ්ඩු දෙකම මෙයට වගකිව යුතුයි. ඒ වගේම මෙම අන්තවාදයට මතවාදයක් ඕනෑ. එම මතවාදය වෙනුවෙන් උදව් කළ සියලු දෙනාම මෙම ප්‍රහාරයට වගකිව යුතුයි.
සාමාන්‍ය ජනතාව නීතිය අතට නොගත යුතුයි
මොනම හේතුවක් නිසාවත් සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම නොකළ යුතුයි. ඒ වගේම ජනතාව නීතිය අතට ගැනීම සාධාරණීකරණය නොකළ යුතුයි. අපේ රටේ ආරක්‍ෂක අංශ ඔවුන්ගේ කාර්යභාරය හරියට ඉටු කළා. නමුත් දේශපාලන නායකත්වය අසමත් වුණා. ආණ්ඩුව ජනතාවට නිවැරදි තොරතුරු ලබා දුන්නේ නැහැ. අත්අඩංගුවට ගත්තේ කවුද, අත්අඩංගුවට ගත්තේ මොනවාද, නිදහස් කළේ කවුද, රට තුළ ආරක්‍ෂාව තහවුරු වී තිබෙනවාද යන්න පිළිබඳව සත්‍ය තොරතුරු ලබාදිය යුත්තේ ආණ්ඩුවයි. නමුත් ආණ්ඩුව එම කාර්යභාරය හරිහැටි ඉටුකළේ නැහැ. 21 ප්‍රහාරය සිදුවන විටත් ජනාධිපති ලංකාවේ හිටියේ නැහැ. ජාතිවාදී ගැටුම් ඇතිවෙලා තිබෙන මේ මොහොතේත් ජනාධිපතිවරයා ලංකාවේ නැහැ. අගමැතිවාරයාත් වෙන වෙන කතා කියමින් යනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු වගකීමක් නැති අය ලෙසයි හැසිරෙන්නේ.
ජවිපෙ ආණ්ඩුවක් හිටියා නම් බෝම්බ පිපිරෙන්නේ දෙන්නේ නැහැ
ජවිපෙ ආණ්ඩුවක් හිටියා නම් බෝම්බ පිපිරෙන්නේ දෙන්නේ නැහැ
ජවිපෙ ආණ්ඩුවක් තිබුණා නම් මේ වගේ බෝම්බ පිපිරෙන්නේ නැති බව වගකීමෙන් කියන්න පුළුවන්. මොකද සමාජවාදී පාලනයක් තිබෙන විට රටේ ජනතාව තුළ ජාතික සමගිය තහවුරු කරනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා. ජාතික සමගිය තිබෙන විට ජනතාව අතර ගැටුම් ඇතිවෙන්නේ නැහැ. ලෝකයේ සමාජවාදී කඳවුර තිබෙන කාලයේ කිසිදු අවස්ථාවක ජාතිවාදී ගැටුම්, ආගමික අන්තවාදයන් නිර්මාණය වුණේ නැහැ. කෙසේ වෙතත් ජවිපෙ ආණ්ඩුවක් තිබුණා හෝ නැතා හෝ මේ ආණ්ඩුවටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබුණා. නමුත් ආණ්ඩුව වගකීමෙන් වැඩ කළේ නැහැ.
දැන් තිබෙන තාක්‍ෂණික දියුණුවත් සමඟ තොරතුරු හංගලා තබාගන්න බැහැ. පාලනය කරන්න බැහැ. තොරතුරු හැංගුවාම සිදුවන්නේ බොරු ප්‍රවෘත්ති නිර්මාණය වෙන එකයි. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තිබෙනවා, නිවැරදි තොරතුරු ලබාදෙන්න. ඒ වගේම මෙවැනි තීරණාත්මක මොහොතවල්වලදී රටේ ජනමාධ්‍යයත් වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. නමුත් අමේ රටේ ඇතැම් මාධ්‍ය ආයතනවලට දේශපාලන ප්‍රොජෙක්ට් තිබෙනවා. එනිසා ඔවුන් ඇතැම් තොරතුරු හංගනවා. ඇතැම් තොරතුරු අතිශයෝක්තියෙන් ලබා දෙනවා. ඇතැම් තොරතුරුවලට ජනමාධ්‍යවේදීන් අර්ථකථනය ලබාදෙනවා. නමුත් කළ යුතුව තිබෙන්නේ සත්‍ය තොරතුරු නිවැරදිව වාර්තා කිරීමය්. එසේ නොමැතිව තොරතුරු වාරණය කරලා හෝ තොරතුරු අතිශයෝක්තියකින් වාර්තා කරලා ගැටුම් වළක්වන්න පුළුවන්කමක් නැහැ.
බෝම්බ පුපුරුවන අන්තවාදය පෝෂණය වුණේ මුස්ලිම් සමාජයේයි
බෝම්බ පුපුරුවන අන්තවාදය පෝෂණය වුණේ මුස්ලිම් සමාජයේයි
බෝම්බ පුපුරුවන අන්තවාදය පෝෂණය වුණේ මුස්ලිම් සමාජයේයි. මෙම අන්තවාදය වළක්වා ගන්න ඔවුන්ට නොහැකිවීමේ වගකීම මුස්ලිම් සමාජය බාරගත යුතුව තිබෙනවා. ඒ වගේම අපේ රට විවිධ සංස්කෘතීන් තිබෙන රටක්. එම සංස්කෘතීන්වලට අපි ගරු කළ යුතුව තිබෙනවා. සංස්කෘතීන් ගොඩක් තිබුණාම තමයි රටක් ලස්සන වෙන්නේ. ඒ වගේම ඇතැම් සංස්කෘතීන් සමාජයට බාධා ගෙන දේ නම් එම සංස්කෘතීන් වෙනස් කරගත යුතුයි. එනිසා මේ අවස්ථාවේදී මුස්ලිම් සමාජයට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය මොහොතක්. ඔවුන්ගේ ඇතැම් සංස්කෘතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වීමට බාධා වෙනවා නම් එම සංස්කෘතිය වෙනස් කර ගත යුතුයි. ඒ වගේම අපේ රටට එක නීතියක් තිබිය යුතුයි. විවිධ ජාති, ආගම්වලට අනුව නීතිය වෙනස් විය යුතු නැහැ. උදාහරණයක් හැටියට අපේ රටේ විවාහ නීතිය සියලු දෙනාට බලපාන එක නීතියක් විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි මුස්ලිම් සංවිධාන, මුස්ලිම් ආගමික නායකයින් හමු වූ බොහෝ අවස්ථාවල මේ බව අවධාරණය කොට තිබෙනවා. මේ වනවිට ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකොට තිබෙන බව අපිට පෙනෙනවා'' යන්නයි.
Post a Comment