මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය ගැන වාර්තාව ජූනි මුල




ආන්දෝලනයට තුඩු දී තිබෙන මඩකලපුව යෝජිත උසස් අධ්‍යාපන ආයතනයේ අද (17) දින විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසන්නේ, ජූනි මුල් සතිය වනවිට මේ සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. 

අධ්‍යාපන අධීක්ෂණ කාරක සභාව නියෝජනය කරමින් මේ නිරීක්ෂණ චාරිකාවට රෝහිණී විජේරත්න හා වියලේන්ද්‍රන් ඇතුළු දේශපාලඥයින් ද එක්වුණි. 

මේ අතර මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව අරලියගහ මන්දිරයේදී  අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බවත් මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව ඔහු එහිදී අවධාරණය කළ බවත්ය. 


යෝජිත උසස් අධ්‍යාපන ආයතනයේ ඡායාරූප පෙළක්