''මේ ආණ්ඩුව හෝ රනිල් සමග කිසිදු බැඳීමක් නැහැ'' - අනුර


වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්වයෙන් දැනුවත්වී සිටි බවත් එබැවින් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් අද (22) දිනයේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් භාරදීමට පියවර ගත් අතර මින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරසිටියේ මෙලෙසිනි.  


''රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංගයත් මේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැහැදිලියි. ඊයේ රාත්‍රිය පුරාවටම විශේෂයෙන්ම, රාජපක්ෂ කඳවුර නියෝජනය කරන කණ්ඩයම හා ඔහුට හිතවත් මාධ්‍ය වළල්ල යම් විකෘති කරන ලද මතයක් මේ විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් ඉදිරිපත් කරමින් තිබෙන බව. ඒ අන් කවරක් වත් නෙමෙයි, මේ විශ්වාසභංග යෝජනාවේ එක්සත් ජාතික පක්ෂ වුවමනාවන් නියෝජනය කරන බව කියා,  ජනතා විමුක්ති පෙරමුණේ අපිට  රනිල් වික්‍රමසිංහ හෝ මේ ආණ්ඩුව සමග හෝ කිසිදු  පෞද්ගලික වුවමනාවන් සඳහා වූ කිසිදු බැඳීමක් නැති බව සහතික කරනවා''