ජනපති, අගමැති හා විපක්ෂ නායක එකම තැනකදී


ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද (28) කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ පැවති විශේෂ දේව පූජාවකට සහභාගී වීය. 



පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ද අද  පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවති අතර මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් එහි දී ද ජනාධිපතිතුමා විසින් පහන් දල්වන ලද අතර අගමැතිවරයා ද ඊට දායක වූවේය.