හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවය සමග අද (26) විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන්නේ තමන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරන බවත් ඉස්ලාම් අන්තවාදය පරාජය කරමින් මෙරට බුද්ධි අංශ ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ,
‘‘රජය නිසි ලෙස සූදානම් වී නොහිටිය නිසා මේ වගේ වියවුල්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා නොකියා, සිද්ධියට සෘජුවම සම්බන්ධ අයගේ නම්, ඊට වගකිව යුතු සංවිධාන වල නම්,ඒ සංවිධාන මෙවැනි ක්රියාවක් කළේ කොහොමද යන්න නොකියා පවා නොදී, විවිධ පුද්ගලයෝ එකිනෙකාට බණිනවා,
ඒක අතිශය බරපතල ගැටළුවක්. අදාළ කණ්ඩායම් විනාශකරදමන්න පෙර ඒවා ගැන ගැඹුරින් සොයාබැලිය යුතුවෙනවා. ඔවුන් ජාතික ආරක්ෂාවට ප්රමුඛතාවය ලබාදෙන්නේ නැහැ. හැමදේම වියවුලක් කරගෙන කටයුතු කළා. වාර්ගික සංහිඳියාව ගැන කතා කළා, ආයේ මානව හිමිකම් සම්බන්ධ ගැටළු ගැන කතාබහ කළා. තනි පුද්ගල නිදහස ගැන කතා කළා.‘‘
Post a Comment