කාර්යාලයට යන කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි


ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන්ට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදී සිදුවන අසීරුතාවයන් ‍හා හිංසනයන් අවම මැඩලීමට ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ගත් තීරණයකට අනුව ප්‍රථම අදියර වශයෙන් කාන්තාවන්ට වෙන්වූ දුම්රිය මැදිරි යෙදවීම ඊයේ දින සිදුවිය. 


ඒ අනුව අලුයම 06.30 ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුක්වා ධාවනය වන අංක 525 දරණ දුම්රියේ, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුයම 05.57 කොළඹ කොටුව දක්වා ගමන්අරඹන දුම්රියේත්, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.25 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, මහව දුම්රිය ස්ථානයෙන් අලුයම 04.45 ට ගමන් අරඹන දුම්රියේත්, පුත්තලම දුම්රිය ස්ථානයෙන් අලුයම 04.30 මරදාන බලා ගමන් අරඹන බංගදෙනිය දුම්රියේත්, ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට සිට මරදාන දක්වා ගමන් අරඹන සමුද්‍රදේවී දුම්රියේත්, මාතර දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට මරදාන බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය වලට කාන්තා දුම්රිය මැදිරිය බැගින් යොදවීමට පියවර ගෙන තිබේ.



ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය වලට කාන්තා මැදිරි යොදවන අතර ඉදිරියේදී අනික් දුම්රිය වලටද කාන්තා මැදිරි යෙදවීමට තිරණය කර ඇති බව ප්‍රවාහන ඇමතිවරයා දක්වයි.