පකිස්තාන අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන්භටයා යළි ඉන්දියාවට


පකිස්තාන දේශසීමාව ආක්‍රමණය කොට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් තම ප්‍රහාරක යානය පකිස්තාන හමුදා ප්‍රහරයෙකින් විනාශ වීමෙන් පසු දිවි ගලවා ගත් නමුත් පකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදා නිලධාරි වින්ග් කොමාන්ඩර් අභිනන්දන් මීට ස්වල්ප වෙලාවකට පෙර ඉන්දියාව භාර දෙනු ලැබීය. 



පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දෙරට අතර සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ ගුවන් හමුදා නිලධාරියා යළි ඉන්දියාවට ලබාදෙන බව ඊයේ ප්‍රකාශ කළේය. 

දෙරට අතර පවතින උණුසුම්කාරී තත්වය හමුවේ අගමැති ඛාන්ගේ හැසිරීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් වී තිබේ.