‘සුළඟ අප රැගෙන යාවි’ මාර්තු මස සිට මෙරට සිනමාහල් වලදී

ලාංකීය සිනමාවේදී නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමාපටය වන ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ එළඹෙන මාර්තු මස සිට තිරගතවීමට සියල්ල සුදානම්. අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපීය සිනමා වෙළඳපලටද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙහි සිංහල සිනමාපටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ මෙහි අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරිය, සංගීතඥයා සහ කැමරා අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් සිනමාපටය ද වේ. දින 16ක් තුළ නිර්මාණය කර ඇති මෙම සිනමාපටයේ සියලු ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම ද විශේෂත්වයකි. ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ නරඹන්න සූදානමින් ඉන්න