මෙවර ඔස්කාර් සම්මානලාභීන් කියූ රසමුසු කතා



91 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී අද (25) පැවැත්වේ. එහිදී සම්මාන දිනාගත් විශිෂ්ඨ ශිල්පීන් පළකල අදහස්

විශිෂ්ඨතම සිනමාපටය – Green Book

‘‘මේ ආදරේ ගැන කතාවක්‘‘ – පීටර් ෆැරලි



විශිෂ්ඨතම සිනමා අධ්‍යක්ෂණය – Roma සිනමාපටයේ අධ්‍යක්ෂ අල්ෆොන්සෝ කුරන්

‘‘දේශීය වශයෙන් දිවිගෙවන මිලියන 70 ක් පමණ වන කාන්තාවන් අළලා නිර්මාණය වූ මේ සිනමාපටයේ වැදගත්කම ගැන අබෝධ කරගත් නිසා ඇකඩමි සම්මාන සංවිධාකයින්ට මං ස්තුතිවන්ත වෙනවා‘‘- අල්ෆොන්සෝ



විශිෂ්ඨතම රංගන ශිල්පියා – රමී මලික් Bohemian Rhapsody සිනමාපටයේ රංගනය වෙනුවෙන්

”ස්තුතියි, Queen..අපි සමරිසි පිරිමියෙකු හා සංක්‍රමණිකයෙකු ගැන සිනමාපටයක් නිර්මාණය කළා. මං ඊජිප්තුවේ ඉඳලා ආව පියෙකුගේ දරුවෙක්. ඒ පරම්පරාවේ පළමු ඇමරිකානු පුරුක. මගේ කතාවේ එක් කොටසක් දැන් ලියැවිලා ඉවරයි” – රමී මලික්



විශිෂ්ඨතම සහය ශිල්පියා- මහීර්ෂාලා අලි – Green Book සිනමාපටයේ රංගනය වෙනුවෙන්

”ස්තුතියි ඩොක්ටර් ෂර්ලි, -මං නිරූපණය කරන්න උත්සහ ගත්තේ ඔහුගේ ජීවිතයේ සාරයයි‘‘ – අලි



විශිෂ්ඨතම රංගන ශිල්පිනිය – ඔලීවියා කොල්මන් The Favourite සිනමාපටයේ රංගනය වෙනුවෙන්

”මං පිරිසිදු කරන්නියක් විදියට සේවය කරද්දි ඒ රැකියාවට බොහොම ආදරේ කළා.‘‘- ඔලීවියා



විශිෂ්ඨතම සහය රංගන ශිල්පිනිය – රෙජීනා කිං If Beale Street Could Talk සිනමාපටයේ රංගනය වෙනුවෙන්

‘‘අතිවිශිෂ්ඨ කලාකරුවෙකු වුණු ජේම්ස් බෝල්ඩ්වින් හේතුවෙනුයි අද මේ අවස්ථාව හිමිවුණේ…අම්මේ, මං ඔයාට ගොඩක් ආදරෙයි,‘‘ රෙජීනා



විශිෂ්ඨතම ඇනිමේෂන් සිනමාපටය Spider-Man: Into the Spider-Verse



විශිෂ්ඨතම ඇඳුම් නිර්මාණය – Black Panther වෙනුවෙන් රූත් කාටර්



විශිෂ්ඨතම වාර්තාමය වෘත්තාන්තය – Free Solo


විශිෂ්ඨතම විදෙස් සිනමාපටය – Roma. මෙක්සිකානු සිනමාපටයකි

‘‘මං හැදී වැඩුණේ විදෙස් භාෂාවෙන් නිර්මාණය වූ සිනමාපට ඇසුරෙයි‘‘ – අල්ෆොන්සෝ



විශිෂ්ඨතම තිර පිටපත – Green Book



විශිෂ්ඨතම අනුවර්තිත තිර පිටපත – BlacKkKlansman සිනමාපටය


විශිෂ්ඨතම වේෂ නිරූපණය – Vice සිනමාපටය වෙනුවෙන් ග්‍රෙග් කැනොම්, කේට් බිස්කෝ හා පැට්‍රීෂියා දෙහානි



විශිෂ්ඨතම සිනමා සංස්කරණය Bohemian Rhapsody වෙනුවෙන් ජෝන් හා නීනා



විශිෂ්ඨතම සංගීත අධ්‍යක්ෂණය – Black Panther වෙනුවෙන් ලුඩ්විග් ග්‍රැන්සන්



විශිෂ්ඨතම ගීතය – A Star Is Born සිනමාපටයේ ගැයෙන Shallow ගීතය

‘‘මේ ජයග්‍රහණය ගැන කතාවක් නෙමේ, නමුත්, අත්නොහැර සටන් කිරීම ගැන කතාවක්, ඔබට හීනයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් සටන් කරන්න‘‘ – ලේඩි ගගා



විශිෂ්ඨතම ශබ්ද සංස්කරණය හා සැකසුම – Bohemian Rhapsody සිනමාපටය


විශිෂ්ඨතම සිනමා නිෂ්පාදන සැලසුම – Black Panther සිනමාපටය



විශිෂ්ඨතම ද්‍රෘෂ්‍ය ප්‍රයෝග – First Man සිනමාපටය



විශිෂ්ඨතම කෙටි ඇනිමේෂන් චිත්‍රපටය – Bao – ඩොමී ෂී හා බෙකී නීමන්