‘තමන්ගේම සිනමාපටයේ ප්‍රේක්ෂකයෙකු වීම බොහොම අසීරුයි’ – ජොආනා කුලිග්

‘කාලය’ ජීවිතයේ හමුවීම් මෙන්ම වෙන්වීම් ද තීරණය කරනවා. කලෙකදී වෙන්වූවන් නැවත එක තැනකට ගෙන එන්නේද කාලයයි. කලක් එක්වී වරින් වර දුරස්ව සිටි පෙම්වතුන් යුවළක් නැවත සමුනොගන්නා අටියෙන් එක්වෙන්න තීරණය කරනවා. යුද්ධයෙන් විනාශ වී පල්ලියක අල්තාරය ඉදිරියේ ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙන්නේ තමන් නැවත වෙන්නොවන පෙම්වතුන් ලෙස එක්වන බවයි. මේ පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු Cold War සිනමාපටයයි. 2018 වසරේ ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ පාම් ඕ දෝර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ද Cold War සිනමාපටයයි.

Cold War සිනමාපටය පුරා දිග හැරෙන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන වික්ටර් හා ඔහුට හමුවන නවක ශිල්පිනියක වන සූලාගේ ආදර අන්දරයයි. වික්ටර්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජන සංගීත ඇකඩමියේ හඬ පරීක්ෂණයට එක්වන සූලා එහි සිටි අතිදක්ෂ ශිල්පිනිය නොවූවත් කැපී පෙනෙන අන්දමේ තරුවක් වෙනවා. මේ පරීක්ෂණයට සහභාගී වු අනෙක් තරුණියන් සතුව නැති මොකක්දෝ ගුණයක් සූලා සතු වෙනවා. සූලා සැබැවින්ම ආකර්ශණීය තැනැත්තියක වුවත් තරමක සටකපට බවක් ද පෙනෙන්නට තිබෙනවා. පැතූ ලෙසින්ම වික්ටර් හා සූලා පෙම්වතුන් වුවත් දශක ගණනාවක් පුරා අනවරත අරගලයන්ට මුහුණදෙමින් දෙතැනක ජීවිතය ගෙවාදමන්නට මේ යුවළට සිද්ධවෙනවා.

සූලා හා වික්ටර්ට කිසිසේත්ම එකිනෙකාගෙන් වෙන්වී ජීවත්වීමට නොහැකි වන අතර ගතින් වෙන්ව සිටින මොහොතේදී පවා ඔවුන් සිතින් එක්තැන් වී දිවිගෙවනවා. 1950 දශකයේ පැවති සීතල යුද සමය පදනම් කරගත් Cold War සිනමාපටය පුරා දිවෙන පෙම් කතාවට පදනම් වී තිබෙන්නේ විවිධ බාධක මැද ජයගත් පවෙල්ගේ මාපියන්ගේ ආදර අන්දරයයි. ඔවුන්ගේ සැබෑ නම් වන්නේ ද සූලා හා වික්ටර්. බර්ලින් තාප්පය බිඳවැටීමට ආසන්න කාලපරිච්ඡේදය වූ 1989 වසරේදී ඔවුන් සිය ජීවිත වලින් සමුගන්නවා.

පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂ වික්ටර්ගේ චරිතයට තෝමස් කොට් පණ පොවන අතර ජොආනා කුලිග් සූලා ලෙස රංගනයෙන් දායක වෙනවා. මාසෙන් මසෙකී සංගීත අධ්‍යක්ෂණයෙන් ද පවෙල් හා ජානූස් ග්ලොවකි කතා රචනයෙන් ද Cold War සිනමාපටයට දායක වී තිබෙනවා. ලූකස් සැල්ගේ සිනමාරූපණයක් වන මෙය ටාන්යා සෙග්හෂියන් හා ඊවා පුසිනිස්කාගේ නිෂ්පාදනයක්. ජැරොස්ලෝ කමින්ස්කිගේ සංස්කරණයක් ද වන Cold War සිනමාපටය මිනිත්තු 85 ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි පළවන්නේ, ජොආනා Filmmaker වෙබ් අඩවිය වෙනුවෙන් පීටර් රිනල්ඩි සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

පුංචි ගැහැණු දැරිවියක් පෝලන්ත භාෂාවෙන් ගීත ගායනා කරන යූ ටියුබ් වීඩියෝවක් මං දුටුවා, ඒක පෝලන්තයේ පැවැත්වුණු ගායනා තරගයක් ?

දෙවියනේ, අදහන්නත් බැහැ. බොහොම ස්තුතියි.

ඇත්තටම ඒ පුංචි කෙල්ලගේ හීනය වෙලා තිබුණේ මොකක්ද ? ගායන ශිල්පිනියක් වීමද ? නැත්නම් රංගන ශිල්පිනියක් වීමද ?

ඇත්තටම, ගායන ශිල්පිනියක වීම මගේ හීනය වී තිබුණා. මං හැදී වැඩුණේ පුංචි ගමක, ඒ ගමේ ගෙවල් 44 ක විතර තිබුණු මිනිස්සු 200 ක් විතර හිටියා. මං අවුරුදු 15 ඉද්දී සහභාගී වෙන්න ලැබුණු මේ වැඩසටහන බොහොම සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.

ඒක බොහොම සුන්දර අත්දැකීමක් වුණා, මට මතකයි පුංචි කාලේ හැමතැනකදීම මං ගායනයේ යෙදුණා, පල්ලියේ දී පවා. ආගන්තුකයෝ ආපු අවස්ථා වලදී පවා. ‘ජොආනා මොකක් හරි ගායනා කරන්න‘ කියලා එක දවසක් මගේ අම්මා කිව්වා මතකයි. ඒක බොහොම ස්වභාවිකයි. සංගීතය කියන දේ ඒ කාලේ මට තදින්ම දැනුණා. අනිත් කාරණේ මගේ හීනේ වෙලා තිබ්බෙත් ඒක. හැමවිටම මගේ හීනේ වී තිබුණේ සුප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න. විට්නි හූස්ටන් – මයිකල් ජැක්සන් වැන්නන්ට මං ආදරේ කළා, ඔවුන්ගේ ගීත ගැයුවා, ඒක මට දැනුණේ මහා ලොකු දෙයක් විදියටයි. ඇත්තම කිව්වොත් මගේ පළමු හීනය වගේම මගේ ජීවිතය ඇතුළේ වුවමනා කළෙත් සංගීතය හා ගායනය පමණයි.

ඔබ රංගන ශිල්පිනියක් බවට පත්වුණේ කොහොමද ?

ඒක බොහොම කලක් ගතවුණු, බොහොම අමුතු විදියේ කටයුත්තකුත් වුණා. කලින් කීව ගායනා තරගයට අවුරුදු 15 දී සම්බන්ධ වුණා. මං හැදී වැඩුණු නගරයට වඩා ලොකු නගරයක ඉගෙනගත්තු නිසාද කොහෙද ක්‍රැකෝ වලට යන්න තීරණය කළා.

ඒක මට අපූරු අත්දැකීමක් වුණා. ක්‍රිනිටඩ් කියන පුංචි ටවුමේ මං පියානෝ වාදනය ගැන හදාරලා, ඒ ප්‍රාථමික ඉගෙනුම් කටයුතු අහවර කළා. ක්‍රැකෝ වලදී ද්විතිකව සම්භාව්‍ය සංගීතය ගැන හදාරන්න ගත්තා, බර්කැන්ටෝ – මෝසාට් වගේ අය ගැන. පුංචි කාලේදීම ඔපෙරා, නාට්‍ය වගේ දේවල් අහන්න, බලන්න අවස්ථාව ලැබුණු නිසා ඒක වෙනස්ම විදියේ අත්දැකීමක් වුණා. මේ ලෝකය ගැන තව තවත් හදාරන්න උනන්දුවක් ඇතිවුණත් ගමේ තිබුණු ජන සංගීතය අමතක කළෙත් නැහැ.

සංගීතය මා තුළම තිබුණා. පෝලන්ත සම්භාව්‍ය සංගීතය ගැන දැනුමක් තිබුණා. ගමේ හැදුණු වැඩුණු නිසාම මේ සොබාවිකත්වයට තදින් බැඳී හිටියා. ක්‍රැකෝ ටිකක් ලොකු නගරයක්, පියානෝ වාදනය හැදෑරුවා, නාට්‍ය ශාලා වලට ගියා, වාදනයේ යෙදුණා. මේ හැමදේම අහවර වුණාට පස්සේ ගටොවිට්ස්ලා වල ජෑස් විශ්වවිද්‍යාලයට යන්න වුවමනාවක් තිබුණා. 
ක්‍රැකෝ වලදී සංගීත අධ්‍යක්ෂණය, නැත්නම් සම්භාව්‍ය ගායනයේ යෙදෙන්න ඕන කියලා හිතුණා. ඒත් කිසිම කෙනෙකුට මාව වුවමනා වුණේ නැහැ. විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ගායනය මෙහිදී හොයාගත්තු දේවල් වුණා. නමුත්, ඔවුන්ට මාව ඕන වුණා. මං කවදාවත් රංගන ශිල්පිනියක් වී හිටියේ නැති නිසා මේක ටිකක් අමුතුවට දැනුණා.

විභාග අතරතුරදී මං කුමන හෝ දෙයක් කළා. කවි, පෙළ වගේ දේවල් ගැන හරිහැටි අවබෝධයක් නැතුව ගායනා කළා. ඒ ගැන ටික ටික හදාරනන් ගත්තා. රංගනය පටන්ගත්තේ මෙතැනින්. පටන්ගත්තු කාලේදී නම් ඒක අතිශය අසීරු අත්දැකීමක් වුණා. මේක මට දැනුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් විදියටයි. රංගන ශිල්පිනියක වීම, භාවයන් – හැඟීම් හොයාගැනීම ස්ටැනිලොව්ස්කි, චෙකොෆ් කියූ දේවල් හැදෑරීම ඒ දේවල් හැබෑවටම සිදුකළත් මේ කිසිදෙයක් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.

ඇත්තටම. සමහර වෙලාවට මේ මගේ භාවයන්, අභිලාෂයන් බව දැනෙද්දී. අපි යාන්ත්‍රික උපකරණයක් නෙමෙයි, හැඟීම් – දැනීම් බොහොම අපූරුවට අපිට දැනෙනවා. මේ අත්දැකීම බොහොම රසවත්. අපි ඉන්න තත්ත්වය මත ඒක රැඳී පවතිනවා. මං දැන් ඉන්නවා වගේ වෙනත් රටක ඉද්දි තමන් ගැනම අනුකම්පාවක් දැනෙනවා. ඒක බොහොම අපූරු අත්දැකීමක්.

මෙය කළු, සුදු සිනමාපටයක් බව පවෙල් කලින් කිව්වද ? ඔබ මේ කතාව අහලා වික්ෂිප්ත වුණාද ?

ඔව්, අනිවාර්යයෙන්ම. මේක අතිසුවිශේෂී අත්දැකීමක් වේවි, බොහොම ලස්සන සිනමාපටයක් වේවි කියලා මං හිතුවා. අද බිහිවෙන සිනමාපට බොහෝ වර්ණ එක්තැන් වුණු නිර්මාණ විදියට දැකගන්න පුළුවන්. නමුත්, මේ සිනමාපටය ඇතුළේදී බොහොම දැහැන්ගත වෙන්න, කළු, සුදු වුණත් හිත එක තැනක තබාගන්න පුළුවන්කම තියෙනවා. සංගීතය තියෙනවා. මේ පැරණි සිනමාව වගේ දෙයක්.

ඔබ මීට කලින් ලෝරන් බකෝල් ගැන කතාබහ කළා, මේ ගැන කතාකළොත් ?

මිනිස්සුත් එක්ක ඉද්දි මට සුවිශේෂී ශක්තියක් දැනෙන්න ගන්නවා. ඒවගේම මෙය මගේ රංගන ජීවිතයටත් ශක්තියක් ගෙනදෙනවා. මං බොහොම ඉක්මනින් මිනිස්සුන්ට අනුකම්පාව දැනෙනවා. සතුට, ශෝකය මේ හැමදේම බොහොම හොඳින් හඳුනාගන්න හැකියි. මං බොහොම කඩිසර කෙනෙක්, දර්ශන තලයේදී බොහොම කලබල වුණාම පවෙල් කියන්නේ කරුණාකරලා, ලෝරන් බකෝල් ගැන හිතන්න ගන්න කියලා. ඇය හැසිරෙන විදියේ, ඇගේ මුහුණෙන් පෙන්වන ඉරියව් මේ හැමදේම දකින්න ගත්තා. මේ පෞරෂය ඇතුළේ තිබුණු අඳුරු බව හෝ මොකක්දෝ දෙයක් දැනෙන්න ගත්තා.

ඇය ගැන හිතන්න ගත්තම මගේ සිරුර බොහොම සරළ, ආකර්ශණීය ගතියක් වගේම මං නැවත ඉපදුණු බව දැනෙන්න ගත්තා. ඒක හරියට මං අහුවුණා වගේ දෙයක්. මැරිලින් මොන්රෝ හා ආතර් මිලර් ගැන මං හදාරන්න ගත්තා. මැරිලින් මොන්රෝ කියන්නේ මේ වගේ චරිතයක්. මෙවැනි සම්බන්ධතා ඇයට තිබුණා…..බොහොම බුද්ධිමත් කෙනෙකු වුණත් මැරිලින් කියන්නේ කිරිල්ලියක වගේ බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවපු කෙනෙක්, ඇය ඇය ගැනම විශ්වාස කළේ නැහැ, …සූලා ත් ….අවසානේ මේ දෙන්නම …
ඔබ හා වික්ටර් තණකොළ බිස්සේ වැතිරී ඉන්නවා. මොහොතකින් ඔබ විලට පනිනවා. මේ මොහොතවල් බොහොම වේගයෙන් කැමරාවට හසුකරගෙන තියෙනවා. සිනමා නිර්මාණකරුවෙකු විදියට මේ දසුන් දකිද්දී මේ දේවල් ඔබ බොහොම සියුම්ව සිදුකරන බව දැකගන්න පුළුවන්. මේ ගැන කතා කළොත් ?

මොකද නර්තන රචනය හා මේ මොහොතවල් ක්ෂණයෙන් එහෙ මෙහෙ වෙද්දි මේ ප්‍රතිභාව අපේ ඇතුළතින් එන හඬට සවන්දීම, මේ ආදරය, හැමදේකම රිද්මයක් තියෙනවා. හැම පෙම් යුවළක්ම එක්වෙද්දි ඔවුන්ටම අනන්‍ය රිද්මයක් තියෙනවා. රංගන ශිල්පිනියක් විදියට ඕනෑවට වඩා වේගවත්ව කටයුතු නොකිරීම හොඳ දෙයක් බව මට දැනෙනවා, මුලින්ම එන්නේ සංගීතයයි.
දෙයක් වැරදුණාම තමන් වරදක් කළ බව ශිල්පීන්ට දැනෙනවා. සමහරවිට ඒක අපේ වරදක් නෙමේ. කතා තේමාව ඇතුළේ බොහොම සුනම්‍ය අන්දමින් කටයුතු කරන්නත් සිද්ධවෙනවා. රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවට අධ්‍යක්ෂ විදියට පවෙල් කැමති නැහැ, අපිට එහෙම කරන්න වෙනවා. රිද්මය ගැන සිහියේ තබාගන්න වෙනවා. සමහර වෙලාවට අතිවිශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළත් රිද්මය අමතක වී යන්න පුළුවන්. හැඟීම් සමගින් සෙමින් හෝ වේගයෙන් රංගනය ඉදිරිපත් කරන්න ඕන.

කෙනෙක් සමග සිනමාපටයක වැඩකරද්දි මේ සිනමාපටය ස්ථානගත කරන්න බොහොම අසීරු එකක්, අධ්‍යක්ෂවරයා සුවිශේෂී බව හිතනවාද ?

හ්ම්, සිනමා අධ්‍යක්ෂවරු එකිනෙකාගෙන් වෙනස්. මං ඒ ගැන හිතද්දි දැනෙන්නේ ඒක අතිශය වෙනස් බවයි. සමහර අධ්‍යක්ෂවරු වැඩි කතාබහක් නැහැ. ඔවුන් තිර පිටපතට අතිශය බැඳී ඉන්නවා, කිසිලෙසකින්වත් එය වෙනස් කරන්න ඉඩදෙන්නේ නැහැ.

මෙවැනි අධ්‍යක්ෂවරු සමග එකට වැඩකරන්න ලැබෙන අවස්ථාව අතිසුවිශේෂී බව මං විශ්වාස කරනවා. ඔවුන්ගේ වචන තේරුම්ගන්න උත්සහ කරනවා, ඒ දේවල් හොඳින් අහගෙන, ඔවුන්ගේ පරිකල්පනය මනාව තේරුම්ගෙන කටයුතු කළයුතුයි. සවන්දීම පමණක් නෙමෙයි, ඔවුන් සමග සමීපව හිඳින්නත් උත්සහ කළයුතුයි. බොහොම විශ්වාසයෙන් යුතුව මේ සමස්ත ක්‍රියාදාමය තුළ හිඳීම අතිශය වැදගත් වෙනවා, රංගන ශිල්පීන් හා ඔවුන් අතර පවතින සම්බන්ධතාව අතිශය පහසු එකක් නොවෙයි. ලොක්කා වෙන්නේ ඔහු. අදාළ ආවේදනයන් තුළ ඉඳිද්දී ඔබේ පෞද්ගලික ජීවිතය, චරිතය, අධ්‍යක්ෂ මේ හැමදෙනා එක්කම ඉන්න ඕන. ඒවගේම ඔවුන් චරිත වලටත් සංවේදීයි. මේ මගේ දරුවා කියලයි ඔවුන් හිතන්නේ.

මෑතකදී අලුත් නිර්මාණයකට දායක වුණාද ?

මේ දවස් වල නම් සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු ගැන වැඩිපුර කටයුතු කරනවා. මං ගැබිණියක්, මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන්ගන්න යන්නේ. අලුත් පරිච්ඡේදයක් මේක. පෝලන්තයේ මේ සිනමාපටය සුවිශේෂී සාර්ථකත්වයක් අත්කරගත්තත්, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවලට සිනමා උළෙල නියෝජනය කරමින් යන්න වෙනවා.

ඒක වෙනත් ආරම්භයක් වේවි. බොහොම විනෝදයෙන් කාලේ ගතකරමින් අලුත් දේවල් ඉගෙනගනිමින් කටයුතු කරනවා. ඒකත් අලුත් අත්දැකීමක් වේවි.

අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්