‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය කියවන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා විසින් නිර්මාණය කරන ලද දේශපාලන වියවුල ගැන විවිධ මත පළවෙන මොහොතක් තුළ ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ යන තේමාවෙන් යුතුව ‘චානක්‍ය‘ නම් ආරූඪ නාමයෙන් යුතු පුද්ගලයෙකු විසින් මේ පොත් පිංච ලියැවී තිබේ.

චානක්‍ය සාකච්ඡාවට ලක්කරන මේ කාරණය තුළ ඔහු ඉස්මතු කරන වැදගත්ම කාරණය වන්නේ මෛත්‍රී වටා සිටින උපදේශකයින් විසින් ඔහුව මේ තත්ත්වයට ඇද දැමුවාද ?  යන ප්‍රශ්නයයි.  එමෙන්ම, දේශපාලනය තුළ මෛත්‍රීගේ ඉදිරි ජීවිතය කෙලෙස විසඳෙනු ඇත්ද ?  යන්නත් අවධානයට ලක්කරයි.

මෙතැන, මේ මොහොත ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතියේ ශේෂ පත්‍රය පරිච්ඡේදයේදී තබා ඇති සටහන පාඨක ඔබට ද අතිශය වැදගත් වනු ඇතැයි සිතමි.

‘‘සිරිසේන මහතා දැන හෝ නොදැන සිදුකරමින් සිටින දේශපාලන වෙනස රාජ්‍යය සහ ජනතාව දශක ගණනාවක් තිස්සේ ආයාසයෙන් බලාගෙන සිටි වෙනසකි. එම වෙනස් දැකීම සඳහා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් සන්නද්ධව සටන් කරනු ලැබීය. එය අතිශය අසාර්ථක විය.

නමුත්, ජනාධිපති සිරිසේන අත්‍යවශ්‍ය දේශපාලන පරිසරයක් නිර්මාණය කරදී තිබේ. එය සාධනීය ලෙස භාවිත කිරීම රටේ ජනතාවගේ වගකීමකි.‘‘

මින් පසු ලියැවෙන සටහන් අන් කිසිවකටත් වඩා වැදගත්ය.

‘‘ඔහු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, නව අගමැතිවරයෙකු පත් කිරීම වැරදිබව දැනගෙන සිදුකළේ නම්, ඔහුගේ දේශපාලන කෞශල්‍යය කිසිවකුත් සිතනවාට වඩා ගැඹුරුය. ඔහු අදාළ මූලික නෛතික කරුණු ගැන අනවබෝධයෙන් අදාළ දේශපාලන තීන්දු ගෙන ඇත්තේ නම් එය සිදුවී ඇත්තේ සමස්ත සමාජයේ දිගුකාලීන වාසිය සහ රාජ්‍යය ස්වාධීන සහ ජනතාවාදී ආයතනික ව්‍යුහයක් ලෙස සකස් කරගැනීමටය‘‘

පවතින තුෂ්ණිම්භූත තත්ත්වය විසඳීමට දීප්ති කුමාර ගුණරත්න, චන්න ජයසුමන, දයාන් ජයතිලක, සරත් විජේසූරිය හෝ සුරේන් රාඝවන් ආදීන් වෙනුවට ‘‘සිරිසේන මහතාගේ බලය යළිත් තහවුරු කිරීමට කොටි සංවිධානයේ දේශපාලන අංශය යැයි කියාගත් අංශයේ තමිල් චෙල්වන් මට්ටමේ පුද්ගලයෙකු හෝ ඒ හා සමාන පුද්ගලයින් කණ්ඩායමකට‘‘  හැකි බවත් යෝජනා කර ඇත.

‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය කියවන්න පිවිසෙන්න

[gview file="http://www.slguardian.org/si/wp-content/uploads/2018/12/Maithree_Booklet.pdf"]