පෙනිස්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍යවිද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු වන වික්‍රම් පල්කාර් රචනා කළ The Afflications කෘතිය ඉන්දීය HarperCollins සමාගමේ ප්රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි.
මැක්සිමෝ මහළු වියේ පසුවන පුස්තකාලාධිපතිවරයෙකු වටා ගෙතී තිබෙන මේ කෘතිය හරහා මිනිසුන්ගේ බලාපොරොත්තුව හා කායික පැවැත්ම අතර පවතින සදාකාලික අරගලය ගැන අනාවරණය කරයි.
මැක්සිමෝ මධ්‍යම පුස්තකාලයේ සේවය කිරීමට පැමිණෙන පළමු දිනයේදී මෙහි තිබෙන වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයට අදාළ විශ්වකෝෂය ගැන සොයාබලන අතර ඒ හරහා අපූරු තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට සමත් වේ. මාරාන්තික ගණයේ හිස කරකැවිල්ලක් ගැන මෙහි ලියැවී ඇති අතර මෙම අසනීපයේ ගොදුරු බවට තැනැත්තන්ට හමුවන සෑම අයෙකුම මෙවැනි පුද්ගලයෙකු ජීවත්ව සිටියාදැයි යන්න පවා නොදන්නා තත්ත්වයට පත්වේ.
රෝගයේ ගොදුර බවට පත්වන තැනැත්තා සිතන අතරතුරදී ඔහුගේ සිරුරේ තුවාල හටගන්නට පටන්ගන්නා අතර ක්‍රමයෙන් මරණාසන්න රෝගියාගේ හදවත ද නතර වී රුධිරය ද සිසිල් වීමට පටන් ගනී. මැක්සිමෝ සොයාගන්නා අන්දමට මධ්‍යම පුස්තකාලයේ තිබෙන මේ කෘතියේ පවතින කරුණු වලින් අදාළ රෝගයට අදාළ ඖෂධ ගැන නොසිතූ විරූ දෑ අනාවරණය කර ගනියි.
The Afflications කෘතිය ව්‍යාජ රෝගාබාධ ගැන තිබෙන සාර සංග්‍රහයක් වැනිය. සමකාලීන වෛද්‍ය විද්‍යාඥයෙකු රචනා කළ මේ කෘතිය පුරාණ ඖෂධ පිළිබඳ වූ විශ්වකෝෂයකි.
The Afflications ස්පාඤ්ඤ හා ඉතාලි භාෂාවට පරිවර්තනය වී තිබේ. වික්‍රම් මීට පෙර රචනා කළ The Wounds of the Dead කෘතිය ද ඉන්දියාවේ HarperCollins සමාගම මගින් 2017 වසරේදී මුද්‍රණයට පත්වූ අතර වර්තමානයේ ඇමරිකාවේ දිවිගෙවන ඔහු මුබ්බායි හි දී හැදී වැඩුණු තැනැත්තෙකුය.
Home ශ්‍රී ලංකාව අභිරහස් විශ්වකෝෂයක් ගැන ලියැවුණු The Afflications ඉන්දීය HarperCollins සමාගම වෙතින්
අභිරහස් විශ්වකෝෂයක් ගැන ලියැවුණු The Afflications ඉන්දීය HarperCollins සමාගම වෙතින්
By azad • December 06, 2018 • Art Beyond The Line books HarperCollins India Vikram Paralkar විශේෂාංග ශ්‍රී ලංකාව • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment