යහපාලනයේ අසුචි උලන මාධ්‍ය පකිර්ලා..

බිගුන් මේනක ගමගේ 

ආණ්ඩුවේ මාධ්‍ය හැසිරීමේ අසමත් තැන් බොහෝමයකි. මුරුංගා කොළ කා වේල් කිහිපයක් සරි කරගත් පවුලක් ගැන අනුරාධපුරයේ මනුල ලියූ පුවත්පත් වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති මාධ්‍ය ඒකකය ලියූ ලිපියක් පදනම් කරගනිමින් ගත් ජුගුප්සාජනක උත්සාහය උදාහරණයකි.


මනුල දෙස් විදෙස් පුහුණුව ලද ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින මාධ්‍යවේදියෙකි. වරෙක හොඳම ප්‍රාදේශීය ගවේෂණාත්මක මාධ්‍යකරුවා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇගයුම් ලද්දෙකි. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල ඉන්නා බොහෝ ලියන අප්පුලාට වඩා ඔහුට ඇති සුදුසුකම් ඉහළය. මනුල අසත්‍යයක් ලියා තිබුණත් ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙලෙස නොවේ. මේ ආකාරයට ආණ්ඩුවේ ප්‍රතිරූපය නැංවීමට උත්සාහ ගැනීම අපට පෙනෙන්නේ කඩුවක් ගෙන රජා පරිස්සම් කළ රිළවාගේ කාරිය වගේය.




ආණ්ඩුව ඇසුරේ ඉන්නා ගමන් යහපාලනයේ කක්කා ගාන සමහරු 2015ට කළිං හැංගී සිටි බව අපිට මතකය. දැන් නුඹලා උත්සාහ ගන්නේ ආණ්ඩුව සරසන්නට ගොක් කොළ කැපීමටය.


"එයාලා මුරුංගා කොළ විතරක් නෙවෙයි ඒවා එක්ක බතුත් කාලා" යැයි උදම් ඇනිමම විහිළුවකි.


මෙවැනි සිද්ධියක් හැන්ඩ්ල් කළ යුතු ආකාරය අපෙන්වත් ඇසුවානම් ගාණ ටිකක් සැර වුණත් කියලා දෙනවා නොවැ. මහත්වරුනි දැන් අවශ්‍ය වන්නේ Constructive Journalism. මනුල ඒවා දන්න කෙනෙක් මඩ නොගසා අඩ ගසා වැඩ ගනිල්ලා. ආචාර්ය රංග කලංසූරිය හෙම මනුල ගැන සාක්කි කියයි. අතිගරු ජනපතිතුමනි, අගමැතිතුමනි සමහර මාධ්‍ය දැනමුත්තන්ගෙන් පරිස්සම් විය යුතුමය.