අද ජනපති හමුවෙන් පසුව කතානායක විශේෂ බලතල පාවිච්චි කරන්නට යයි.

ඊයේ  (ඔක්තෝබර් 30වැනිදා) දින කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායක වරයා පක්ෂ නායකයින් සමග සාකච්චා කර අනතුරුව සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට හෙට දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින්  ලිඛිතව දැනුම් දීමත් සමග මෙම තීරණයට කතානායකවරයා එළඹ ඇති බවද කතානායක නිල නිවසේ ආරංචි මාර්ග සදහන් කරයි.



ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර සිටී.