ඔබ ගැන තොරතුරු ටිකක් කියනවද ?
මගේ ගම රාජගිරිය. ඉගෙනුම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාෙලේ. මම 1995 එස්.අයි කෙනෙක් විදිහට පොලිසියට බැදී පුහුණුවීමෙන් පසු වැලිකන්දේ මායිම් ගම්මාන ආරක්ෂා කරන අතරතුර එකවරක් LTTE ප්‍රහාරයකට හසුවුණා. වැලිකන්දේදී දෙවරක් මා ත්‍රස්තවාදීන්ට ප්‍රහාරයක් එල්ල කළා.
ඔබ මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයට යන්නේ කොහොමද ?
2001දී පොලිස් නාකොටික්ස් ආවේ සම්මුඛ පරීක්‍ෂණයකින් පසුවයි.
[caption id="attachment_21398" align="alignleft" width="300"]
ඔබ මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයේදී පෙන්වපු දක්‍ෂතා මොනවාද ?
හෙරොයින් කිලෝ 400ක් අත්අඩංගුවට, අල කන්ටේනර්, ග්‍රීස් කන්ටේනර්, ජාත්‍යන්තර මුහුදේ අල්කයිඩා` සමාජිකයන් සමග නැවක් කිලෝ 111ක් සමග, හෙරොයින් 10kg සමග කෝටි 900ක් දේපළ සමග අත්අඩංගුවට, වෙලේ සුදා ඇතුළු ජාවාරම්කරුවන් 43 ට මරණ දඬුවම් ලබාදීමට සාක්ෂි දීම, තව නඩු 60ක් ඉදිරියට ඇත.
ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාව විනාශ කරන්න බැරිද ? ඒකට තියන බාධක මොනවද ?
ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාව විනාශ කරන්න ලෙහෙසියෙන් පුළුවන්, ඒත් ඒක කාටවත් වුවමනා නැහැ. ලංකාවේ තිබෙන සෙට් අප් දුෂිතයි.
මෑත කාලයේදී ඔබව රිමාන්ඩ් කරනවා. ඊට හේතුව ?
2012 දී වැලිකඩ riot එක වෙලේ මම ආවා කියලා කුඩුජාවාරම් කරුවන්ගේ සාක්ෂි මත. Army, STF, Prison officers, Narcotics officers, Informant ආදීන් මා එම දින ඇතුළට නොපැමිණීම සහතික කර තිබෙනවා. ඒත්, කුඩුජාවාරම්කරුවන් ගේ සාක්ෂි මත මා අත්අඩංගුවට ගත්තා. මීට පෙර සාක්ෂි දී තිබෙනවා. මේවා නිර්මාණය කළ කට උත්තර.
මේක පසු පස තියෙන්නේ කාගේ උවමනාවද ?
Tamil Diaspora, NGO, සිංහල කොටි, දේශපාලන ලෝකයේ කිහිප දෙනෙකු, ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුගේ වුවමනවා.
[caption id="attachment_21397" align="alignright" width="300"]
මේ කේස් එකෙන් ඔබට මොකක් වෙයිද ?
සාධාරණ, අපක්ෂපාතී විදිහට කටයුතු කළොත් නඩුවක් නැහැ.
කොහොමද මේ කේස් එකට එරෙහිව ඔබ සටන් කරන්නේ ?
දරුවන් ට උගන්වන ,කන්න දෙන්න තිබෙන සල්ලි වලින් නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබාගන්නවා. මාස 07 ක ඉඳලා දැනටමත් ඉන්ටර්ඩික්.
සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
(ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තකි. ඡායාරූප අන්තර්ජාලයෙනි )
Post a Comment