අශෝක හඳගමගේ නවතම නිර්මාණය වන ‘අසන්ධිමිත්තා‘ චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම, 23 වෙනි බූසාන් සිනමා උළෙලේදී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වෙනිදා දක්වා දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැත්වීමට නියමිත බූසාන් සිනමා උළෙල ආසියාවේ විශාලතම අන්තර්ජාතික සිනමා උළෙල වේ. විවිධ අංශ වලින් සිනමාපට 300ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන මෙහි 'ආසියානු සිනමාවට කවුළුවක්' (A Window on Asian Cinema) අංශයේ හොඳම චිත්‍රපට දෙක සඳහා පිරිනැමෙන කිම් ජිසොක් සම්මානය සඳහා අසන්ධිමිත්තා චිත්‍රපටය නිර්දේශ වී ඇත.
බූසාන් සිනමා උළෙලේ සමාරම්භක සාමාජිකයෙකු වන කිම් ජිසොක් ආසියානු සිනමාවේ වර්ධනය උදෙසා විශාල සේවයක් කල අයෙකු ලෙස බුහුමනට පත්වූවෙකි. ඔහු පසුගිය බූසන් සිනමා උළෙලේදී අභාවප්ප්‍රාප්ත විය.
අසන්ධිමිත්තා සිනමාපටයට නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක රංගනයෙන් දායක වේ.
අමල් අල්විස් සහාය අධ්‍යක්ෂණයෙන් ද මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරණයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි චිත්‍රපට වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි.
අසන්ධිමිත්තා සිනමාපටය සමන් වික්‍රමාරච්චි විසින් එනමින් රචනා කළ කෙටි නවකතාව ඇසුරින් නිර්මාණය වුවකි.
Post a Comment