කිලිනොච්චියේ දී ඉවත් කළේ නටබුන් නොවේ - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් යැයි සැලකෙන ස්ථානයක් කිලිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කළ බවට සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ද පැතිර යන පුවත අසත්‍යයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පවසයි.


මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන මණ්ඩාවල මහතා පවසන්නේ, ‘‘ජේතවන හා අභයගිරි ස්ථූප සංරක්ෂණය සඳහා භාවිතා කරන ගඩොල් වලින් ප්‍රතික්ෂේප වුණු ගල් 15000ක් පමණ භාවිතා කර කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ 2011 වසරේදීය. ගල්කඩවල කොන්ත්‍රාත්කරුවෙකු විසින් සපයන ලද අදාල ගඩොල් අභයගිරි ස්ථූපය අසළ කාලාන්තරයක් ගොඩ ගසා තිබියදී යුධ හමුදාව විසින් ඉදි කිරීම් කටයුත්තක් සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම ගඩොල් ලබා දී  තිබෙනවා. මේ කාලේ අභයගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු වූයේ, ජයන්ත රත්නායක මහතා යි. මෙම ගඩොල් වල මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලාංඡනය සහිත බැවින් පෞරාණිකද නොවන වග වෙන් වෙන්ව හඳුනාගත හැකියි‘‘ යන්නයි. 




[caption id="attachment_21086" align="alignleft" width="300"] මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලාංඡනය සහිත ගඩොල් [/caption]

මේ සිද්ධිය සිය පටු ජාතිවාදී අරමුණු ඉෂ්ට කරගැනීමට ද ඇතැමුන් යොදාගත් අතර මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්ට ද චෝදනා එල්ල කිරීම ද සිදුවිය. කෙසේවුවත්, මේ ගැන පැහැදිලි කිරීමක් කරන  මන්ත්‍රී ශිවඥානම් පවසන්නේ, කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක පුරාවිද්‍යා උරුමයක් විනාශ කිරීමට තමන් කටයුතු කොට නොමැති බවයි.


සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ජාතිවාදී හැඟීම් ඉස්මතු කරමින්  මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම යුක්ති යුක්ත නොවේ.