මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යච්ඡේද විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී එල්ටීටීඊ සංවිධානය විසින් සාහසික ලෙස ඝාතනයට ලක්කළ රාජිණී තිරාණගමගේ 29 වැනි සැමරුම අද (21) ට යෙදී ඇත. මේ ඇයගේ ආදරණීය සැමියා වන දයාපාල තිරාණගම, රාජිණීගේ ඝාතනය මෙන්ම මෙන්ම 'බිදුණු තල්රුක' ග්‍රන්ථයේ ඇය එල්ටීටීඊ සංවිධානයේ බිඳවැටීම ගැන පළකල සටහනක් මුහුණුපොතට එක්කර තිබූ අයුරුය.
‘‘මෙයට හරියටම අවුරුදු 29කට කලින් 1989 සැප්තැම්බර් 21 දින සවස 5.00 ට පමණ මගේ බිරිඳ රාජිණී ද්‍රවිඩ කොටි සංවිධානය විසින් සහාසික ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මට ඇය ගැන පණිවිඩය ලැබුනේ එයට පසුදින උදේය. එවකට රටේ පැවති අතිබිහිසුණු දේශපාලන තත්ත්වය නිසා මා නැවතී සිටියේ බොරැල්ල හන්දිය අසල පැවති අපේ ආරක්ෂක නිවසකය. එයට පසුදා උදේ පාන්දර අපි යාපනය බලා පිටත්වයාමට සුදානම් වූයෙමු. මා සමග යාපනයට ගියේ නිර්මාල් රංජිත් දේවසිරි සහ MDDR හි විමල් ප්‍රනාන්දු සහෝදරවරුන්ය. එහි පිටත් වීමට කලින් ඒ ගෙදර මුල්ලක බිම වාඩිවී විලාප නගමින් හැඬුවා මට මතකය. මේ කරුණු වලට වඩා අදට වැදගත් වන්නේ රාජිණී කොටි සංවිධානයේ අවසානය 'බිදුණු තල්රුක' ග්‍රන්ථයේ සටහන් කළ ආකාරයයි.
‘‘ද්‍රවිඩ කොටින්ගේ ඉතිහාසය, ඔවුන්ගේ න්‍යායික හිස්බව, දේශපාලන නිර්මාණතාවයක් නොමැතිවීම, නොවිසිලිවන්තකම සහ අන්ධ භක්තියෙන් කරන කැප කිරීම සංවිධානයේ බිඳ වැටීමට අවසානයේ හේතුවනු ඇත. ද්‍රවිඩ කොටින්ගේම වැරදි ක්‍රියාකලාපයන් නිසා එහි බිලි බවට පත් වුවන්ගේ ලෙයින් සහ කඳුළෙන් සිය දෙඅත් තෙමාගත් ජනප්‍රවාදගත ද්‍රවිඩ කොටින් සිය අවසානය ළඟා කර ගනු ඇත. ඔවුන්ගේ අළු වලින් නව කොටියෙකු බිහි නොවනු ඇත. නව විමුක්තිකාමී දෘෂ්ටියක් උපත ලැබිය යුත්තේ මේ සමස්ත ඉතිහාසයෙන් සහ එහි ආධිපත්‍යධාරී දෘෂ්ටියෙන් කැඩී වෙන් වීමෙන් පමණි."
මෙයින් අප පාඩම් දෙකක් උගත යුතුබව මම විශ්වාස කරමි. උතුරේ සහ නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොදී පීඩනය තවදුරටත් ගෙනයන්නේනම් නව කොටියෙකු උපත ලබනු ඇත. දෙවැන්න පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව විමුක්තිය උදාකර ගැනීමට කැස කවන සංවිධානයන් ද්‍රවිඩ අරගලයෙන් ගත යුතු වටිනා පාඩමය.‘‘
Post a Comment