නීතිපති දෙපාර්තමේන්තුවට වසර 130ක් පිරීම නිමිත්තෙන් අද (19) දිනයේදී පැවැත්වීමට නියමිත උත්සවයට නොපැමිණෙන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් හට එම දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි වාර්තා වේ.
මෙම උත්සව අවස්ථාවට අගවිනිසුරුවයා සහභාගී වුවහොත් එම ස්ථානයෙන් පිටට යාමට පසුගිය සෙනසුරාදා දින ශ්රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව තීරණය කර තිබුණි.
මෙම තීරණය පිළිබඳව නීතිපති යුවන්ජන විජේතිලක වෙත දන්වා සිටි බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසා ඇති අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අගවිනිසුරුවරයා ව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරු පදවියේ විශ්වාසීනියත්වය පිළිබඳ සිය විශ්වාසය බිඳී ඇති බව පවසමින් එම තනතුරෙන් ඉල්ලා අස්වන මෙන් ශ්රී ලංකා නීතීඥ සංගමය කිහිප වරක් මොහාන් පීරිස් ගෙන් ඉල්ලා තිබේ.