| නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
එජාපයේ අභ්‍යන්තර වාද විවාද අතර වඩාත් ප්‍රබල තර්කය වූ 'රනිල්ට බෑ' යන්න මේ වනවිට ප්‍රතික්‍ෂේපවී ඇත. මේ වනවිට ප්‍රහාර එල්ල කිරීමෙන් රනිල් අතහැර ඇත. නායකත්ව මණ්ඩල සාමාජිකයන් යුඇන්පී කාරයන් නොවන බව එජාපය තුල අවුල් ඇති කරන අලුත්ම ව්‍යෘපාරය බවට පත්ව ඇත.
2013 වයඹ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිපලය තෙක් එක දිගට රනිල්ට ප්‍රහාර එල්ල කළ සජිත් කණ්ඩායම මාතර කුරුඳු පොලූ ප්‍රහාරය හරහා නිහඬ විය. ඒ අතර වයඹ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිපලයෙන් එජාපය ලද බරපතල පරාජය තනිකර රනිල් කරමත පැටවිණ. සජිත් පාර්ශ්වය ඒ හරහා රනිල්ට නැවත ප්‍රහාරයක් සැලසුම් කළහ. ඒ සමග එක්සත් භික්‍ෂු පෙරමුණ නිර්මාණය කළ නායකත්ව මණ්ඩල ක්‍රම වේදය එජාපයට මෙන්ම රනිල්ටද වැඩි සුරක්‍ෂිත භාවයක් ඇති කළේය. ඒ නැඹුරුව හරහා හුදෙකලාව සිටි රනිල් මෙන්ම එජාපයද බෙහෙවින් ශක්තිමත් විය.
එජාපයේ අභ්‍යන්තර වාද විවාද අතර වඩාත් ප්‍රබල තර්කය වූ 'රනිල්ට බෑ' යන්න මේ වනවිට ප්‍රතික්‍ෂේපවී ඇත. මේ වනවිට ප්‍රහාර එල්ල කිරීමෙන් රනිල් අතහැර ඇත. නායකත්ව මණ්ඩල සාමාජිකයන් යුඇන්පී කාරයන් නොවන බව එජාපය තුල අවුල් ඇති කරන අලුත්ම ව්‍යෘපාරය බවට පත්ව ඇත.
2013 වයඹ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිපලය තෙක් එක දිගට රනිල්ට ප්‍රහාර එල්ල කළ සජිත් කණ්ඩායම මාතර කුරුඳු පොලූ ප්‍රහාරය හරහා නිහඬ විය. ඒ අතර වයඹ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිපලයෙන් එජාපය ලද බරපතල පරාජය තනිකර රනිල් කරමත පැටවිණ. සජිත් පාර්ශ්වය ඒ හරහා රනිල්ට නැවත ප්‍රහාරයක් සැලසුම් කළහ. ඒ සමග එක්සත් භික්‍ෂු පෙරමුණ නිර්මාණය කළ නායකත්ව මණ්ඩල ක්‍රම වේදය එජාපයට මෙන්ම රනිල්ටද වැඩි සුරක්‍ෂිත භාවයක් ඇති කළේය. ඒ නැඹුරුව හරහා හුදෙකලාව සිටි රනිල් මෙන්ම එජාපයද බෙහෙවින් ශක්තිමත් විය.
නායක්ව මණ්ඩල විධිවිධානය රනිල්ගේ තවත් ගැටයක් ලෙස සජිත් කණ්ඩායම තේරුම් ගෙන තිබිණ. ඒ නිසා සජිත් තලතා දෙදෙනා නායකත්ව මණ්ඩය වර්ජනය කළහ. එයින් නො නැවතී තමන්ට ලෙන්ගතු මාධ්‍ය ලවා එජාපයට හා නායකත්ව මණ්ඩලයට දැඩි ප්‍රහාර එල්ල කළහ. එහෙත් බස්නාහිර දකුණ පළාත් සභා ප්‍රතිපලය එජාපයට යහපත් විය. රනිල් පල කියමින් සිටි සජිත්ද හම්බන්තොටදී අසාර්ථක විය. ඒ මැතිවරණයෙන් සජිත්ට වඩා ප්‍රගතියක් කළුතර මන්ත්‍රී අජිත් පෙරේරා වාර්තා කර තිබිණ.
ඒ අතර ඌව මැතිවරණය ආරම්භ විය. එහි මුළු බර කරු ජයසූරිය ප්‍රමුඛ නායකත්ව මණ්ඩලය දැරිය. හරින් ඉදිරිපත් කරවා සටන මුවහත් කිරීමෙන් හරහා ඇති කළ උත්තේජනය හුදු නායකත්ව මණ්ඩලය පෑ ප්‍රාතිහාර්යකි. ඌව සටන සාර්ථක වනු දුටු සජිත් පස්සෙන් දිව විත් බස් එකේ එල්ලිණ. සැප්තැම්බර් 6 වෙනිදා වනවිට සටන තීරණාත්මක ඉසව්ව පසුකර තිබිණ. පස්සරදී එජාප විධායක ජනාධීපති අපේක්‍ෂකයා රනිල් යයි සජිත් කළ ප්‍රකාශය රනිල්ගේ හැකියාව සජිත් කණ්ඩායම කොන්දෙසි රහිතව පිළිගැනීමකි. එහෙත් සජිත් රනිල් විරෝධය අත් හළේ නැත. සජිත් පස්සර රැළියෙන් පසුව රනිල් සිටි ඌව වේදිකාවකට නැවත නොපැමිණියේ ඒ නිසාය.
සියල්ල අවසානයෙහි දැන් සජිත් එජාපයේ නියෝජ්‍ය නායකයා විය. සජිත් එජාපයේ නියෝජ්‍ය නායකයා වූ දෙවන අවස්ථාව මෙයයි. තනතුරු ලැබුණාට සජිත් පක්‍ෂයේ වාසියට කිසිවක් කරන්නේ නැත. ඔහුට අවශ්‍ය රනිල් නික්ම යන තෙක් පක්‍ෂය පරදිනවා දැකිමටය. රනිල් මෙවර මහින්ද සමග රේස් එකට දාන්න සජිත් ද`ගලන්නේද ඒ නිසාමය.
මෙවර පක්‍ෂය එකමුතු කළේ තමා බව පක්‍ෂ මහා ලේකම් තිස්ස අත්තනායක ස්වේච්ඡාවෙන් පිළිගෙන තිබුණි. තිස්ස අත්තනායක ඌව මැතිවරණ සාර්ථකත්වයේ පණිවිඩය රටට යන්ට ඉඩ නොදී එජාපයට තවත් ලෙඩක් ඇද්දේය. ඒ නායකත්ව මණ්ලයෙන් තමා ඉවත්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙනි. එහිදී ඔහු ඊට හේතු ලෙස දැක්වූයේ නායකත්ව මණ්ඩලයේ එජාපයේ නොවන අය සිටින බවය. ඒ හරහා ඔහු ඇ`ගිල්ල දිගු කළේ රවි කරුණානායක, මංගල සමරවිර, විජේදාස රාජපක්‍ෂ ආදි ප්‍රමුඛ සාමාජිකයන්ටය. ඒ සමග සජිත් පිල, කරු ජයසුරිය ආණ්ඩුවට ගිය කතාවක් ද, කියයි. සජිත්ගේ පරිවාර බුද්ධික පතිරණ පිල් මාරු කර එජාපයට පැමිණියවුන් ගෙවලයන් ලෙස හඳුන්වමින් සිටියි. එජාප විනයක් නැති කෝලම් මඩුවක් මිස රටක් අල්ලන දේශපාලන අරමුණක් නැති බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැත.
බුද්ධික පතිරණ ඇතුලු සජිත් තිස්ස සංධානය රවිට, මංගලට, විජේදාසට ගහන්නේ ඔවුන් පරණ ශ්‍රී ලංකා කාරයන් නිසා නොවේ. වර්තමාන එජාපය හිස්කර එහි බලය අල්ලා ගැනීමටය. මේ මානසික ව්‍යාධීය ආර්.ප්‍රේමදාසටද තිබිණ. එදා ඔහු 12 වසරක් ශක්තිමත්ව පැවති, එජාපය දුර්වල කළේය. ඒ නිසා වැටුණ එජාපය තවම නැගිටලා නැත. තිස්ස අත්තනායක එකතු කළා කියන එජාපයට තෙමේම නැවත හූනියම් කරමින් සිටී.
තම වාසිය පිණීස මේ නගන පිල්මාරු අවලාද හරහා මේ හෙළි වෙන්නේ කුමක්ද? සජිත් තිස්ස ආදිහූ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වටිනාකම් නොදන්නා බවය. කාගේවත් නො දන්නාකම ගැරහීමට ලක්විය යුතු නැත. ඒ හෙළිදරව්ව අවසන් විය යුත්තේ යථාවබෝධය ලබා ගැනිමෙනි. හෝ තම මතය තහවුරු කිරීමෙනි. මේ සාකච්ඡා කරන්නේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පිල්මාරු පිළිබඳ කවුරු කවුරුත් දත යුතුවන කාරණාය. බුද්ධික පතිරණගේ මාමණ්ඩිය හේමන්ත වර්ණකුලසුරියගේ ශ්‍රීලනිපය ප්‍රකට පිල් මාරුවක ප්‍රතිපලයකි.
කරු මංගල රවි තිදෙනා ගැනම නැගෙන මේ අවලාදවල පසුබිම වෙනත් එකකි. එය එජාපය තුල පවත්නා බලය ඇල්ලීමේ ව්‍යාපෘති කළමනාකරුවන්ගේ න්‍යාය පත්‍රවලට අයත් කාරණාවේ. මෙය හරියටම රණසිංහ ප්‍රේමදාස ජනාධිපති පදවියට පත්ව ගාමිණීලා ලලිත්ලා එළවා ගන්ට යෙදූ උපමාරු වැනි උප්පර වැට්ටියකි. එදා දේශපාලන නොවන කකුල් මාට්ටු දැමිමට ගොස් ප්‍රේමදාස ජිවිතය පුරා මහත් අපහසුවෙන් උපයා ගත් සියලු නම්බු ගෞරව එක දවසකින් අවසන් කර ගත් බව රහසක් නොවේ.
ඔහුගේ අවාසනාවන්ත මරණය හමුවේ රටක් සතුටු වුනේ ඒ කුඩුකේඩු ප්‍රතිපත්තිය නිසාය. ඒ නිසා මේ කුම්මැහි කතා කීම තවදුරටත් නො කළ යුතුවේ. ලංකා දේශපාලනයේ පක්‍ෂ මාරු යනු විශිෂ්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කොටසකි. ඊට අදාල ඉතිහාසයෙහි පක්‍ෂ මාරු කළ වුන් අතර, එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක වෙති. පිලිප් ගුණවර්ධන වෙති. ස්ටැන්ලි තිලකරත්න වෙති. ආර්.ජී.සේනානායක වෙති. ජයවීර කුරුප්පු වෙති. ආතාවුද සෙනෙවිරත්න වෙති. ඞී.ඒ රාජපක්‍ෂ වෙති. ටී.බී.සුබසිංහ වෙති. රත්නසිරි වික්‍රමනායක වෙති. ප්‍රින්ස් ගුණසේකර වෙති. පී.බී.ඒ. වීරකොන් වෙති.
බුද්ධික පතිරණ තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස ආදිහු මෙකී විශිෂ්ඨ දේශපාලනඥයන් පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුව ඇත. පිල් මාරු කරන්නන් ගෙවලයන් නම් ආර්.ප්‍රේමදාස යනු ඒ.ඊ, ගුණසිංහ සිය කම්කරු පක්‍ෂයෙන් පටන් ගෙන එජාපයට පැමිණියෙකි. අතරමගදී පුරවැසි පෙරමුණ හදාගෙන එජාපයෙන් ඉවත් විය. නැවත එජාපයට එක් විය. එසේ වරින් වර පිට පැන්න ප්‍රේමදාස එජාපයෙ නායකත්වයටද පත්විය. අද එජාප නායකත්වය සඳහා සටන් කරන සජිත්ට ඇති එකම සුදුසුකම ඒ ප්‍රේමදාසගේ පුතා විමය. සජිත්ට විධායක ජනාධිපති ක්‍රමය ගැන මතයක් නැත. 13 වෙනි සංශෝධනය ගැන මතක් නැත.
18 සංශෝනය ගැන මතයක් නැත. බලය බෙදීම ගැන මතයක් නැත. අධ්‍යාලනය ගැන මතයක් නැත. ඔහු කතා කරන්නේ ඇලවේලි පාලම් ගැනය. බුද්ධික පතිරණට තිස්ස අත්තනායකට අනුව සජිත්ගේ තාත්තා ආර්.ප්‍රේමදාස ද ගෙවලයකි.
ඉතිහාසය නොදන්නෝ සිය වර්තමානය මෙන්ම අනාගතයද විනාශ කර ගනිති. මේ බව කවුරු කවුරුත් සිහිපත් කරගත යුතුව ඇත. පිල් මාරුව පිළිබඳ අතීත කතා සාකච්ඡා කිරිම සාමන්‍ය ජනතාවට වැදගත් වේ. විෂය බද්ධ තත්වය අධ්‍යයනය කරන්නෙකුට පක්‍ෂ මාරු කිරිම කුමක්ද යන්න අවබෝධ කර ගත හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ මේ හැසිරිම හැඳීන්වෙන්නේ පිල් මාරුව කියාය. ලංකා දේශපාලන ඉතිහාසය ගත් කළ පිල් මාරුව ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ඨ ලක්‍ෂණයකි. 1947 පිහිටුවන ලද එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ සභානායක ඇස්.ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායක ය. අදත් රටේ මහා දේශපාලන ප්‍රවාහයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කරන ල්දදේ පිල් මාරුවක ප්‍රතිපලය හැටියටය. එදා පාර්ලිමේන්තුවේ රතු පලස පාගාගෙන ආණ්ඩු පක්‍ෂයේ සිට බණ්ඩාරනායක විපක්‍ෂයට පැමිණෙන විට ඔහු පසුපසින් පැමිණි මන්ත්‍රීන් අතර, බෙලිඅත්තේ ඞී.ඒ.රාජපක්‍ෂද විය.
1956 මහ මැතිවරණයට පෙර ආර්.ජී. සේනානායක එක්සත් ජාතික ආණ්ඩුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය. ඔහු ඒ වනවිට එජාප ආණ්ඩුවේ වානිජ හා වෙළඳ ඇමතිව සිටියේය. මෛත්‍රිපාල සේනානායක 1953දී එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව බණ්ඩාරනායක සමග එක් විය. ඒ වනවිට මෛත්‍රිපාල සේනානායක එජාප ආණ්ඩුවේ ස්වදේශ කටයුතු උප ඇමතිව සිටියේය. නිවිතිගල ප්‍රෑන්ක් හෙට්ටිආරච්චි සමසමාජ පක්‍ෂයේ සිට බණ්ඩාරනායක සමග එකතු විය. රත්නපුර ජයවිර කුරුප්පු එජාපයේ සිට බණ්ඩාරනායක සමග එකතු විය.
නාවලපිටියේ ආර්.ඊ.ජයතිලක කම්කරු පක්‍ෂයේ සිට බණ්ඩාරනායක සමග එකතු විය. ගාල්ලේ විජයානන්ද දහනායක සමසමාජ පක්‍ෂයේ සිට බණ්ඩාරනායක සමග එකතු විය. මේ පිල් මාරු මෙසේ සිද්ධ වෙනවිට දඹුල්ලේ එච්.බී.තැන්්නේ සහ මාතලේ බර්නාඞ් අළුවිහාරේ යන දෙදෙනා 1956 ආසන්නයේ ශ්‍රීලනිපයෙන් බණ්ඩාරනායක ගෙන් වෙන්ව එක්සත් ජාතික පක්‍ෂයට එකතු විය. 1956 ශ්‍රීලනිපයෙන් මාතලේ ආසනය දිනා ගත් නිමල් කරුණාතිලක පිලිප් ගුණවර්ධනට එකතු විය.
රොනී ද මැල් යනු පිල් මාරුව සමග කියැවෙන ජනප්‍රිය නමකි. රොනි පනී යන්න එකල ජයප්‍රිය කතාවකි. ශ්‍රීලනිපයෙන් දේශපාලනය ආරම්භ කළ රොනි ද මෙන් කිහිප වරක් පක්‍ෂ අතර එහෙමෙහෙ විය. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ සිට ශ්‍රීලනිපයට රොනී කරනම ගසන විට රිචඞ් පතිරණ කී ප්‍රකාශයත් නොමැකෙන එකකි. තමන් වෙත ආ මේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා ශ්‍රීලනිපය පිළිගත්තේ මැල් ද මල් කියාය.
ලංකා දේශපාලනයේ අදටත් මේ පිල් මාරු සිදුවේ. එහෙත් ජේ.ආර්.ජයවර්ධන ව්‍යවස්ථාව අනුව මන්ත්‍රින්ට පිල් මාරුව තහනම් විය. ඒ අනුව ගාමිණි දිසානායක ආදි එජාප මන්ත්‍රීන් 12 දෙනෙකුට මන්ත්‍රීකම් අහිමි විය. එහෙත් සරත් නන්ද සිල්වා විසින් දෙන ලද පක්‍ෂග්‍රාහී අධීකරණ තීන්න්දුවක් නිසා නැවත පක්‍ෂ මාරුව හෙවත් පිල් මාරුව ආරම්භ කෙරිණ. මහින්ද රාජපක්‍ෂ ජනතාව ඔහුට නොදුන් තුනෙන් දෙකේ බලයක් නිර්මානය කර ගත්තේ ඒ අසම්මත පිල් මාරුව හරහාය. එංගලන්තයේ පිල් මාරුව යනු විශිෂ්ඨයන් පමණක් ගන්නා අවදානම් සහගත පියවරකි. සත්තකින්ම කොට්ඨාශ ක්‍රමයක් පවක්නා රටක මන්ත්‍රීවරයෙකු පිල් මාරු කරන්නේ ජනතා මතය තහවුරු කිරිමක් හැටියටය. ඒ හැර ලංකවේ ජනතාව සැක කරන පරිදි සල්ලි කුට්ටි එහෙමෙහෙ කිරීමක් නොවේ. පිල් මාරුව යනු පවත්නා දේශාපාලනයේ ආසන්න දිසානතිය ප්‍රකාශ වීමකි.
නිදහස් ලංකා ඉතිහාසයේ ඓතිහාසික පෙරළියක් ඇති කළ පිල් මාරු කිහිපයකි. ඉන් එකක් 1964 නොවැම්බර් 24 දින සිදුවිය. එය එ දවස බලයේ පැවති සිරිමා බණ්ඩාරනායක සමසමාජ සභාග අණ්ඩුවට එරෙහිව ජනතා මතය සක්‍රිය වීමය. එදා සිද්ධ වුනේ රාජාසන කතාව පාර්ලිමේන්තුව තුල පරාද කිරීමය. ඒ පිල් මාරුව නිසා ආණ්ඩුවට ගෙදර යන්ට සිද්ධ විය. එය පෙළ ගැසුණේ සමසමාජ කොමියුනිස්ට් ශ්‍රී ලංකා සභාගය ලංකාවේ පත්‍ර නිදහසට අභියෝග කිරීම නිසාය.
සදාචාර විරෝධි රා පනත ඇන්.ඇම්.ගේ ගිරිදර මෝල වැනි කරුණු පෙළ ගස්වමිනි. අදත් ඒ පෙරළිය දේශපාලනයේ ආන්දෝලනාත්මක සිද්ධියකි. පසුගියදා මේ සිද්ධිය ගැන එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ දැඩි වෛරයෙන් කතා කළේය. එය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත්විය. 1964 ආණ්ඩු පෙරළීය එක්සත් ජාතික පක්‍ෂ ඉතිහාසයේ විශිෂ්ඨ සටහනකි. එහෙත් මන්ත්‍රී බුද්ධික පතිරණට අනුව එය කාලකන්නි වැඩකි. එහි පුරෝගාමින් කාලකන්නින් වෙති. එකී පුරොගාමින්ගේ දරුවන්ද කාලකන්නි ගෙවලයන් වෙති. එහෙත් රාජ්‍ය බලය විසින් නිදහස් මාධ්‍ය ගිල ගැනීම වසර 05කින් පමා කිරිම යනු දේශපාලන ජයග්‍රහණයක් පමණක් නොවේ. ජගත් මාධ්‍ය ඉතිහාසයෙහිද එය මහා ජයග්‍රහණයකි. ඒ බව ජන මාධ්‍ය රස්සාවක් හැටියට කළ බුද්ධික පතිරණ දැන නොසිටීම අවාසනාවකි.
1964දී ආණ්ඩුවෙන් එළියට පැමිණි පිරිස මෙසේය. අමාත්‍ය සී.පි.ද සිල්වා, දෙවිනුවර මන්ත්‍රී පී.පි. වික්‍රමසූරිය, මීරිගම මන්ත්‍රී විජේබාහු විජේසිංහ, මස්කෙළිය මන්ත්‍රී එඞ්මන් විජේසුරිය, පොළොන්නරුව මන්ත්‍රී ඒ.එච්.ද සිල්වා, අම්පාර මන්ත්‍රී ඉන්ද්‍රසේන සොයිසා, රත්තොට මන්ත්‍රී චන්ද්‍රසේන මුණවිර,මොනරාගල මන්ත්‍රී ඇල්බට් සිල්වා, මැද කොළඹ මන්ත්‍රී සර් රාසික් ෆරීඞ්, කැකිරාව මන්ත්‍රී ඇස්.බී. ලේනව, බලපිටිය මන්ත්‍රී ලක්‍ෂමන් ද සිල්වා, පලාත් පාලන හා නිවාස අමාත්‍ය මාතර මන්ත්‍රී මහානාම සමරවිර, රත්ගම මන්ත්‍රී ඞී.ඊ. තිලකරත්න සහ පත්කළ මන්ත්‍රී සිංගල්ටන් සැමන් ය.
මේ සංසිද්ධිය හරහා පිල් මාරුවකදී අනුගමනය කළ යුතුයයි සැලකෙන විශිෂ්ඨ සම්ප්‍රදායන් නිර්මානය විය. ඒ අනුව 1964 පක්‍ෂ මාරුව සම්බන්ධ කතාබහ අතර තම කණ්ඩායමේ සුරක්‍ෂිතභාවය ගැන කණ්ඩායම් නායක සී.පි.ද සිල්වා කොන්දේසි එජාපයට කොන්දේසි ඉදිරිපත් කර ඇත. ඒ කොන්දේසි අනුව එළඹෙන මැතිවරණය පිණීස තමන් වෙනම පක්‍ෂයකින් තරග කළ යුතුය. ඒ නව පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන ආසන සඳහා එක්සත් ජාතික පක්‍ෂය අපේක්‍ෂකයන් ඉදිරිපත් නො කළ යුතුවේ. තමා එතෙක් දැරූ අමාත්‍යාංශ බලතල පිහිටුවන නව රජය යටතේ තමාට ලබා දිය යුතුවේ. එසේම පාර්ලිමේන්තුවේ සභානායක ලෙස එක්සත් ජාතික පක්‍ෂය තමා නම් කළ යුතුවේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් සමාජවාදි පක්‍ෂය නමින් බිහිවු අළුත් පක්‍ෂය යටතේ සී.පී. ද සිල්වා මහතා 1965 මැතිවරණයට අපේක්‍ෂකයන් 32ක් ඉදිරිපත් කළේය. ඉන් 5 දෙනෙකු ජය ගත්තේය. ඒ කැකිරාව එස්.බී. ලේනව මින්නේරිය සී.පි.ද සිල්වා රත්ගම එඞ්වින් තිලකරත්න ගාල්ල විජයානන්ද දහනායක ආදි වශයෙනි. 1964 පෙරළීයට මුල්වූ අනෙක් මන්ත්‍රීන්ට ආසන අහිමි විය.
මාතරදී මහානාම සමරවිර පැරදුණේ ඡන්ද 920කිනි. දෙවිනුවර පී.පී. වික්‍රමසුරිය යන දෙදෙනාට අඩුවුණේ ඡන්ද නවසිය ගණන බැගිනි. 987කි. රත්තොට චන්ද්‍රසේන මුණවිර පැරදුණේ ඡන්ද 1118කි. එහෙම වුණේ එතෙක් රත්තොට ආසනය සංවිධානය කළ එස්.ඩබ්ලිව්. අලවතුවල ස්වාධීනව තරග කර එජාප ඡන්ද 3322ක් ලබා ගැනීම නිසාය. මොනරාගල ඇල්බට් සිල්වා ජාතික විමුක්ති පෙරමුණෙන් තරග කර පරාජය විය. මේ මැතිවරණ තොරතුරු දක්වා සිටියේ එ දවස පිල් මාරුවක් යනු හිතුවක්කාර තීරණයක් නොවන බව ඊට ජනතාව ප්‍රතික්‍රියා දක්වන බව තහවුරු කිරිමටය.
ආණ්ඩුවක් දෙදරවූ දෙවන සමූහ පිල් මාරුව සිදුවුණේ ජනාධිපති ආර්.ප්‍රේමදාස එජාප නායකයාව සිටියදීය. ඒ 1991 වසර මැද භාගයේ ක්‍රියාත්මකවූ දෝෂාභීයෝග ක්‍රියාවලියයි. එදා මේ පිල් මාරුව සඳහා එජාප මන්ත්‍රීන් 12 දෙනෙකු එක්විය. තවත් මන්ත්‍රින් තිදෙනෙකු ගාල්ල රැස්වීමේදී වේදිකාවට නැගීමය සුදානමක් තිබිණ.
එහෙත් එදා ගාල්ලට පැමිණීයේ ඉන් එක් මන්ත්‍රීවරයෙකු පමණි. තමාට ආණ්ඩුවෙන් යන ලැයිස්තුවේ 13 වෙනියා විය නොහැකි බව කියා ආපසු යන්ට ගියේය. සමහර විට ඔහු නිමල් ආර්.පිරිස් වුනාට සැක නැත. සියල්ල අවසානයේ කතානායක වරයා ප්‍රේමදාසගේ සාක්කුවට වැටිණ. දෝෂාභීයෝගය කානු පල්ලක හිරවිය. ඊට මුල්වූ ගාමිණි ලලිත් ඇතුළු එජාප මන්ත්‍රීන් 12 දෙනා ගෙදරට සිරවිය. එය මහා ශාපයකට මුල් විය.කෙටි කලක් තුල ලලිත් ප්‍රේමදාස ගාමිණි නොයන ගමන් යාමෙන් ඒ පිල්මාරුව මහ පොළොව නුහුලනා අපරාධයක් ලෙස ඉතිහාස ගතවිය.
රනිල් වික්‍රමසිංහ පාලනය නිසා එජාප මන්ත්‍රීන් එකා දෙන්නා ආණ්ුඩවට යමින් සිටි මොහොතක ගාමිනි අතුකෝරාළ එස්. බී. දිසානායක ඇතු`ථ මන්ත්‍රීන් කණ්ඩායමක් එජාපයට එක්ව චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩා දැමීය. එහි ප්‍රතිපලය ලෙස 2001දී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වෙමින් එජාප ආණ්ඩුවක් බිහිවිය. පාක්‍ෂිකයෙකුට රස්සාවක් දේශපාලනය නිසා බැට කෑ රජයේ සේවකයන්ට සහනයක් හෝ ජනතාවට වෙන කිසිදු ප්‍රතිලාභයක් නොදුන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දෙවසරක් ගතවීමට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පොළොවේ ගසා දැමුවාය. එ දවස ආණ්ඩුවෙන් එළියට පැමිණි ඒ මන්ත්‍රීන්ට යන එන මං නැතිවිය. එසේ පැමිණි හැම දෙනාම ආපසු ආණ්ඩුවට එක් වුනේ නවකයන් හැටියටය.
2001 කැරැල්ලට නායකත්ව දුන් එස්.බී. දිනානායක දෙවසරක් හිර බත් කෑවේය. 1989 මාතලේ දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම ශ්‍රීලනිප මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායකට අදත් කැබිනට් අමාත්‍ය ධුරයක් නැත. ඒ 2001දී රනිල්ට ආණ්ඩු පිහිටුවන්ට උදව් කිරීමේ ප්‍රතිපලය නිසාය. මේ තත්වය තුල එජාපයට පිල්මාරු කර පැමිණීමෙන් අනාතවන බව ඉතිහාස ගත කතාවකි. ඒ මදිවාට තිස්ස අත්තනායකලා, සජිත්ලා බුද්ධික පතිරණලා මේ කරන ප්‍රකාශ එජාපයේ ප්‍රගමනයට බාධාවකි.
පිල් මාරු කිරීමේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ ලාංකේය අත්දැකීම මෙවැන්නකි. මේ තත්වය තුල කැපවීමෙන් පදවි පුජා කොට පැමිණි දේශපාලනඥයන් ගෙවලයන් ලෙස දැකීම ගැන අඥාණ හැසිරීමකි. මේ ගැන විග්‍රහ කිරීමට තවම කාලය උදාවි නැත.
මෙහිදී කිව යුතු යමක් ඇත. ඉතිහාසයේ බොහෝ අවස්තාවල වීරයන් වුනේ ආණ්ඩුවට ගිය අය නොවේ. ආණඩුවේ සිට පිටතට පැමිණි දේශපාලනඥයන්ය. අද වනවිට බුද්ධික පතිරණලා ගෙවලයන් කියන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පිටතට ගමන් කළ ශක්තිවන්තයන්ටය. දේශපාලනයේ පමණක් නොව හැම සිද්ධියක්ම විග්‍රහකළ හැක්කේ ඒ සිද්ධිය සහ චරිත හුදෙකලා කොට නොවේ. ඉතිහාසයේ සමාන සිද්ධි සමග සංසන්ධනය කර සලකා කලතා බැලිමෙනි.