චීන ජෙනරාල් සතියකට මෙරටට

ශානිකා මාධවී 

චීන රජයේ දේශපාලණ මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ සාමාජික  සහ ආරක්ෂක  මධ්‍යම කමිටුවේ උපසභාපතිවරයා වන ජෙනරල් සූකී  ලියෑන්ගේ  ඇතුලු ඉහළ පෙළේ චීන දූතපිරිසක්  මෙරටට පැමිණ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසුරිය මහතා ඇතුලූ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් මොවුහු පිළිගනු ලැබීය. සතියක නිල සංචාරයක් සඳහා මේ පිරිස පැමිණි අතර මොවුන්ගේ සංචාරය සඳහා සියළු පහසුකම්  ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විසින් සපයයි.