පකිස්ථානය;- ත්‍රස්ත නීති හෙලා දකි.


හර්ෂි සි. පෙරේරා
පකිස්ථාන ආණ්ඩුව අලුත් නීතියක් හදුන්වා දි තිබේ. ආණ්ඩුවට අනුව එය ත්‍රස්තවාදය හා අපරාද වලට එරෙහිව සටන් කිරීම උදෙසාය. නමුත් බොහෝදෙනා එය හෙලා දකි. ඒ ආරක්ෂක අංශ වලට මිනිසුන් මරා දැමීමට දුන් බලපත්‍රයක් බව පවසමිනි. විශ්ශයෙන්ම මෙම නීතිය සිවිල් සමාජය විසින් දැඩිව හෙලා දැක තිබේ. නමුත් පාලක පක්ෂයේ සාමාජිකයින් කියන්නේ එය රටේ ආරක්ෂක තත්වය දියුණු කරනු ඇති බවයි. රටේ විපක්ෂය කියන්නේ කල යුත්තේ අලුත් නීති හදුන්වා දීම නොව පවතින නීති ක්‍රියාත්මක කොට බල ගැන්වීම බවයි. මෙම අලුත් නීතිය පකිස්ථාන ආරක්ෂක ආඥා පනත යනුවෙන් හදුන්වනු ලැබේ.