වාහන මංකොල්ලය;- සෙලින්කෝ රක්ෂණය, සෙන්කඩගල ෆිනෑන්ස් සහ පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

ලලිත් කොතලාවලගෙන් පසුවත් සෙලින්කොහි පොඩි ලලිත්ලා සිටින බවට මෙම වංචාව තවත් නිදසුනක් පමණි. මෙයට සෙන්කඩගල ෆිනෑන්ස් සහ පොලිසියද හවුල්ව ඇත. මෙවැනි වාර්තාගත නොවූ වංචා රාශියක් ඇති බවට මේ අනුව අපට අනුමාන කල හැක. රටේ රාජ්‍ය අංශයේ පමණක් නොව පුද්ගලික අංශයේද වංචා සහ දුෂණ සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ. ආසියාවේ ආශ්චර්ය බවට පත්වන්නේ සන්වර්දනයෙන්ද නැතිනම් මංකොල්ලකෑම්, වංචාව සහ දුෂනයෙන්ද? මෙම වංචාව නිසා වේදනාවට පත්වූ ප්‍රදීප් නාලක මහතා චායරුපයේ සිටි. 

 ඔබගේ අංකය – ෂඊීඛරැුෂභඪරැු1402රැු193
දිනය : 2014.02.10

හැන්නැදිගේ ප‍්‍රදිප් නාලක සොයිසා,
තිලක මාවත, 
තන්තිරිමුල්ල,
පානදුර.
දු.අ. 0714758595

2014.03.03 දිනදීය.

අධ්‍යක්ෂ විමර්ශන
ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ,
11 වන තට්ටුව,
නැගෙනහිර කු`ඵන,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එල්කන් චතුරශ‍්‍රය,
කොළඹ.

මහත්මයාණෙනි,
බරපතල වංචාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.
ඔබගේ අංක – ෂඊීඛරැුෂභඪරැු1402රැු193 හා 2014.02.10 දිනැති ලිපිය හා බැෙ`ද්. 
බරපතල වංචාවක් සිදුකර එය වසන් කර මාගේ අයිතින් අහෝසි කිරිමට ගෙන තිබෙන පියවර සංෂිප්තව ඉදිරිපත් කරන්නේ මා විසින් ඔබ වෙත එවනු ලැබූ 2014.02.20 දාතමින් යුත් පැමිණිල්ලට අමතරවව බව කාරුණිකව සලකන්න.
01. 63-0041 – ටොයෝටා කෝස්ටර් වර්ගයේ ආසන 28, වායුසමණය කරන ලද – පානදුර – කොළඹ පෞද්ගලික බස් රථයේ හිමිකරු මා වෙමි.
02. 2013.11.18 දින – මාගේ බස් රථය – කොළඹ සිට බණ්ඩාරගමට මගීන් පිරිසක් රැුගෙන ගොස්, ඔවුන්ව බණ්ඩාරගමින් බස්සවා, නැවත කිඳෙල්පිටිය හරහා පැමිණෙමින් සිටියදී, හිරණ පාලම අසලදී පෙරලූනු අතර, රියදුරු වශයෙන් කටයුතු කලේ ප‍්‍රියන්ත නැමැති, පානදුර ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි.
03. අනතුර සිදුවූයේ දිග්ගල පදිංචි ”තලපත්” යනුවෙන් හඳුන්වනු ලබන – පානදුර කොලඹ පෞද්ගලික බස් රථ හිමිකරු විසින්, මා වෙත ලබාදුන් පුද්ගලික හයර් එකක් ගොස් ආපසු එන අතරදීය.
04. මා කළ පැමි’ල්ල අනුව එදින හා පසු දින බණ්ඩාරගම පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ – පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා.
05. මාගේ දැනුම් දීම අනුව – බස් රථය රක්ෂණ කර තිබු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.සී.එල් හි සමාගමේ නිලධාරියෙකු 2013.11.18 දින අ`ඵයම 3.00 පමණ පැමිණ ජායාරූප ගෙන ගියා.
06. සෙලින්කෝ රක්ෂණ සමාගමේ, රක්ෂණ අංකය 0020131 බී 000117 වේ.
07. පසු දින එනම් 2013.11.19 දින පෙරවරු 7.00 පමණ, සෙලින්කෝ රක්ෂණ සමාගමෙන් යයි කියනු ලැබූ පුද්ගලයකු මාගේ නිවසට පැමිණි අතර, ඔහු සිද්ධිය වූ ස්ථානයට ද ගියා. ඔහු ද බස් රථයේ හා රියදුරාගේ ජායාරූප ගෙන, වාහනය ගාරේජ් එකට දමන්න කිව්වා. මා වාහනය මහවිල පිහිටි ප‍්‍රදීප් මෝටර්ස් වෙත ගෙනගොස් දැම්මා.
08. එකී නිලධාරියා – පරීක්ෂණ සිදුකරන බව පවසා, මා සතුව තිබූ සෙලින්කෝ රක්ෂණ සමාගමෙන් නිකුත්කර තිබූ කහ පැහැති කාර්ඞ් එක හා අනතුරක් සිදුවුවහොත් යන පදනමෙන් මා වෙත ලබාදී තිබූ කොළ පැහැති කොළයද රැුගෙන ගියා.
09. ගැරේජ් එකෙන් බස් රථය රෙපයාර් කිරිමට හැකි බව පවසා, රුපියල් දෙලක්ෂ හතලිස් දහසක ඇස්තමේන්තුවක් දුන්නා. රීක්න්ඩිෂන් බොඩියක් ද ඉල්ලා සිටියා. පසුව මා සෙලින්කෝ හී 011233939 ට දුරකථන ඇමතුමක් දී, ගරාජයට වාහනය දැමූ බවත්, ඇස්තමේන්තුවක් ලබාදුන් බවත් පවසා සිටියා. එ් අනුව සෙලින්කෝ රක්ෂණ සමාගමේ තවත් නිලධාරියෙකුව එතැනට එව්වා.
10. එම නිලධාරියා පවසා සිටියා මගේ බස්රථය පූර්ණ හානි කොට පාරෙන් ඉවත් කරන්න ඕනා කියා. ඔහු ගේ වචන වලින් වාහනය ‘‘ටෝටල් ලොස්ට්’’ කළ යුතු බව කියා සිටියා. මා එයට කැමතිවුනේ නැ.
11. පසුව මා – කොළඹ 02, නවම්මාවත හි පිහිටි – සෙලින්කෝ රක්ෂණ සමාගම ට ගොස් ලිඛිතව දැනම් දුන්නා, පූර්ණ හානි නොකර, බස් රථය සාදා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට.
12. සති දෙකකට පමණ පසුව සෙලින්කෝ රක්ෂණ සමාගමේ සමරකෝන් යනුවෙන් හැඳින්වූ පුද්ගලයකු, තවත් අයකු සමග නිවසට පැමිණ සිද්ධිය අදාළව ප‍්‍රකාශයක් මාගෙන් ලබා ගත්තා.
13. පසු දින නැවත පැමිණ ඔවුන්, මාව දිග්ගල පදිංචි ”තලපත්”, යනුවෙන් හඳුන්වන අයගේ නිවසට ගෙන ගොස්, ඔහුගෙන්ද ප‍්‍රකාශයක් ලබා ගත්තා.
14. පසුව එම පුද්ගලයින් 0774781457 දරන අංකය මට ලබාදුන්නා. එම අංකයට මා කතා කල විට, එයට පිළිතුරු දුන් පුද්ගලයා 0774781464 අංකයට කතා කරන ලෙස පැවසුවා. එම අංකයට අදාළ පුද්ගලයා සමරකෝන් බවද පවසා සිටියා. 0774781464 ට පළිිතුරු දුන් සමරකෝන් නැමැති පුද්ගලයා මාහට පවසා සිටියා – ”ඔයා අපිට ලක්ෂ 5ක් දෙන්න, අපි ලක්ෂ 20ක් අරන් දෙන්නම්” කියා.
15. එසේම ඔහු 0114705705 අංකයට ඉෂානි මිස්ට කතා කරන්න කිව්වා. මැය කොළඹ 02, නවම්මාවත හි පිහිටි – සෙලින්කෝ රක්ෂණ සමාගමේ නිලධාරිනයක්.
16. එ් අනුව මා එම අංකයට කතා කලා. ඉෂානි නැමැත්තිය පවසා සිටියා ”ඔයා එ් මහත්තුරු කියන විදිහට වැඩ කරන්න” කියා. පසුව ඇය රංජිත් නැමැති පුද්ගලයකුව දුරකථනයෙන් මට සම්බන්ධ කලා.
17. රංජිත් යන අය කිව්වා ඔයාගේ ලක්ෂ 20 පාස් කරලා තියෙන්නේ, ඔයා එ් මහත්තුරුන්ට කතා කරන්න කිව්වා.
18. නැවත මා සමරකෝන් නැමැත්තාට කතා කලා. එම පුද්ගලයා නැවත ලක්ෂ 5 ක් මාගේ ඉල්ලා සිටියා. මා කිව්වා මාගේ අතේ සල්ලි නැහැ, ලක්ෂ 20 ලැබුනාම එ්කෙන් දෙන්නම් කියා. එවිට ඔහු මට බැන වැදුනා. ”තමුසේ සල්ලි දෙනවා” කියා. මා නැවත මුදල් නැති බව කී විට බස් රථයේ ෂීට් විකුණලා හරි සල්ලි දෙන ලෙස ඔහු පවසා සිටියා.
19. කිසිත් කර කියා ගත නොහැකි තැන මා බස් රථයේ ෂීට් විකුනා රු: 52,000/=ක් සොයාගෙන, 0774781464 සමරකෝන් ට කතා කලා. ඔහු මට බම්බලපිටිය වජිර පාරේ වසා තිබෙන ”හවුස් ඔෆ් ෆැෂන්” එක ලඟට එන්න කිව්වා. මා එතැනට ගොස් නැවත දුරකථන ඇමතුමක් ගත්තා. එවිට ඔහු කිව්වා – අනිත් මහත්තයා ඉන්නවා ඔෆීස් එකේ, මීටර් 100ක් පානදුර පැත්තට ඉදිරියට ආ විට තිබෙන පේස්ටි‍්‍ර ෂොප් එක ලඟට එන්න කියා. එ් නුව මා එහි ගිය විට එම පුද්ගලයා එම කඬේ ඇතුලේ සිට එළියට පැමිණියා.
20. මා ගෙන ගිය මුදල් පෙන්වා ”මාලඟ තිබෙන්නේ මෙච්චරයි” කියා පැවසූ විට- ඔහු මට සුදු පැහැති හාෆ්ෂීට් කොළයක් දී, මුදල් එහි ඔතා, නැවත කොළඹ දෙසට මීටර් 50ක් පමණ ඉදිරියට ගිය විට තිබෙන ලොකු ගහ ලඟට ගෙන එන ලෙස පැවසුවා. එතැනට අනිත් මහත්තයා එ්වි කිව්වා.
21. මා ගහ ල`ගට ගොස් ටික වේලාවක් සිට නැවත සමරකෝන් නැමැත්තාට කතා කලා. එවිට 0774781457 අංකයට අදාළ පුද්ගලයා පැමිණියා. මට කොළඹට එන්න කියූ සමරකෝන් නැමැති පුද්ගලයාද පැමිණියා.
22. මා ඔවුන්ට මුදල් දී, මාගේ රක්ෂණ මුදල් වලින් ඉතුරු මුදල් අඩු කරගන්නා ලෙස මා ඉල්ලා සිටියා. මට සවස 5ට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස පවසා ඔවුන් මුදල් ද රැුගෙන පිටව ගියා.
23. මා සවස 5ට සමරකෝන් නැමැත්තාට කතා කලා. මට ඔහු කිව්වා ඔහු හා අනෙක් නිලධාරියා යාපනයේ යන බැවින්, හෙට උදේ 8.30 පසුව ඉෂානි මිස්ට හෝ රංජිත් මහත්තයාට කතා කරන්න කිව්වා.
24. 0114705705 අංකයෙන් , ඉෂානි මිස් නැමැත්තියට කතා කල විට, ඇය පැවසුවා ”ඔයා හරියට වැඬේ කරලා නැහැ, අර මහත්තුරු දෙන්නා එනකම් පොඞ්ඩක් ඉන්න” කියා.
25. පසුව දින කිහිපයකින් මා දිගින් දිගටම සමරකෝන් නැමැත්තාගේ 0774781464 අංකයට කතා කලා. කීප සැරයක්ම කතාකල විට ඔහු ප‍්‍රකාශ කලා ලොකු වැඩක ඉන්නේ, 3ට විතර කෝල් එකක් ගන්නම් කියා. නමුත් ඔහු කතා නොකල හෙයින්, මා සවස 3ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. එවිට ඔහු මට ඉෂානි මිස්ව මුනගැසී ”ඔයාගේ කැමැත්තෙන් බස් එක පෙරලූවා” කියා ලිපියක් ලියලා ඉෂානි මිස්ට දෙන්න කිව්වා.
26. මා කොළඹ 02, නවම් මාවත, අංක 46/34 හි පිහිටි ඪෂඡු ක්‍ැබඑැර ඵදඑදර ෘසඩසිසදබ වෙත ගොස් ඉෂානි නැමැත්තිය මුණගැසුනා. ඇය, මා විසින් බස් එක පෙරලූ බවට ලිපියක් ලියවා ගත්තා. ලිපිය ලිවීමට ඇය විසින් මාහට හාෆ් ෂීට් කොළ 2ක් හා පෑනක් ලබා දුන්නා. පසුව හෙට කතාකරන්න කිව්වා.
27. පසුදා මා ඉෂානි මියට කතා කලා. ඇය පැවසුවා අපි වැඬේ කරනවා ඉතුරු සල්ලි ටික අපිට දෙන්න කියා.
28. නැවත මා සමරකෝන් නැමැත්තාට කතා කලා. ඔහු පැවසුවා සල්ලි දෙන්නේ ඔයාගේ අතට නොවෙයි, ෆිනෑන්ස් කොම්පැණියට, එ් නිසා ෆිනෑන්ස් එකට ගියාම අපිට සල්ලි ගන්න බෑනේ, අපිට ඉතුරු සල්ලි ටික දෙන්න කිව්වා.
29. පසුව මා සෙන්කඩගල ෆිනෑන්ස් වෙත ගොස් එහි හර්ෂ නැමැති නිලධාරියාට විස්තර කිව්වා. ඔහු පැවසුවා ඔයා සද්ද නොකර ඉන්න, සතයක්වත් දෙන්න එපා කියා.
30. සතියකින් පමණ පසුව, සෙලින්කෝ රක්ෂණ සමාගම මට කතා කර කිව්වා ”ඔයාගේ ෆයිල් එක රිජෙක්ට් කලා, ආපහු ඇවිත් ඇපීල් එකක් දෙන්න” කිව්වා.
31. මා නැවත කොළඹ 02, නවම් මාවත, සෙලින්කෝ රක්ෂණ සමාගමේ කළමණාකරුට යොමු කරන ලද අභියාචනයක් ඉදිරිපත් කලා. එය මාගෙන් බාරගත්තේ ඉෂානි මිය. සමරකෝන් නැමැත්තා පැවසුවා, ”අපි වැඬේ කරලා දෙන්න ඉක්මනට ඉතුරු සල්ලි දෙන්න” කියා.
32.මා නැවත සෙන්කඩගල ෆිනෑන්ස් වෙත ගොස් මේ බව දන්වා සිටියා. මා එම ෆිනෑන්ස් සමාගමේ සිටම සමරකෝන් නැමැත්තාට කතා කලා. එවිට ඔහු පැවසුවා ”සල්ලි පාස් කරලා තියෙන්නේ, සතියක් ඉන්න” කියා.
33. මා නැවත සෙංකඩගල ෆිනෑන්ස් වෙත ගොස් එහි නිලධාරීන් ඉදිරියේදීම සමරකෝන් නැමැත්තාට කතා කලා. ඔහු කිව්වා වැඬේ කෙරෙනවා බයවෙන්න එපා කියා. එ් අවස්ථාවේ මුදල් ගැන කතා කලේ නැහැ.
34. සති දෙකක් පමණ යන තෙක් ඔවුන් මට හෝ මම ඔවුන්ට හෝ කතා කලේ නැහැ.
35. පසුව සෙංකඩගල ෆිනෑන්ස් වෙතින් මට කතාකර දැනුම් දුන්නා – සෙලින්කෝ රක්ෂණ සමාගම විසින් මුදල් ලබා නොදෙන බව. පසුව මා නැවත සෙංකඩගල වෙත ගොස් ඉෂානි මියට කතා කලා. ඇය කිව්වා පැනල් එකට දාලා තියෙන්නේ, අනිවාර්යෙන්ම සල්ලි පාස් වෙයි, චුට්ටක් ඉන්න කියා.
36. අනතුරුව සෙංකඩගල ෆිනෑන්ස් හී කළමණාකරු ඉෂානි මියට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඉෂානි මිය ඔහුට පවසා සිටියා මාගේ ෆයිල් එ රිජෙක්ට් කර ඇති බව.
37. පසුව දිනක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙන්නෙක් පැමිණ – මහතත්යා, අර මහත්තයලාගේ සලිල් ටික හරිනම් ඉල්ලගෙන එන්න කිව්වා කියා පැවසුවා. මා මුදල් නොමැති බව පවසා සිටියා. පසුව ඔවුන් පිටව ගියා.
38. අනතුරුව, 2014.02.10 දින සමරකෝන් නැමැති නිලධාරියා 0774881464 අංකයෙන් මාගේ 0714758595 අංකයට ඇමතුමක් දෙමින් – ”අපේ සල්ලි ටික දීපන්, නැත්තම් තොගේ ළමයින්ව කපලා ගෙඟ් දානවා, තොගේ ගෑනිව කොළඹ අරන් ගිහිල්ලා වේස ගෑනියෙක් කරලා සල්ලි හම්බ කරනවා” කියා තර්ජණය කලා. එමෙන්ම ඔහු ප‍්‍රකාශ කලා- ”අපේ ඞී.අයි.ජී.මහත්තයෙක් ඉන්නවා සිසිර මෙන්ඩිස් කියලා, එ් මහත්තයා අපිව බේරා ගන්නවා ඕන දේකින්” කිව්වා.
39. පසුව මා එදිනම (10 දින* පානදුර සහකාර පොලිස් අධිකාරී 01 – එම්.එන්.එස්.මෙන්ඩිස් වෙත ගොස් මෙම තර්ජණය කිරීම සම්බන්ධයෙන් කරුණු පවසා සිටියා. නමුත් එහි පැමිණිල්ලක් සටහන් කරගත්තේ නැහැ. ස.පො.අධිකාරීවරයා විසින් ලියන ලද තුණ්ඩුවක් සමග මාව පානදුර දකුණ පොලිසියේ මූලිස්ථාන පොලිස් පරීක්ෂක වෙත යොමු කරනු ලැබුවා.
40. එ් අනුව මා එදින (10 දින* පානදුර දකුණ පොලිසියට ගොස් මූ.පො.ප.මහේෂ් පෙරේරා මහතා හමුවුනා. එහිදී මාගේ පැමිණිල්ල සටහන් කර ගත්තා. පැමිණිලි අංකය ක්‍ෂඊ 2 283රැු138 වේ. එහිදී ද කියවා බැලීමකින් හෝ කියවා තේරුම්කර දීමකින් තොරව අත්සන් කලා.
41. මූ.පො.පරීක්ෂකවරයා සමරකෝන් නැමැත්තාට දුරකථනයෙන් කතාකර විස්තර විමසා සිටියා. ඔහු මොනවා කිව්වාදැයි මා දන්නේ නැහැ. පසුව මූ.පො.ප.වරයා, මාගේ පැමිණිල්ල සටහන් කල නිලධාරීවරයා වන උ.පො.ප.රාජේන්ද්‍ර ට පවසා සිටියා ”හරියට නීත්‍යානුකූලව ඔක්කොම හොයලා, උසාවියට දාන්න කටයුතු කරන්න” කියා.
42. 2014.02.11 දින රාත‍්‍රී 9.30 – 10.00 පමණ, මාගේ ගෙමිදුලට සුසුකී 125 යතුරු පැදියකින් ක`ඵ මහත පුද්ගලයකු හා එතරම් උස මහතා නැති පුද්ගලයකු පැමිණියා. යතුරු පැදිය පැදවූයේ ක`ඵ මහත පුද්ගලයා. පිටුපස සිටි අනෙක් පුද්ගලයා ඔහු ඇඳ සිටි ෂර්ට් එක ඔසවා ඉන ප‍්‍රදේශයේ ගසාගෙන පැමිණි පිස්තෝලයක් පෙන්වා, ”අපේ මහත්වරුන්ට කරදර කරලා, තොගේ අවසානේ මේක තමයි” කියා පිටව ගියා. මා යතුරු පැදියේ අංකය උ`ඵකැට කැබැල්ලක එ් අසල තිබූ ලයිට් කණුවේ සටහන් කර ගත්තා. එම අංකය ංද 2809 වේ.
43. පසුව මා 2014.02.12 දින පානදුර දකුණ පොලිසියට ගොස් එම අංකය උ.පො.ප.රාජේන්ද්‍රට ලබා දුන්නා.
44. එදින (12 දින* උ.පා.ප.රාජේන්ද්‍ර – කොළ 03 ක සටහන් යොදා, කොම්පඤ්ඤවීදිය, බම්බලපිටිය පොලිසිවලට පණිවුඩ ලබාදුන්නා – 2014.02.15 දින, පෙ:ව:10.00 ට – සමරකෝන්, රංජිත්, ඉෂානි හා 0774781457 දුරකථන අංකයට අදාල පුද්ගලයා ට – පානදුර දකුණ පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයට පැමිණීමට දන්වන ලෙසට. එමෙන්ම මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ පොලිස් මුරපොලට කතාකර, ංද 2809 දරණ යතුරු පැදියේ තොරතුරු ලබාගෙන දැනුම් දෙන ලෙසට දැන්වූවා.
45. මා නැවතත් දින දෙකකට පසුව – එනම්, 2014.02.14 දින, සවස 5.30 – 6.00 පමණ, පානදුර දකුණ පොලිසියට ගියා. එදින (14 දින*, උ.පො.ප.රාජේන්ද්‍ර මාහට දන්වා සිටියා ංද 2809 දරණ යතුරු පැදිය – සෙලින්කෝ මන්දිරය, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට අයත් බව.
46. එ් අවස්ථාවේදී උ.පො.ප.රාජේන්ද්‍ර පණිවුඩයක් මගින් දැනුම් දුන්නා, එම යතුරු පැදිය පදවන පුද්ගලයාට හා එය බාරව සිටින තැනැත්තාට පානදුර දකුණ පොලිසියට පැමිණෙන ලෙසට.
47. 2014.02.17 දින පානදුර දකුණ පොලිසියේ රංජිත් නැමැති නිලධාරියා ජංගම දුරකථනයකින් මට දැනුම් දුන්නා, මා කරන ලද පැමිණිල්ලක් අනුව දෙදෙනෙක් පැමිණ සිටින බැවින් මට පොලිසියට එන ලෙසට.
48. එ් අනුව මා පානදුර දකුණ පොලිසියට ගියා. උ.පො.ප.රාජේන්ද්‍ර එදින නොසිටි අතර, කරූ යනුවෙන් හඳුනුවනු ලැබූ නිලධාරියෙකු මගෙන් පැමිණ සිටි පුද්ගලයින්ව පෙන්වා අඳුනනවාද ඇසුවා. යතුරු පැදියේ පිටුපස පැමිණි, පිස්තෝලය පෙන්වා තර්ජණය කල පුද්ගලයා වෙනුවට සිටියේ වෙනත් පුද්ගලයෙක්.
49. එ් අවස්ථාවේ මාගේ මතකයේ හැටියට මූණමල්ගම යනුවෙන් හඳුන්වනු ලැබූ, උ.පො.පරීක්ෂකවරයෙකු, කරූ නැමැති නිලධාරියාට පවසා සිටියා – ”ඞී.අයි.ජී.මහත්තයා කතා කලා, මෙයාට සිවිල් අධිකරණයට යන්න කියන්න” යනුවෙන්.
50. එවිට කරූ නැමැති නිලධාරියා පවසා සිටියා මා පැමිණිල්ලක් කර ඇති බව හා පුද්ගලයෙකුව අඳුනාගත් බව.
51. එ් අවස්ථාවේ රංජිත් නැමැති නිලධාරියා මට පවසා සිටියා, ඔයාගෙන් වැඩක් නැහැ, ඔයා යන්න කියා.
52. පසුව මා පොලිසියෙන් පිටව, එ් අවස්ථාවේදීම, මා එ් නැවතත් ස.පො.අධිකාරී – එම්.එන්.එස් මෙන්ඩිස් වෙත ගොස් සිද්ධිය පවසා සිටියා. ස.පො.අධිකාරීවරයා – උ.පො.ප.මූණමල්ගමගෙන් කරුණු විමසා සිටියා.
53. පසුව ස.පො.අධිකාරීවරයා මට පවසා සිටියා ”ඔයා බය නැතුව ඉන්න, මේ පරීක්ෂණ විස්තර ඔක්කොම මං ළඟට එනවා, ආවාහම ඔයාට සාධාරණයක් ඉෂ්ඨ කරන්නම්” කියා.
54. පසුව මා දැනගත්තා, යතුරු පැදිකරුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන මුදාහැර ඇති බව.
55. 2014.02.18 දින රාත‍්‍රියේ සමරකෝන් නැමැත්තා මට දුරකථන ඇමතුමක් දෙමින් – ”පොලිසි ගිහිල්ලා උඹ අපිට කෙරුවද, උඹ පරිස්ම් වෙලා හිටපන්” කියා තර්ජණය කරනු ලැබුවා.
56. එම තර්ජණය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මා 2014.02.18 දින, සවස 5.30 පමණ පානදුර දකුණ පොලිසියට ගියා. එ් අවස්ථාවේ එහි සිටි නිලධාරියකු පවසා සිටියා නිලධාරීන් ඡුන්ද කටයුතු සඳහා ගොස් ඇති බැවින්, පැමිණිල්ල සටහන් කර ගැනීමට නොහැකි බව. එම නිලධාරියා ”සිවිල් අධිකරණයේ වැඩක් නේ ඕක” කියාගෙන යන්න ගියා.
57. මෙම සිද්ධිය අදාළව මා – 2014.01.31 දින ෂබිමර්බජැ ඊද්රා දෙ ීරස ක්බන් වෙත පැමිණිලි කරනු ලැබුවා.
58. නැවත, 2014.02.21 දින, පෙ:ව:10.33 ට – 0112929010 දරන දුරකථන අංකයෙන්- සෙංකඩගල ෆිනෑන්ස් හී ප‍්‍රාදේශීය කළමණාකරුවකු මාහට දුරකථන ඇමතුමක් දී, සෙලින්කෝ වෙතින් නිලධාරියෙකු සාකච්ජාවකට සෙංකඩගල ආයතනය වෙත පැමිණ ඇති බැවින්මාහට එහි පැමිණෙන ලෙෂ දැනුම් දුන්නා. නමුත් මා එහි ගියේ නැහැ.
59. නැවත 0772349050 අංකයෙන් උදේ 10.40 ට – සෙංකඩගල ෆිනෑන්ස් හී කළමණාකරු -විපුල නැමැත්තා ද එහි පැමිණෙන ලෙසට මට දන්ව සිටියා. එවරද මා ගියේ නැහැ.
60. නැවත මා විසින් කළමණකරු විපුල මයා වෙත ඇමතුමක් දී විමසා සිටියා, සෙලින්කෝ හී නිලධාරීන් පැමිණ සිටිනවාදැයි කියා. එවිට ඔහු පැවසුවා ඔයා එන්න, අපි එ් ගොල්ලන්ව ගෙන්ව ගන්නම් කියා.
61. නැවතත් – 2014.02.21 දින – සවස 5.40 ට පමණ, 0715652220 දරණ දුරකථන අංකයෙන්- සවස 5.40 ට පමණ, සරත් නැමත්තෙකු මාගේ ජංගම දුරකථනයට කතාකර, රු: 10,000/=ක් දෙන්නම් බස් එක බාරදෙන්න, අපි අරන් යන්නනම් කියා පවසා සිටියි.
62. මා එය ප‍්‍රතික්ෂේප කර, මා නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පවසාසිටියා. එ් පිළිබඳව මා විසින් එදින (21 දින*, සවස 6.30 පමණ, පානදුර දකුණ පොලිසියේ පැමිණිලිලක්කරනු ලැබුවා. පැමිණිලි අංකය ක්‍ෂඊ 1 145රැු329 වේ.
63. ඊට පසු දින නම්, 2014.02.22 දින අලූයම – මාහට අයත් 63 -0041 දරන ටොයෝටා කෝස්ටර් වායු සමනය කරන ලද බස් රථය – නොහඳුන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.
64. එම පැහැර ගැනීම පිළිබඳව පැමිණිලි කිරීමට මා පානදුර දකුණ පොලිසියට ගියමුත්, මාගේ පැමිණිල්ල බාරගත්තේ නැත. එ් සම්බන්ධයෙන් 2014.02.22 දින ඔබවෙත පැමිණිලි කළෙමි.
65. 2014. 02. 25 දින සවස 05ට පමණ සෙනකඩගල ෆිනෑන්ස් සමාගමේ එරියා කළමනාකරු (දුටුවොත් අඳුරා ගැනීමට හැකිය* හා සෙනකඩගල ෆිනෑන්ස් සමාගමේ පානදුර ශාඛාවේ කළමානාකරු විපුල මා නිවසට පැමිණ ‘‘ මංකොල්ලා කන ලද’’ මා ගේ බස් රථය ‘‘ මා විසින් කැමැත්තෙන් බාර දුන්න බවට සඳහන් ප‍්‍රකාශයට අත්සන් ගැනීමට ’’ උත්සහ ගනු ලැබු බව ද ප‍්‍රකාශ කරමි.
මේ පිළිබඳව තවදුරටත් ඔගේ අවධානය සඳහා පහත කරුණු ඉදිරිපත් කර සිටිමි.
1. මාගේ බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 28කි.
2. එම වාහනය මා ලබාගත්තේ – පානදුර පිහිටි සෙංකඩගල ෆිනෑන්ස් වෙතින් මසකට 
රු: 44,000/= බැගින් ගෙවීමේ ක‍්‍රමය යටතේය.

3. සෙලින්කෝ රක්ෂණ සමාගම මගින් මාගේ වාහනය රක්ෂණය කර දුන්නේද සෙංකඩගල ෆිනෑන්ස් මැදිහත්වය.
4. මාගේ වාහනයේ රක්ෂණාවරණ වටිනාකම රු: ලක්ෂ 28ක් වියයුතුමුත්, රක්ෂණය කර ඇත්තේ රු: ලක්ෂ 20ක වටිනාකමකටය.
5. මෙය පානදුර පිහිටි සෙංකඩගල ෆිනෑන්ස් සමාගම හා සෙලින්කෝ රක්ෂණ සමාගම හවුල්ව කරන ලද විශාල වංචාවකි.
6. මා ගේ පැමිණිල්ල අදාලව පොලීසියට අයුතු බලපෑම් කරන්නේ දැනට සිලෙන්කො රක්ෂණ සමාග මේ රැුකියාවක කරන හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකුවු සිසිර මෙන්ඩිස් බවද ප‍්‍රකාශ කරමි.
7. 2014.02.22 අලූයම ගෙට්ටුවේ ඉබ්බන් කඩා පැහර ගෙන ගිය මාගේ වාහනය වත්තල සිලෙන්කො යාඞ් එකේ තිබෙන බවද ප‍්‍රකාශ කරමි.
8. විශේෂයෙන් මා ප‍්‍රකාශ කර සිටින්නේ සෙලෙන්කෝ රක්ෂණ සමාගම, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම හා එක්ව මට මාගේ බස් රථය අ`ථත් වැඩියා කර ගැනීමට මුදල් ලබා දීම තෙමසක් ප‍්‍රමාද කොට, වාරික 03ක් හිඟ කරවා, බස් රථය ඔවුන් භාරයට ගෙන, වංචනිකව පුර්ණ හානි කර, සෙන්කඩගල ෆිනෑන්ස් සමාගම හා එක්ව අති විශාල මුදල් ප‍්‍රමානයක් සමාගම් දෙක අතර බෙදා ගැනිමට උත්සහ ගත් බවය.
මා ඉල්ලා සිටින්නේ,
කඩිනමින් මාගේ බස්රථය අ`ථත් වැඩියා කර ගැනීම ස`දහා වැය වන නියමිත මුදල රක්ෂණ සමාගමෙන් මුදල ලබාදෙන ලෙසට සහා,
පැහර ගෙන යන ලද මා ගේ බස් රථය මට ආපසු ගෙනවිත් බාර දිමට පියවර ගන්නා ලෙසටය.
එච්. ප‍්‍රදිප් නාලක සොයිසා
පිටපත :
අධ්‍යක්ෂ ජනරාල්,
ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය,
11 වන තට්ටුව,
නැගෙනහිර කු`ඵන,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එල්කන් චතුරශ‍්‍රය,
කොළඹ.