“මගේ අයියාව දෙන්න“ “මගේ අයියාව සැඟවා තබාගෙන සිටින්නේ කොහෙද?“යැයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වන ලද උද්ඝෝෂනයකදී දැරියකු හඞා වැලපෙමින් සිටියි. එම දැරිය වැඩිමල් සහෝදරවරුන් තිදෙනෙකුට පසු සිව්වැනියා ලෙස ඉපදුනාය. වැඩිමල් සහෝදරවරුන් දෙදෙනා අහිමිවූ අතර තෙවන සහෝදරයාද අතුරුදහන්වීමෙන් තම මව සමඟ එක්වී ඔහුව සොයමින් සිටියි.
එම දැරිය අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වන සෑම උද්ඝෝෂනයකටම සහභාගිවී තම සොහොයුරාව සොයා ගැනීමට හඞා වැලපෙමින් සිටියි. පුලියම් පොක්කනයි මුසුරන්පිටි ප්‍රදේශයෙහි ජීවත් වන එම දැරිය දර්මපුරම් මහා විද්‍යාලයේදී 8 වැනි ශ්‍රේණියේදී ඉගෙනුම් ලබයි.
ඇය ත්‍රිකුණාමලය සෙල්වනායකපුරම් ප්‍රදේශයේදී සහෝදරවරුන් තිදෙනෙකුට සිව්වැනියා ලෙස ඉපදුනු විබූසිකා නැමැති කුඩා දැරියකි. තම කුඩා කලේදීම ඇයගේ පියා හෘද ආබාධයකින් මියගොස් ඇති අතර ඇයගේ මව කුලී වැඩ කර එයින් ලැබෙන ආදායමින් ඔවුන් ජීවත්වුණි.
මෙවැනි තත්වයකදී විබූසිකාගේ වැඩිමල් සොහොයුරා ඉගෙනුම ලබමින් සිටි කාලයේදී එනම් 2006 ඔක්තෝම්බර් 20 වැනි දින නිවස අසලදී නාඳුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. ඉන්පසු ත්‍රිකුණාමලයේ සිටීමෙන් ආරක්‍ෂාවක් නොමැති හෙයින් එම දැරියගේ මව තම අනෙකුත් දරුවන් තිදෙනා සමඟ වන්නියට පැමිණ පදිංචිවිය.
එතැන් සිට යුද්දය නිසා තැනින් තැන අවතැන්ව ගොස් 2009 මැයි 5වැනි දින ආරක්‍ෂක කලාපය යැයි ප්‍රකාශණය කළ ප්‍රදේශයේදී සිටියදී එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් ඇයගේ දෙවැනි සහෝදරයාද මියගොස් තිබේ. ඉන් පසු එහි සිට අවතැන්ව ගිය විට 2009 මැයි 15වැනි දින තම තෙවැනි සහෝදරයාද අතුරුදහන්වී තිබේ.
ඉන්පසු තම මව සමඟ හමුදා පාලන ප්‍රදේශයට පැමිණි ඇය තම තුන්වැනි සහෝදරයාද අහිමිවූ බව සිතාගෙන සිටි අවස්ථාවේදී එල් එල් ආර් සි වාර්තාවෙහි තම සොහොයුරාගේ ඡායාරූපයද තිබෙන බව දැනගත්තාය. ඇය එම වාර්තාවෙහි ඇතුලත් ඡායාරූප සියල්ල බැලූ විට පුනරුත්ථාපනය ලබමින් සිටින හිටපු කොටි සාමාජිකයන්ගේ ඡායාරූප අතර තම තුන්වැනි සහෝදරයාද සිටීම දුටුවාය.
එතන් පටන් තම සොහෝදරයා ජීවතුන් අතර සිටිනවා යන සන්දෝශයෙන් ඔහුව සොයමින් තැනින් තැනට ගොස් සහෝදරයාව නිදහස් කර ගැනීමට හඞා වැලපෙමින්ද සිටියි.
එම දැරියගේ මවද තම සැමියාද නොමැතිව තම පිරිමි දරුවන් දෙදෙනෙකුව අහිමිකර තවත් දරුවෙකුව අතුරුදහන්වී ඇති අතර තම දියණිය සමඟ අතුරුදහන්වූ තම තෙවන දරුවාව සොයා සෑම උද්ඝෝෂනයකටම සහභාගිවෙමින් හඞා වැලපෙමින් සිටියි. තම දරුවා ජීවතුන් අතර කොතනක හෝ බන්‍ධනාගාරයක රඳවා තබා ඇතයි එම මවගේ විශ්වාසයවී තිබේ.
තම දරුවාව නිදහස් නොකළද ඔහු ගැන තොරතුරක් හෝ ලබාදෙන්නයි ඉල්ලා එම මව උද්ඝෝෂනවලට සහභාගිවෙමින් හඞා වැලපෙමින් සිටියි. එම දැරිය ගැන ඇයගේ මව මෙසේ පවසයි….
‘ඇය තම සහෝදරයාව ඉල්ලා හඞමින් සිටිනවා, දැන් ඉගෙනුමටද උනන්දුවක් දක්වන්නේ නැහැ, විටින් විට අයියව මතක් කරමින් අඞනවා. ඇයි අම්මේ එයාල අයියාව නිදහස් නොකරන්නේ? අයියාව රඳවා තබා තිබෙන්නේ කොහෙද? ඔවුන් තවමත් අයියාට වදහිංසා කරනවාද? අයියාව අපට දෙන්නේ කවදාද ? යැයි ප්‍රශ්ණ කරමින් ඇය හඞනවිට මම කුමක් පවසා ඇයව සනසන්නේදැයි දන්නේ නෑ.‘ ඇය පවසයි.
‘පාසලට නොගොස් මා සමඟ උද්ඝෝෂනවලට සහභාගිවෙමින් අයියාව ඉල්ලා හඩා වැලපෙමින් සිටියා, පාසලට යන්නයි පැවසූ විට මගේ අයියා ආපුදෙන් ඉන්පසු ඉගෙන ගන්නම් යැයි කිව්වා,‘ තම දියණියගේ අනාගතය සිතනවිට මහත් වේදනාවක් ඇති වන බව ඇයගේ මව පවසයි
එම දැරියද මගේ අයියා කෝ? මගේ අයියාව කොහෙද තියාගෙන ඉන්නේ? මගේ අයියාව මගෙන් උදුරාගෙන ඇයි මාව අනාථ කළේ? මට මගේ අයියා ඕනේ යැයි හඞා වැලපෙමින් සිටියදී……
දැන් ඇයවද පැහැරගෙන ගොස් තිබේ………