හොරණ දොන් පේද්‍රික් සමනල තටු සිදියි.

හර්ෂි සි. පෙරේරා

සමනළයින්ගේ තටු සිදීම දැන් පාසල්වල ඇබ්බැහිකමක් බවට පත්වී තිබේ. මේ එවන් අවස්ථාවකි. මෙය අනාගත කෙදවාචකයකි. ජනාදිපති රාජපක්ෂ ළමයෙක් දැක්කොත් වඩා ගෙන උඩ දමයි. හැබැයි ළමා අපයෝජන ගැන ඔහුට වගක් නැත. මේ සිද්දිය වාර්තා වන්නේ හොරණ දොන් පේද්‍රික් පාසලෙනි. සංවේදී වන්න. හඩක් නගන්න. මීලග ගොදුර ඔබේ දරුවා වීමට, පවත්නා වාතාවරණය තුල වැඩි සම්බාවිතාවක් තිබේ.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. ලේකම්,
බ.ප.අධ්‍යාපන අමාත්‍යංශය,
ශාවස්ති මන්දිරය,
කොළඹ.

03. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,
පළාත් අධ්‍යාපන දපාර්තමේන්තුව,
76, ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ 07.

04. ස්ථානාධිපති,
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය,
අංක 16, සුබෝධා ගොඩනැගිල්ල,
පාගොඩ පාර,
නුගේගොඩ.

05. සභාපතිනිය,
ළමා ආරක්ෂක අධිකාරිය,
330, තලවතුගොඩ පාර,
මාදිවෙල.

නීති විරෝධී ලෙස ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ඉවත් කිරීම හා
පුහුණු කඳවුරට සහභාගීවීම වැළැක්වීම මගින් අපයෝජනයට ලක් කිරීම.

………………………..විවාහක, දරුවන් 03යි,
……………………..
ලිපිනය : …………….හොරණ.
2014.03.15

……………… – අවු: 13යි,- මාගේ දියණිය වේ.
1. ඇය, ක/හොරණ ෙදාන් පේද්‍රික් මහා විද්‍යාලයේ පළමු වසරේ සිට ඉගෙනුම ලබන අතර, දැනට ……….පංතියේ ඉගෙනුම ලබයි.
2. මාගේ දියණිය පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක් වන අතර, ඇය මෙම මස 19 සිට 25 දක්වා (2014.03.19 – 25* දියතලාව හමුදා ක`දවුරේ පවත්වන පුහුණූ කඳවුරකට සහභාගීවීමට නියමිත විය.
3. එ් පුහුණු කඳවුරට සහභාගීවීම සඳහා අවශ්‍ය – පාසලේ පුහුණු වීම් වලට සහා එ් සඳහා අවශ්‍ය ඇඳුම් පැලඳුම් ලබාදුන් අතර, එ්වායේ වටිනාකම රුපියල් දහදාහකට වැඩිය.
4. මෙම විශේෂ කඳවුරට සහභාගීවීම සඳහා අවශ්‍ය පුහුණූවීම් වලට සහභාගීවීමට ඇඳුම් පැලඳුම් සූදානම් කරමින් සිටින අතර-,
2004 පෙබරවාරි මස මැද භාගයේ, 2014 මාර්තු 14 වන දිනට 10 වසර පංතිභාර ගුරු තුමියන් විසින් අධ්‍යාපන චාරිකාවක් සූදානම් කරන ලදි.
එම චාරිකාව මෙදින උදෑසන 3.30 පිටත්වීමට නියමිත විය.
5. පොලොන්නරුව පෞරාණික සිද්ධස්ථාන නැරඹීම හා වන්දනා කිරීම සඳහා වූ එම අධ්‍යාපන චාරිකාවට එක්වීමට මාගේ දියණිය කැමැත්ත පළකර, එ් සඳහා අවශ්‍ය මුදල් වන රු: 1000/= බඳින ලදි.
6. මෙම අධ්‍යාපන චාරිකාව සූදානම් කර තිබියදී, පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම භාර ගුරුතුමියන් හා ගුරුවරයා, දියතලාව විශේෂ පුහුණූ කඳවුරක් සඳහා සහභාගී වන ශිෂ්‍ය භට කණ්ඩායමේ ශිෂ්‍යාවන් සඳහා විශේෂ කඳවුරක් පාසලේ පැවැත්වීමට සූදානම් කරනු ලැබීය.
එය, 2014.03.14 පස්වරු 2.00 සිට 2014.03.15 වන දින පස්වරු 2.00 දක්වා විය.
මෙම දැනුම් දීම ලැබුනේ – 2014.03.10 වන දිනය.
7. එ් පිළිබඳව මට දැනගැනීමට ලැබුන විගස, මා ශිෂ්‍යභට කණ්ඩායම භාර ගුරුතුමිය වන නදීකා මහත්මියට, 2014.03.13 දින ඇගේ 071 2966381 දරන ජංගම දුරකථනයට කතාකොට, මාගේ දියණිය, 2014.03.14 අධ්‍යාපන චාරිකාවට යන හෙයින්, එදින රාත‍්‍රියේ කඳවුරට සහභාගීකරවීමට නොහැකි බවද, පසුදින අ`ඵයම 6.30 වන විට, දියණියව කඳවුරට සහභාගී කරවන බව දැනුම් දුන්නා.
ඇය එම කාරණයට එකඟ වුනා.
8. එ් අනුව, 2014.03.15 වන දින, අ`ඵයම මා, මාගේ දියණියව, ශිෂ්‍ය භට කණ්ඩායමේ කඳවුරට සහභාගී කරවීමට රැුගෙන ගියා.
9. එ් අවස්ථාවේ, ඉදිරියට පැමිණි ශිෂ්‍යභට කණ්ඩයම භාර, නිශාන්ත නැමැති ගුරුවයා, ඊයේ රාත‍්‍රියේ කඳවුරට සහභාගී නොවූ නිසා, මාගේ දියණියව කණ්ඩායමෙන් අයින් කල බව ප‍්‍රකාශ කලා.
10. මා එවිට, මාගේ දියණිය, අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ බවද, එ් පිළිබඳව 2014.03.14 දින ශිෂ්‍යභට කණ්ඩායම භාර, නදීකා ගුරුතුමියට කථාකොට, ඇගේ අවසරය ලබාගත් බවද කියා සිටියා.
11. එවිට, ”එ්වායෙන් මට වැඩක් නැහැ, ඔබ කවුරුවුනත් මට වැඩක් නැහැ, මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ” යි, කියා සිටියා.
12. එ් අවස්ථාවේ මා, විදුහල්පති පත්මසිරි මයාට, ඔහුගේ 0718191311 දුරකථනයට කතාකොට, සිද්ධිය වාර්තා කලා. මා ඔහුගෙන් ඉල්ලා සිටියා දියණිය වරදක් කර නැති බව හා අවසරය මත රාත‍්‍රීයේ කඳවුරට සහභාගී නොවූ බව.
13. එවිට විදුහල්පති පත්මසිරි මයා – මාගේ දියණියට අසාධාරණයක් වී ඇති බව පිළිගෙන, ඔහු මට කිව්වා ගුරුවරුන්ගෙන් කරුණූ විමසා පිළිතුරක් දෙන බව.
14. විනාඩි 15කින්, විදුහල්පති පත්මසිරි මයා, මට 034 22 64305 දුරකථනයෙන් මාගේ …………..දරන දුථනයට කතාකොට ප‍්‍රකාශ කලා, දියණියව යලිත් රැුගෙන ගොස්, කඳවුරට බාර දෙන්න කියා.
15. එ් අනුව මා, දියණියව රැුගෙන පාසලට යන්න සූදානම් වන විටම, විදුහල්පති පත්මසිරි මහතා මා අමතා, ඔහුගේ 0718191311 දුරකථනයෙන් කතාකොට කිව්වා – ගුරුවරු කැමති නැහැ, එ් නිසා එක්ක යන්න එපා කියා.
මා ඉල්ලා සිටින්නේ,
වසර තුනකට ආසන්න කාලයක් ශිෂ්‍ය භට කණ්ඩායමෙන් පුහුණූව ලබා, 2014.03.19 දියතලාව විශේෂ පුහුණූවට තෝරා ගන්නා ලද මාගේ දියණියට, පාසලේ පංති භාර ගුරුමණ්ඩලය විසින් සංවිධානය කල අධ්‍යාපන චාරිකාවට සහභාගීවීම නිසා, එම චාරිකාව සංවිධානය කර තිබියදී, එ් පිළිබඳව අවධානය යොමු නොකොට, අධ්‍යාපන චාරිකාව පවත්වන දිනයේම, සූදානම් කල – පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ පුහුණූ කඳවුරට, එදින මාගේ දියණියට සහභාගී වීමට නොහැකි වූ බව දන්වා අවසරය ගෙන තිබියදී, නිශාන්ත නැමැති ගුරුවරයාගේ අයුතු බලපෑම් නිසා, මාගේ දියණියට හිමි අවස්ථාව අහිමි කිරීම මගින් මාගේ දියණියව දැඩි මානසික බිඳ වැටීමකට ලක් කිරිම බරපතල අපයෝජනයක් හෙයින්,
1. මාගේ දියණියට- යෝජිත දියතලාව ශිෂ්‍ය භට කණ්ඩායම් පුහුණු කඳවුරට සහභාගීවීමට අවස්ථාව දෙන ලෙසටද,
2. නොපමාව, නිශාන්ත නැමැති ගුරුවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

…………………………..
පිටපත්:
1. විදුහල්පති,
ක/හොරණ ෙදාන් පේද්‍රික් මහා විද්‍යාල,
හොරණ.

2. අධ්‍යක්ෂ,
බ.ප/කළාප අධ්‍යාපන කාර්යාලය,
ක`ඵතර.